Breaking
22 Feb 2025, Sat

යහපාලකයෝ මාධ්‍ය භීතියෙන්! යන පුවත සම්බන්ධයෙන් ලැබි ඇති පිළිතුරකි!

“දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජයගැනීමට පෙළගැසෙමු”  මහනුවර පැවති ජනරැළිය පිළිබදව මාධ්‍ය වාර්තා සදහා කෙසේ හෝ නතර කිරිමට වහාම කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකට නියෝග කල බවට අප පලකල පුවත සම්බන්ධයෙන් ජනමාධ්ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් වන මධුසංඛ අබේගුණවර්ධන නැමැත්තා පණිවිඩයක් එවා තිබේ.

පිලිතුරු දිමේ අයිතියට ගරුකරනු ලබන සත්‍ය වාර්තාකරණයේ යෙදෙන වෙබ් අධවියක් ලෙස ඔහු කල දැනුම්දිම අප එලේසම පහත දක්වා තිබේ.

“කතෘතුමනි


මෙම පුවතේ ස්ථාන දෙකම ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් නම සදහන්වේ..නමුන් මාධ්ය ලේකම් වශයෙන් ඉතා වගකීමකින් මා කියා සිටින්නේ මෙවැනි පුවතක් ගැන මා දන්නේවත් නැත.  තවද මා මෙම පුවතේ සදහන් ආකාරයකට කිසිම මහනුවර රැලියක් ගැන කිසිවකුට ප්‍රකාශයක්ද දී නැත


එබැවින් වහාම මෙම පුවත නිවරදි කරන්න”

කතෘ සටහන …

පිළිතුරු දිමේ අයිතිය යටතේ ඔබ විසින් එවන ලද නිවැරදි කිරිම ඉහත පලකර එති අතර ඔබ එවු විද්යුත් පණිවිඩයේ රූප රාමුවක්ද අප පලකර තිබේ.නමුත් කට බොරු කිවත් දිව බොරු නොකියන බව ශ්‍රි ලංකා සමාජය තුල නිරනතර භාවිතා වනුයේ ඇයි දැයි යන්න අලුත්තෙන් කියා දිය යුතු නැත.තවද ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්LNW අපගේ විශේෂ වාර්තාකරුවන් හදුනන්නේද නැති අතර අප ඔබ මේ ප්‍රකාශය කල වෙලාව සහ ස්ථානය හෙලිකිරිමෙන් ඔහුන්ව අනාවරණය කිරිමටද අප සුදානම් නැති බව මේ මොහොතේ අවධාරණය කරනු කැමැත්තෙනි.

සමහරවිට ඉදිරි දිනවලදි මෙම දැනුම් දිමට ආදාළ හඩ පටයන් අප ඔබ වෙත ගෙන එමට සුදානමින් සිටින බව පමණක් දැනුම් දිමට කැමැත්තේමු.

සත්‍ය කුමක්ද යන්න තිරණය කිරිම ජනතා පරමාධිපත්‍යයට යට බව පමණක් අවසාන වශයෙන් මතක් කරමු!

සබැඳි පුවත-යහපාලකයෝ මාධ්‍ය භීතියෙන්!

ජනමාධ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ලේකම්ගේ G+ හි සටහනකි!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.