LNN SPY

වැලිඅමුණගේ රෙදි ගැලවේ-රුපියල් කෝටි 23කට හැදු යහපාලන අපරාධ වාර්තාව මාට්ටු

රාජපක්ෂලාගෙන් කෙසේ හෝ පළිගැනීමට කටයුතු කලයුතු බවට ඉන්දිය රජය ඇතුලු බෙදුම්වාදීන් ලබාදුන් කොන්ත්‍රාත්තුව භාරගත් මෛත්‍රී-රනිල් ඇතුලු යහපාලන ආණ්ඩුවේ ඇම්බැට්ටයන් පසුගියදා ශ්‍රී ලංකන් හිටපු ලොක්කන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසමින් පුරසාරම් දෙඩවු වාර්තාව නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට අල්ලස් ලබාදි සකසා ඇති බව අනාවරණය වෙමින් තිබේ.

පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කර තිබෙන නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතාට එරෙහිව ඔහුගේ සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබෙන අක්‍රමිකතා වලට අදාළව අපරාධ පරීක්ෂණයක් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන්නැයි මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් නිර්දේශ කර තිබෙන බවයි.

අදාළ වාර්තාව සකස් කිරිම සදහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපති ලෙස පෙනි සිටිමින් රාජ්‍ය නොවන සංවිධන වල මුදල් වලින් යැපෙන ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී. වැලිඅමුණට රුපියල් කෝටි 23ක් සහ තවත් වරප්‍රසාදන් රැසක් ලබාදි තිබෙන බව අනාවරණය වි තිබේ.

රුපියල් කෝටි 23ට අමතරව හොටෙල් පහසුකම්,වාහන,ඉන්ධන,ආහාරපාන,දුරකථන වියදම්ද වෙන වෙනම ගෙවා තිබේ.

ශ්‍රීලංකා ගුවන් සේවයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ පුතෙක් මේ සදහා දායක කරගන්නා ලෙස රනිල් විසින් දුන් උපදෙස් අනුව එම පුත්‍රයා විසින් සේවකයනට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් ලබා දීමේ පොරොන්දු මත අසත්‍ය ප්‍රකශ ලබාගැනිමට කටයුතු කලද 

වැලි අමුණ විසින් ලබා දුන් මුදල් එම සේවකයන්ට ලබා නොදීම නිසා උරණ වූ සේවකයන් තිදෙනෙකු විසින් මෙම වාර්තාව සම්බන්ද තොරතුරු අසත්‍ය ඒවා බවත් ඒවා මුදල් ලබාදී ගත් ප්‍රකාෂ බවත් කියමින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට සුදානම්ව සිටින බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top