Breaking
23 Feb 2025, Sun

මහින්ද රැල්ල මෙතෙක් ශ්‍රීලංකා දේශපාලන ඉතිහාසයේම නොසිදුවූවකි

ජනවාරි 8 වැනිදා නිමාවූ ජනාධිපතිවරනයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයත් සමග මෙරට ජනතාව විශාල කම්පාවකට පත්වූ බවට කිසිම සැකයක් නැත.ඉන් ඉක්බිති නව ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බලය සියතට ගෙන එහි සභාපතිකමට ද පත්විය. මහින්ද රාජපක්ෂට ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු කඩවී ඔවුහූ කලකිරීමට සහ කෝපයටද පත්වී ශෝකී භාවයෙන් සිටියෝය.

”දැන් ඉතින් මහින්දගේ දේශපාලනය අවසන්” ඔහුට නැවතත් දේශපාලන කරලියට ඒමට නව නායකයා ප්‍රමුඛ එජාපය කිසි දිනක ඉඩ නොතබන බවට ජනතාව අතර මතයක් ඇතිවිය.එහෙත් දේශපාලන කරලියේ සිදුවූයේ සහ සිදුවෙමින් පවතිනුයේ කවුරුත් නොසිතූ ආශ්චාර්යයකි.පරාජය වූ මහින්ද ඉල්ලා මෙරට සිංහල බෞද්ධ ප්‍රමුඛ ප්‍රගතිශීලී බලවේග විශාල ජනබලයක් වී එතුමාගේ නායකත්වය   නැවත අයැද සිටිනුයේ පැහැදිලිවම රටේ ජාතියේ ආගමේ ආරක්ෂකයා එතුමා මිස වෙන අයෙකු නොවන නිසාය.(මේ ක්ෂණික මහින්ද රැල්ල මෙතෙක් ශ්‍රීලංකා දේශපාලන ඉතිහාසයේම නොසිදුවූවකි).

පරාජයට පත්වූ නායකයකු නැවත ඉල්ලා මාසයක්වත් ගෙවෙන්නට පෙර ජනතාව අවංකවම හද පත්ලෙන්ම දැඩිව මහින්දගේ අවශ්‍යතාවය පුන පුනා ඉල්ලා සිටීම දේශපාලන ලෝකය උණුසුම් වූ පුවතකි.(විරුද්ධවාදීන් අන්ද මන්ද වී තක්බීර්වී සිටීම ඊට හොඳම නිදසුනකි)……එතුමා වෙනුවෙන් නුගේගොඩ,මහනුවර,රත්නපුර සෙනග පිරී ඉතිරී යන රැස්වීම් සංවිධානය කල විමල්,උදය,දිනේෂ්,වාසු මෙන්ම නලීන් ද සිල්වා,ගුණදාස අමරසේකර,දයාන් ජයතිලක වැනි බුද්ධිමතුන්ද ජනතාවගේ හද ගැස්ම යුගයේ අවශ්‍යතාවය මැනවින් තේරුම් ගැනීම ගැන ජනතාවගේ ස්තූතිය ප්‍රණාමය නියත වශයෙන්ම ඔවුනට ලැබෙනු ඇත.

මේ අතර ශ්‍රීලනිපයේ සමහර උදවිය එජාප ශ්‍රීලනිප “හවුල් ආණ්ඩුවක”ඇමති කම් නියෝජ්‍ය ඇමතිකම් ලබාගෙන “ගත දැවටෙන ඒ ශීත සුළං රැලි අහෝ සැපයි කීවාලූ”මෙන් මහත් ආශාවෙන් එජාපය නිසා බලයට පත් ජනාධිපතිගේ සහ ඔහු නිසා අගමැතිවූ එජාප නායකයාගේ රජය තුල “විරාජමානව”වැජඹීමට උත්සාහ දරති.පහල මට්ටමේ අවංක ශ්‍රීලංකා කාරයින්, මහින්ද තමන්ගේ නායකයා ලෙස පිලිගන්නා පාක්ෂිකයන්,එතුමා ස්වාධීනව තරග කල ද තම ඡන්දය එතුමාට බව පවසන ගමේ උදවිය ඉදිරි මහාමැතිවරනයේදී මේ “ඇමති වරුන්ගේ”ඉදිරි දේශපාලනය තීරනය කර දීමට පුන පුනා බලා සිටිති.එවිට ඔවුන් කරපු ගොන්කම් ඔවුනටම තේරෙන දිනය උදාවනු ඇත.

අමා සිසිර දේශප්‍රිය, -මීගමුව

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.