Breaking
2 Feb 2025, Sun

වංචා වසා ගන්න රාජිත ධිවර අමාත්‍යංශයට අත ගසයි

ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට කෙළ හලමින් සිටින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ධිවර අමාත්‍යංශයට බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.රාජිත ධිවර ඇමතිව සිටිය කාලය තුල තම්න් කල වංචා දුෂණ වසා ගැනිම සදහා මෙම අතපෙවිම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.මේ වන විටත්  ධිවර අමාත්‍යංශය නව සභාපතිවරයා පත්විම භාරගෙන ඇති අතර ඔහුට ඉහලින් විවිධ කණ්ඩායම් පත්කිරිමට රාජිත කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

“ධීවරයා සම්පූර්ණයෙන් අමාරුවේ දැම්මා. ඔහු වැඩකළේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට. ඔහුගේ වැරදි වැඩපිළිවෙළ නිසා බටහිර රටවල් අපේ ධීවර සම්පත් නොගෙන සිටියා. එතුළින් ධීවරයාගේ ආර්ථිකයට සිදුවූ අලාභය විශාල බවයි වත්මන් ධිවර රාජ්‍ය අමත්‍ය ඩිලිප් වෙදආරච්චි ධිවර නායකයන් රැසක් හමුවු අවස්ථාවේ පවසා තිබේ.”

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න එහි ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලයේ ධීවර ජනතාවට අවශ්‍ය ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි ඉතා සුක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ජනාධිපති අපේක්ෂකයෙකු වන අනුරුද්ධ පොල්ගම්පොළ මහතා පසුගියදා අනාවරණය කළා.

ධීවරයන්ට මුහුදු ගමන්වලදි අවශ්‍ය වන ජීවිතාරක්ෂක කබා සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර ඒ සඳහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇති බවත් අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටය. ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696කට මේම කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට ඇත. ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා අදාළ ආයතනයෙන් මේ ඉල්ලීම කර ඇතත් ඒ අවස්ථාවේ දි ද ආයතනය ප්‍රතික්ෂේප කොට තිබේ.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිත කරමින් චීනයෙන් ජීවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සඳහා අවශ්‍ය පැඩින් ලංකාවේ ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබී ඇත. මෙහි  දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගිය බවද අනාවරණය වී ඇත.

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල මහතා අවධාරණය කළේය. 

තවදුරටත් අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රාජිත සේනාරත්න විසින් චීන වෙළෙදුන්ට මෙරට මුහුදේ හොර රහසේ මාළු ඇල්ලීමට ඉඩ දුන් බවයි. හිටපු ආමාත්‍යවරයා විසින් සිදුකළ කෝටි 10කට අධික වංචාව පිළිබඳ ව තමා විසින් අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පසුගිය 23 වෙනිදා සියලු සාක්ෂි සමග පැමිණිලි කළ බව හෙතෙම අවධාරණය කළේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.