Breaking
2 Feb 2025, Sun

දුමින්ද අල්ලන වැඩේට සුදත් බාලගිරි දෝෂය හදයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා අත් අඩංගුවට ගැනිම නතර කරන ලෙස  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් නොකර සිටින ලෙස අග්‍රාමාත්‍යවරයාට එක්සත් ජාතික පක්ෂයේ රනිල්ගේ ‍පුද්ගලික ලේකම් ලෙස කටයුතු කල කුරුදු පොලු හමුදාවේ කමාන්ඩර් කෙනෙකු වන සුදත් චන්ද්‍රසේකර බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ.විවිධ අර්ථකතන දෙමින් සුදත් රනිල්ට් පවසා ඇත්තේ කෙසේ හෝ මහ මැතිවරණයට දුමින්ද ඉදිරිපත්වි ජයග්‍රහණය කරන තෙක් අත් අඩංගුවට ගැනිම නතර කරන ලෙසයි.

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාර මේ වන විට හෙලිකර ඇති නම් අතර සිටින ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කරුවන් අතර මුදල් ලබාදිමක් සම්බන්ධයෙන් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාද සිටින අතර මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වාගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාදි තිබුනා.

ඒ අනුව අද (10) දහවල් 12 වන විට රහස් පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් පැය 6 ක් ප්‍රශ්න කළ අතර එහිදි තමන්ට වෙළේ සුදා සමග සබඳතාවන් ගොඩනගා දුන් පිරිසකගේ නම් හෙලිදරව් කර තිබෙන බව LNW ඔත්තු සේවා අනාවරණය කරගෙන තිබේ.(ඒ පිළිබඳව තොරතුරු බලාපොරොත්තුවන්න)

දුමින්ද සිල්වා කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ‍රැසක් අනාවරණය කර ගෙන ඇති නමුත් ඉහලින් එල්ලවන බලපෑම් හමුවේ ප්‍රශ්ණ කිරිමකින් පමණක් නතර විමට තමන්ට සිදුව ඇති බව රහස් පොලිසිය අනාවරණය කර තිබේ.

සුදත් චන්ද්‍රසේකර යනු එක්සත් ජාතික පක්ෂය තුල සජිත් ප්‍රේමදාසගේ ගමන නතර කිරිම සදහා වෙබ් අධවි යොදාග් නිමින් විව්ධ මඩ ප්‍රචාරයන් දියත් කල අයෙකු වන අතර   ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා සමග ඉතා සමිපව කටයුතු කරන අයෙකි. මොනතරම් සමිපද යත් සුදත් චන්ද්‍රසේකරගේ හැම ගමනක්ම යැමට-එමට ඉදුම්-හිටුම් පමණක් නොවේ 18 කැලී පවා සපයන්නේ රෙනෝ ද සිල්වාය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.