Breaking
23 Feb 2025, Sun

ඇමතිවරුන්ට මෛත්‍රී කැපිල්ලක් -රවී කලකිරේ

පසුගියදා ආණ්ඩුවට එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ට මේ වන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය රවි කරුණානායක සහ ප්‍රබලයින් කිහිපදෙනෙකුගෙන් විවිධ කෙනෙහිලිකම් එල්ලවන බවට ආණ්ඩුවට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් ගෙනයෑමට පාර්ලිමේන්තුවේ බහුතර තබා අර්ධ බලයක් වත් නොමැති අතර එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකඟතාවය සහ සහයෝගය මත එජාපයට තවකාලිකව ආණ්ඩුවක් ගෙන යෑමට අවස්ථාව උදා වී ඇත. එසේම අග්‍රමාත්‍ය සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාව පරිදි ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා ජාතික ආණ්ඩුවක පෙළගැස්ම යටතේ කටයුතු කිරීමට අමාත්‍යධුර හිමිකර ගත්හ.

එහෙත් එලෙස අමාත්‍ය ධුර හිමි වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් මෙතෙක් සැපයීමට ආණ්ඩුව අසමත්ව කල්මරමින් සිටින බවට වාර්තාවේ. විශේෂයෙන් අමාත්‍යංශ කාර්යාල, නිල වාහන, මුදල් ප්‍රතිපාදන යනාදිය මෙතෙක් පත් වූ බොහෝ ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට ලැබී නැතැයි ඔවුහු චෝදනා කරති.

වත්මන් ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා වන රවි කරුණානායක මහතා ඇතුළු එජාප ප්‍රබලයින් කිහිපදෙනෙකු මෙලෙස ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමේදී අනවශ්‍ය කාලය විඩංගු කිරීමත්, රස්තියාදු කිරීමත් සිදුකරන බවට චෝදනා එල්ලවන අතර මෙම කෙනෙහිලිකම් හේතුවෙන් ශ්‍රීලනිප අමාත්‍යවරු කිහිපදෙනෙකු දැඩි කලකිරීමට පත්ව ඇති බවටත් වාර්තාවේ.

~~අපේ රට~~


හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.