Breaking
23 Feb 2025, Sun

පච කිමේ හැබෑම දක්ෂයෙකු වන මේජර් ජෙනරාල් කි‍්‍රශාන්ත ද සිල්වා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරිමේ සැබෑ අරමුණ මේ වන විට අනාවරණය වි තිබෙන බව LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු පවසයි. ටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සියල්ල අහිමි කරමින් අභූත චෝදන නැගිමේ ප්‍රධානියා වන්නේ ක‍්‍රිෂාන්ත ද සිල්වා වන අතර එම බොරු කීමේ හැකියාව යලි භාවිතයට ගෙන් ජහපලනයද කටයුතු කරන බව අනාවරණය වි තිබේ. ඒ නිදහස් උත්සවය අවසන් වි දින 18කට පසුව අලුත් බිල්ලෙක් මවා පෑමට ජහාපලකයන් කටයුතු කිරිමත් සමගය.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය (තටු කපන ලද ) රුවන් විජයවර්ධනගේ පත්තර කඩමල්ල වන ලංකාදිප පුවත් පතේ අද පලවි තිබෙන දිර්ඝ පච පුවතකින් උපුටා ගත් කොටසකි.(පරිස්සමෙන් කියවන්න)

“පසුගිය සතියේ ජාතික එකාබද්ධ රජයේ වැඩි අවධානයට ලක්ව තිබුණේ ගෙවුනු පෙබරවාරි මස 4 වැනිදා ශ‍්‍රීජයවර්ධනපුර කෝට්ටේහි පාර්ලිමෙන්තු සංකීර්ණය අසල  පැවැත්වුනු නිදහස් දින සමරුවට සහභාගීව සිටි ජනාධිපතිවරයාට හා අනෙකුත් සම්භාවනීය අමුත්තන්ට එල්ල කිරීමට සැළසුම් කර තිබී ඇතැයි කියන ප‍්‍රහාරයක්  පිළිබඳවය.

එම ප‍්‍රහාරය 1981 වසරේදී ඊජිප්තු ජනපති අන්වර් සදාත් ඝාතනය කෙරුණු පරිද්දෙන් දියත් කිරීමට තිබුණු බව සදහන් වන අතර එම ප‍්‍රහාරයේදී ආරක්ෂක රථ පෙළපාලියකට සහභාගීව සිටි ආරක්ෂක අංශ සාමාජිකයෝ කණ්ඩායමක් තම රථ වලින් බැසවිත් ජනාධිපතිවරයා ඇතුළු අමුත්තන්ට වෙඩි තබා ඔවුන් ඝාතනය කළහ.

බුද්ධි අංශ වලින් මෙම තොරතුරු ලබාගත් වහාම කි‍්‍රයාත්මකව ඇති ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඞී බස්නායක මහතා ජනපතිවරයාව දැනුම්වත් කිරීමටත්,එසේ ප‍්‍රහාරයක් එල්ලවුවහොත් එය මර්දනය කිරීමට ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමට ආරක්ෂක විශේෂඥයින් හා රැස්වීම් වට කිහිපයක්ම පැවැත්වීමටත් කටයුතු කර ඇත.ප‍්‍රහාරයෙන් ආරක්ෂා වෙන්න කළ යුතු දේ ගැන එම රැස්වීම් වලදී දීර්ඝව සාකච්ඡා කෙරුණා යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ආරංචි මාර්ගයක් පැවසීය.කෙසේ වෙතත් ලැබුණු අනතුරු ඇගවීමේ,ප‍්‍රහාරයෙන් ඉලක්ක කෙරෙන්නේ කවර  පුද්ගලයින්ද,ප‍්‍රහාරය සැළසුම් කර ඇත්තේ කවුරුන්ද ආදී වැදගත් තොරතුරු කිසිවක් සදහන්ව නොතිබුනි.ප‍්‍රහාරය ගැන ලද තොරතුරු විශ්වාස කළ හැකි මට්ටමක තිබුණු බව පැවසීමට අමතරව ඒ සම්බන්ධ වැඩි තොරතුරක් පෙර සදහන් කළ රජයේ ආරංචි මාර්ගය හෙළි නොකළේය.එම තොරතුරු ලැබුණු දිනයේ පටන් නිදහස් දින උළෙලේදී ආරක්ෂක කටයුතු දියත් කළ යුත්තේ කෙසේදැයි ආරක්ෂ විශේෂඥයින් සැළසුම් කරමින් සිටියද ඔවුන්ගේ වැඩකටයුතු  සිතුවාට වඩා පහසුවන බවක් පෙනෙන්නට තිබුණේ ජනපති සිරිසේන 67 වැනි නිදහස් දින සමරුව වැඩි සංදර්ශනයක් නොමැතවි ඉතා චාම් හා සරලව පැවැත්වීමට තීරණයක් ගෙන තිබුණු හෙයින්ය.ආරක්ෂක අංශ සතු අවි බලය ප‍්‍රදර්ශනය කිරීම හා සමරුවට ඉහළින් ගුවන්හමුදාවට අයත් ප‍්‍රහාරක යානා පියාසර කරවීම අනවශ්‍ය යැයි ජනපතිවරයාගේ තීරණය විය.එමෙන්ම උත්සවයේ කටයුතු සදහා පාසැල් ළමුන් සියගණන් සහභාගී කරගැනීමටද ඔහු විරෝධය දැක්වීය.”
 
ඉහත කතාව ගොතන ලද පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතාගේ ලගම කොල්ලෙකු බව අප LNW ආරක්ෂක විශේෂඥ වාර්තාකරු අනාවරණය කරගෙන් තිබෙන අතර ඔහු විසින් මෙම කතාව ගොතා බස්නායකට ගිල්වා තිබේ. පෙබරවාරි 4 වැනිදා සිට මේ දක්වා කිසිම් දවසක අනාවරණය නොවු මේ අකාරයේ කුමණ්ත්‍රනයක් හදිසියෙම එලියට ආවේ ඇයිද යන්න අමුතුවෙන් කිව යුතු නෑ. හෙට අනිද්දාට පච කිමේ අංක එකේ හැකියාව ඇති නව් හමුදාපතිවරයා මාධ්‍ය ඉදිරියේ මේ අමු කෙප්පය රාජ්‍ය මාධ්‍ය හරහා ජනතාවට බස්වනු ඇත. මෙම කතාව ගොතනු ලැබුවේ මිට දවස් 4කට පෙර බව අප වගකිමෙන් යුතුව අවධාරණය කිරිමට කැමැත්තෙමු.නමුත් අප ඒ සම්බන්ධයෙන් නිහඩව සිටියේ මේ තරම පුන්නක්කු කන ආරක්ෂක අමාත්‍යවරයෙකු සහිත ආරක්ෂක අමාත්‍යංශයක් අපට ඇද්ද යන්න තහවුරු කරගත යුතු නිසාවෙනි.

ඊටත් වඩා මෙම ගොතනු ලැබු කතාව හරහා රටේ හිටපු හමුදාපතිවරයා ඇතුලු හමුදා භටයන් කෙරෙහි අවිශ්වාසය වපුරමින් ඔහු යලිත් රට තුල අපකිරිතියට පත්කර තිබේ. වගකිවයුතු මාධ්‍යක් ලෙස අප එකක් කිවයුතුය තමන්ගේ බලය රැක ගැනිම් සදහා හිතළු නිර්මාණය කිරිමෙදි ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්නේනම් ඒ වැනි හිකනලුන් හෙලිකිරිමට අප දෙවරක් කල්පනා නොකරනු ඇත.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.