LNN SPY

බල්ලට ගිය රටේ ජනපති

Publish on: Jan 25, 2015 ජනාධිපතිවරයා යනු රටක පාලකයා බව අමුතුවෙන් කිවයුතු නැත.රටක් පාලනය කිරිමට රටේ නායකයා හුස්ම ගන්නෙක් විම පමණක් මදිබව අපි ඉතිහාසය පුරාවටම ඉගෙන ගෙන තිබේ. නායකයා විමට කොන්දක් මෙන්ම හොද පෞරුෂයක් තිබිය යුතුය. කොන්දයි, පෞරුෂයයි නැත්නම් ජාත්‍යන්තරය පමණක් නොව රටේ ඉන්න සමහරුන්ද දෙකට නමා …..අහවල් වැඩේ කරන දවස ඉක්මනින්ම උදාවනු ඇත.

මෛත්‍රීපාල යනු කොහොමත් කොන්දක් පමණක් නොව  පෞරුෂයයක් ද නැති අයෙකු බව ඔහුව දන්නා රටේ ජනතාවගෙන් හරි අඩකටත් වඩා දනී.(සමහර රූකඩ පාලකයන් තනන්නන් හැර) නමුත් තමන්ගේ හිමිජ කම් රටට මේ අකාරයට ප්‍රදර්ශණය කිරිමෙන් විනාශ වන්නේ සිරිසේනගේ මගුලක් නොව රටේ අභිමානයය.

පසුගිය දවසක  LNN ඔත්තුකරුවන් පොඩි ව්‍යායාමයකට නිදහස් චතුරශ්‍රය පැත්තට ගිය.හැමදාම වගේ මෛත්‍රී ජනපතිත් කාපුවා දිරවා ගන්න ඇවිත් සිටිය අතර මංගල යුවලක්ද ඒ අතර සිය මංගල ඡායාරූපය ගැනිමට පැමිණ සිටියා.ඔනෑම මගුලකට හොම්බ දාන් අපේ මෛත්‍රී ජනපති සිය ජාතික ඇදුමින් මගුලට පෙනිසිටි අයුරු.

නීතියයි අධීකරණ බලයයි බල්ලට ගිය රටක අපිට යන්තම් හරි සැනසෙන්න තිබුන නිදහස් චතුරශ්‍රයත් බල්ලට ලගදිම යනු ඇත.

Top