LNN SPY

ජොනීගේ අරක්කු රවී බේරයි!

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සම්බන්ධීකරණ ලේකම්වරකු නව මුදල් ඇමති රවී කරුණානායක සමග මිත්‍රත්වයක් ඇති කරගනිමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයාගේ ස්කාගාරයේ නිෂ්පාදනය කරන නීති විරෝධී මත්පැන් ව්‍යාපාරය රැකගැනීමට උත්සාහ කෙරෙමින් තිබෙන බව  LNW ඔත්තු සේවය අනාවරණය කරගෙන තිබේ. 

සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු නියමිත බදු මුදල් නොගෙවා නීති විරෝධී ලෙස රටපුරා බෙදාහරිමින් තිබෙන වයඹ ඩිස්ටිලරිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන නිසා රුපියල් කෝටි සිය ගණනක ආදායම් රජයට අහිමි කරමින් පත්වාගෙන යමින් සිටී. මේ බව හෙළි වූයේ පසුගිය 17 වනදා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් බෝතල් 60,000 නීති විරෝධී මත්පැන් බව සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වීමෙන්ය.

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට මත්පැන් ව්‍යාපාරයේ සියලුම කටයුතු කරගෙන යන්නේ හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුව සිටී ක්‍රිෂාන්ත කපුවත්ත නැමැත්තා විසින් බව හෙළිවේ. ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබූ අතර රටපුරා තිබෙන 100කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බව හෙළි වේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව මත්පැන් ගබඩා කර තැබිම, ප්‍රවාහනය තහනම් වන අතර ඒ සඳහා නීත්‍යානූකූල අවසරයක් ලබා ගත යුතුය. එසේම මත්පැන් බෝතල් 4කට වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමද නීති විරෝධීය වන අතර එසේ ප්‍රවාහනය කරන්නෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දඬුවම් කිරීමේ හැකියාවක් පවතී. එවැනි තත්වයක් තුළ අත්අඩංගුවට ගනු ලැබූ මත්පැන් බෝතල් 60,000 නීත්‍යානුකූල බව පවසමින් මුදාහැරීමේ සූදානමක් මේ වනවිට ක්‍රියාත්මක වන අතර එසේ උවහොත් දැවැන්ත මුදලක් රජයට අහිමි වන අතර රාජපක්ෂ පාලනයේ දිගුවක් බවට ඉතා කෙටි කලකින් මෙම ආණ්ඩුව පත්වීමක් පෙන්වන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

Top