Breaking
23 Feb 2025, Sun

“තමුසෙගේ ඔළුව හොඳ නැද්ද…”රනිල්ගෙන් හරින්ට බැණුම් -මම චිත්ත පීඩාවෙන් ඉන්නේ ….

“තමුසෙගේ ඔළුව හොඳ නැද්ද …තමුසෙගේ කතා නිසා අන්තිමට මෛත්‍රී මහින්ද සන්ධානය භාර දුන්න……තමුසේගේ ඔලුව හොද නෑ…” යනුවෙන් ඉතාමත් පහත් අකාරයට ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දුට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ බැණ වැදි තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනපති අපේක්ෂකයා වශයෙන් සිටින විට ඔහුගේ රැස්වීම් 88 කට සහභාගී වූ බවත් ජනාධිපතිවරණ සමයේ දී සිය නිවසට පැමිණ කාලය ගත කළ බවත් ඔහු සඳහන් කළේ ය. එහෙත් ජනාධිධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල මහතාගේ නිවසට පමිණියත් තමන්ගේ නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් තමන් කෝපයට පත් වූ බවත් හරින් පවසා තිබේ.

ඒ හරීන්ගේ ගොන්කම්‍ය….වෙනසක ඇරඹූම ඌවෙන් යනුවෙන් තැන තැන තප්පුලන හරීන් ආපහුනම් ඒ ගැන කතා කරන් එකක් නැත.අපට හරින් ගැන කරන්නට තවත් හෙළිදරවුවක් තිබේ. ඒ හැම වෙලාවේම මාධ්‍ය ඉදිරියේ තමන්ගේ අධ්‍යාපණ සුදුසුකම් ගැන මහා ඉහලින් වර්ණනා කරන හරීන්ගේ සැබෑ අධ්‍යාපණ සුදුසුකම් ගැනය.

St. Joseph’s College හීඅධ්‍යපණය ලැබු හරින් ඒ ගැන වැඩිය කතාවක් නැත.නමුත් තමන් එංගලන්තයේ ලැබු අධ්‍යාපණය ගැන නිරන්තර වහසී බස් දොඩයි.නමුත් හරින් එංගලන්තයේ ඉගෙන ගත්තු බම්බුවක් නැත එංගලන්තයේ විභාග සියල්ලම අසමත්වු පසු ලැජ්ජාව වසා ගැනිමට ඔස්ට්‍රේලියාව බලාගිය හරින් එහි කාලයක් ගතකර ලංකාවට පැමිණි අතර පසුව තමන්ගේ අධ්‍යාපණය ගැන පම්පොරි ගසන අයෙකි.

ඌව මැතිවරණ සමයෙ හරින් තමන් විසින්ම එජාප නායකත්ව මණ්ඩලයට කල ප්‍රකාශය පහත කියවන්න 

මම චිත්ත පීඩාවෙන් එනම් පිස්සුවෙන්  පෙළෙනවා . ඒ ගැන මම ලංකාවේ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා. මගේ අසනීප තත්වය නිසා මට ගොඩක් ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුනා. මගේ රෝහල් ප්‍රතිකාර  වලට මට  දවස් ගණනකින් යන්න බැරිවුනා . එවැනි දවසක තමයි නොසිතු විදියට මට දෙරණ වාද පිටිය වැඩසටහනට යන්න වුනේ …

මේ රෝගයේ ලක්ෂණය තමයි තමන් කරන්නේ මොකක්ක්ද කියන්නේ මොකක්ද කියලා තමන්ම දන්නේ නැති එක . දෙරණ වාද පිටියේ සිද්ධවුණු දේවල් මට මතක නෑ . දයාසිරි අයියයි මමයි හොඳ යාලුවෝ . අපි කවදාවත් රණ්ඩුවෙලා නෑ . මට ප්‍රතිකාර කරන දොස්තරවරයා ඉන්නේ ඔරුගොඩවත්තේ . එතුමා මේ දවස්වල විදේශගතවෙලා ඉන්නේ. මේ රෝගය හඳුන්වන්නේ අදික චිත්ත පීඩාව එනම් පිස්සුව (  Dementia ) කියලා .ඒ රෝග ලක්ෂණ නිසා තමයි මට දයාසිරි ඇමතිතුමා එක්ක අනවශ්‍ය ලෙස හැසිරෙන්න සිද්ධවෙලා තියෙන්නේ . ඒ වෙනුවෙන් මම ශ්‍රී ලාංකීය සියළුම ජනතාවගෙන් සමාව ගන්නවා. මම අපේ රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් කිව්වා මේ ගැන . මට ටික කාලයක් යනකන් පාර්ලිමේන්තුවටත් එන්න එපා කියලා තියෙන්නේ .

මම ඌව පළාත් සභාවට ඡන්දය ඉල්ලනවා . තවම මට නායකතුමා හරි වචනයක් දුන්නේ නෑ . ඒ නිසා තමයි මම වචනයක් නොදුන්නේ . එත් දැන් නායකතුමා කිව්වා මට කැමති දෙයක් කරගන්න කියලා . මගේ අසනීප තත්වය ඉස්සෙල්ලම හොඳ කරගන්න කියලා තමයි අපේ තාත්තා මට නිතරම කියන්නේ . ඒ නිසා මම මගේ ප්‍රතිකාර වලට ලබන සතියේ ආසිරි රෝහලේ නවතිනවා . මට ආදරය කරන සියලුම ජනතාවට මම කියන්නේ මගේ තත්වය තේරුම් අරගෙන ඉවසලා ඉන්න . අපි ඉක්මනටම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවනවා. ඒක ස්ථීරයි

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.