විශේෂාංග

කරුංකා ගෙඩියටත් කෙලවු යහපාලනය

ආර්ථිකයට සම්බන්ධ කැබිනට් ඇමැතිවරයකු සිදුකරන කරුංකා පුවක් ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.දේශීය ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දෙන මුවාවෙන් අදාල ඇමැතිවරයා එම ජාවාරම පවත්වාගෙන යන බව සඳහන්.ඒ අනුව කරුංකා පුවක් කන්ටේනරයකින් අමෙරිකානු ඩොලර් පහළොස් දහසක කොමිස් මුදලක් ඇමැතිවරයා ලබාගන්නා බවයි සිංහ ප්‍රවෘත්ති වෙත වාර්තා වුණේ.සාමාන්‍යයෙන් එම කන්ටේනරයක අමෙරිකානු ඩොලර් හැත්තෑ පන්දහසක් පමණ වටිනා පුවක් අඩංගු බවයි ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ.ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට එම පුවක් අපනයනය කරනවා.

එම ව්‍යාපාරය ඉන්දුනීසියානු ව්‍යාපාරිකයන් හා මෙරට ව්‍යාපාරිකයන් අතර තිබූ ගනුදෙනුවක් බව සඳහන්.කෙසේ වෙතත් ඉන්දුනීසියාවෙන් ඉන්දියාවට පුවක් ආනයනය කිරීමේදී ඉහළ බදු මුදලක් ගෙවීමට සිදුවීම නිසා ඒවා ශ්‍රී ලංකාවට ගෙන්වා, එම පුවක් මෙරට නිෂ්පාදනයක් බවට ව්‍යාජ ලේඛන සකස් කර අදාල ගනුදෙනුව සිදුකර තිබෙනවා. ඊට හේතුවී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාව අතර වන නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ පුවක් සඳහා වන බදු මුදල් අඩුකර තිබීමයි.

ඇමැතිවරයාට හිතවත් ව්‍යාපාරිකයන් 6 දෙනකු මැදිහත්ව මේ වනවිට එම පුවක් ජාවාරම සිදුකරන බවයි වාර්තා වන්නේ.එම පුවක් ප්‍රති අපනයන ජාවාරම හේතුවෙන් දේශීය වගාකරුවන්ට උපයා ගැනීමට තිබූ විශාල ආදායමක් අහිමිවී තිබෙනවා.මේ අතර පසුගිය පාලන සමය තුළ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අනුමැතිය ලබාගැනීමට නම් අදාල ඇමැතිවරයාගේ අමෙරිකාවේ පිහිටි බැංකු ගිනුමට රුපියල් බිලියනය බැගින් බැරකළ යුතු බවට කොන්දේසියක් පනවා ඇති බවද සඳහන්.මේ අතර තෙල් අපනයනය කරන ව්‍යාපාරික ආයතනයකින්ද තෙල් මෙටි්‍රක් ටොන් එකකින් අමෙරිකානු ඩොලර් 25ක කොමිස් මුදලක්ද ඉල්ලා ඇති බව සදහන්. 

(ආෂිකා බ්‍රාහ්මණ)

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top