LNN SPY

ආණ්ඩුවේ තනතුරු දෙන්නේ “මම”

“පසුගිය කාලේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කුවේ හිටියේ. ඒ ඉන්නකොට මම හොඳ ව්‍යාපාරිකයෙක්. හොඳම සහල් නිෂ්පාදකයා. මම ආණ්ඩුවේ කැබිනට් එකේ නොසිටියාට කැබිනට් ඇමතිවරයෙකුට වඩා වැඩි දෙයක් මට කරන්න පුළුවන්කම තිබුණා.මගේ සහෝදරයා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් වෙලා හිටියට මම ආණ්ඩුවෙන් කරගත්තු කිසිම දෙයක් නෑ. නමුත් ආණ්ඩුව අද මට ණයයි.” ඔන්න ඔහොම කිය කිය හිටපු ඩඩ්ලි සිරිසේන දැන් ආණ්ඩුවේ ඉහල තනතුරු සදහා දුෂිතයන් පත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

එහි තවත් පියවරක් ලෙස දූෂණ චෝදනා ලැබූ නිලධාරියෙකු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් වශයෙන් පත්කිරීමේ සූදානමක් තිබෙන බව වාර්තා වේ.මෙම නිලධාරියා රේගු සහකාර අධ්‍යක්ෂක වරයෙකු ලෙස කළක් සේවය කර ඇති අතර එහිදී විමර්ශන කටයුතු භාරව ලබාදුන් අතිවිශාල තීන්දු ප්‍රමාණයකින් රුපියල් කෝටි දහස් ගණනක් දෙපාර්තමේන්තුවට අහිමිකරමින් වංචාකාරී ලෙස ක්‍රියාකර ඇති බව අනාවරණය වේ.

‘පුදපු ගමන් කාපි යකා‘ සේ නව ජනාධිපතිවරයා පට්ට හොරෙක් වන පී.බී අබේකෝන්  නිල ජනාධිපති ලේකම් වරයා ලෙස පත්කලේ  ඩඩ්ලි සිරිසේන විසින් බවද මේ වනවිට අනාවරණය වී තිබේ. පෙරේදා කැසිනෝ ශාලාවක මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවක ඩඩ්ලි පවසා ඇත්තේ….

“පාඪිලී චම්පික කියල තියෙනවා ජනාධිපති ලේකම් දැම්මේ එයා කියලා…..බම්බුව…ඌට පුලුවන්ද එහේම කරන්න…මගේ අයියා කලේ මම කියන දේ….”….එයි…ග්හින් කියපන් ඌට මේ ආණ්ඩුවේ තනතුරු දෙන්නේ “මම”

Top