LNN SPY

ජන ගඟ කාල්ටන් නිවසට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවි සිය කෘතඥතාව දැක්විම සදහා දස දහස් ගණන් ජනතාව ඊයේ සහ අද රටේ බොහෝ ප්‍රදේශවලින් පිරිස් තංගල්ලේ කාල්ටන් නිවස කරා ඇදි ආ බව අප තංගල්ල වාර්තාකරු සදහන් කළා.

“මහින්ද කියන නම සදාකාලිකයි ! මොන තරම් මඩ ගැහුවත් සත්‍යය යට යන්නේ නෑ ! කොළඹ වැඩ කරන අපිට ආපහු පණ පිටින් ගෙදර යන්න පුළුවන් යුගයක් ඇති කළේ ඔබතුමා! ඒ පිනම ඇති ඔබතුමාට !”

“අපේ පණ බේරාගත් නායකයා ඔබයි. 1948ණ් පසුව බිහිවූ කොන්ද පන ඇති සිංහලයන් වෙනුවෙන් නොබියව ලෝකයට මුහුණදුන් නායකයා ඔබයි…. ඔබට තෙරුවන් සරණ වේවා.” යනුවෙන් හඩමින් ජනතාව හිටපු ජනාධිපතිවරයා ඉදිරියෙ කදුලු හලනු දක්නට ලැබුනු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top