විජාතික බලවේගවල මෙහෙයවීමෙන් පසුගිය ජනවාරි 8 වැනි දා මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ල නි ප ඝාතනය කෙරිණි. ජූලි 17 වැනි දා ශ්‍රී ල නි ප අනුරාධපුරයේ දී යළි උපත ලබා ඇත. අගෝස්තු 17 වැනි දා මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධාන ආණ්ඩුවක් මෛත්‍රිපාල පල පල කියමින් ඔහු ඉදිරියේ දී ම දිවුරුම් දෙනු ඇත. ඇතැමුනට අනුව සංධානය මෑතිවරණයෙන් පරාජය වනු ඇත. ඒ ගොන් කතා ගැන ප්‍රසිද්ධ කිරිඇල්ල න්‍යායට අනුව ය.

අනුරාධපුර රැස්වීමට මම ද සහභාගි වීමි. එයට හිටපු මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් සහභාගි විණි යැයි කියැවෙයි. එහි සත්‍යාසත්‍යභාවය ගැන මට කිසිවක් කිව නො හැකි ය. ඒ කෙසේ වෙතත් ශ්‍රී ල නි ප හා සංධාන ලේකම්වරු ද විපක්‍ෂ නායකයා ද එහි සිටියෝ ය. ඔවුහු ද කතා කළ අනෙක් ජ්‍යෙෂ්ඨයෝ ද මහින්ද අගමැති අපේක්‍ෂකයා බව පුන පුනා කීවෝ ය. මෛත්‍රිපාල එ ජා පක්‍ෂයේ අවශ්‍යතාව අනුව දිගින් දිගට ම කීවේ මහින්ද සංධානයේ නායකයාවත් අගමැති අපේක්‍ෂකයාවත් නොවන බව ය. ඔහු මහින්දට සංධානයෙන් නාම යෝජනා දීමටත් විරුද්ධ විය. එහෙත් ඔහුට එකින් එක ඒ සෑම අවස්ථාවක දී ම පරාජය හා පරාජය පමණක් හිමි විය. අද මහින්ද සංධාන මැතිවරණ කමිටුව මෙහෙයවන්නා පමණක් නොව අගමැති අපේක්‍ෂකයා ද වෙයි. මෛත්‍රි ආත්ම ගෞරවයක් ඇති අයකු නම් කළ යුත්තේ වාරණයකු (වාරණ නියෝග අස්සේ සැඟවෙන) නොවී ශ්‍රී ල නි ප සභාපති කමෙන් හා පක්‍ෂයෙන් ද ඉල්ලා අස්වීම ය. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහුට භූමිකාවක් නැත.

ඇතැමකු කියනු ඇත්තේ අනුරාධපුර රැස්වීමට දිස්ත්‍රික්කයේ සංධාන නායක දුමින්ද දිසානායක සහභාගි නොවීම සංධානයේ බෙදීම පෙන්නුම් කරන බව ය. එහෙත් අනුරාධපුර රැස්වීමේ සිටි කිසිවකුටවත් දුමින්ද කෙනකු ගැන මතකයක් නො වී ය. ඔහුටත් යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයේ භූමිකාවක්වත් මනාපවත් නැත. එස් බී දිසානායක වැන්නන් ගැනත් කිවහැක්කේ එවැන්නකි. ඔවුන් උන්නා ද මළා ද කියා කිසිවකු ප්‍රශ්න නොකරනු ඇත.

අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉදිරියට යයි. යළි උපන් ශ්‍රී ල නි පක්‍ෂයට යළි උපන් නායකයෙක් වෙයි. ඒ අයෝමය නායකත්වයකි. මහින්ද කොටි පරාජය කිරීමට දුන්නේ නොසැළෙන අයෝමය නායකත්වයකි. මහින්ද හමුවේ රනිල් ද මෛත්‍රිපාල ද නිවටයෝ පමණක් ම වෙති. ඔවුන් කිසිවකුටවත් මහින්ද පැරදවිය නො හැකි ය. ජනාධිපතිවරණයේ දී මහින්ද පෑරදුනේ විජාතික බලව්ගවල බොරු ප්‍රචාරවලට රැවටුණු සිංහල මුහුණක් නැති මුහුණුපොත් තරුණ පිරිසක් හා මුස්ලිම් ආගමිකවාදයේ ආධාරකරුවන් නිසා ය.

ජාතියට නව පණක් දිය හැක්කේ යළි උපන් ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයට ය. එ ජා ප 1948 සිට කර ඇත්තේ බටහිරයන්ට දණ නැමීම හා ඔවුන්ට රට පාවාදීම ය. දූෂණය භීෂණය රජ කර ඇත්තේ ඔවුන්ගේ පාලන සමයෙහි දී බව ඔවුන් වෙනුවෙන් මුදලට වැඩකරන අනුර කුමාර නොකීවාට එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වූ ජ වි පෙරමුණ ද දැන ගත යුතු ය. අද වන විට අනුර දිසානායක බටලන්ද අමතක කර ඇත්තේ එදා දිවිදුන් තම පාක්‍ෂිකයන් පාවා දෙමිනි. අද ලෝක හොරා කවුරුවත් නොව ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය වාරණ නියෝග මගින් නැතිකරන බැංකු බැඳුම්කාර රනිල් ය.

රෝසි සේනානායක මහින්දගෙන් අසා තිබුණු ප්‍රශ්නයක් වෙයි. මහින්ද දඬුවම් නොකළ වරදකරුවන් නම් කරන ලෙස ඇය ඉල්ලා ඇත. ඒ රනිල්, චන්ද්‍රිකා, රවි කරුණානායක, ප්රාජිත ආදීන් ය. මහින්ද එහි දී දඬුවම් නොකිරීමෙන් වරදක් කර ඇති බව පැහැදිලි ය. යළි උපන් ශ්‍රී ල නි ප ඒ වරද නිවැරදි කරනු ඇත.

නලින් ද සිල්වා

2015 ජූලි 19

“අතරමග හඹා යන සතුරු උණ්ඩයකට මා ගොදුරු වුවද සටන්කාමි ධජය මවුබිමේ නාමයෙන් අත්නොහරින්නයි මා සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමු…” පසුගිය ජුනි (12) මාතරදී පැවති ‘මහින්ද සමග නැගිටිමු’ තුළින් රැලි මාලාවේ 05 වැන්නට තම සුබපැතුම් එක්කරමිනි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිකුත් කල පණිවුඩයේ එලෙස සදහන්ව තිබුනා ඔබට මතක ඇත. ඒ මතකය යලි..යලිත් ආවර්ජනය කරගනිමින් අප අගෝස්තු 17 වැනිදා ජයග්‍රහණයෙන් සටන අවසන් කරන තෙක් සටන් කිරිමට අදිටන් කරගමු.

“තමන් අවසන් සටනට කැඳ වු ජනතාවගේ ආරාධනය පිළිගන්නා බවත් මර්දනයෙන්, සිරගත කිරීමෙන් හෝ දණ්ඩනයෙන් මෙම අරගලය යටපත් කළ හැකි යැයි කිසිවකු කල්පනා කරන්නේ නම් එය මුලාවක් යැයි නැවත නැවතත් තහවුරු කිරීමට තම ජන්මභූමියට එක් වු සැමට ශීර්ෂප‍්‍රණාමයෙන් යුතුව ගෞරව කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිය පණිවිඩයේ සදහන් කර තිබුනා.”

ඔබට මතකද ඔහු ජුනි 12 වැනිදා ඔබට දුන්නු පොරොන්දුව … ඔබගේ මිලග අරගල භූමිය නිසැකවම අප මුණගැසෙන භූමිය බැව් මම ඉඳුරාම ඔබ හමුවේ ප්‍රතිඥා දෙමි…..    ඔබ් ඔහු දුන් පොරොන්දු ඉටුකල නායකයෙකි….හෙට කුරුණෑගල අරගල භූමියේ ඔහු ඔබව නිසැකවම මුණ ගැසෙනු ඇත.

එම සුබපැතුම් පිණිවිඩය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

යුද අපරාධ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විමට  ශ්‍රී ලංකා රජයට ඇමරිකාව බලපෑම කල යතු බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේශ්වරන් ඇමරිකාවේ සඟරාවකට ලිපියක් ලියමින් කියා සිටි.

විශේෂයෙන්, සංහිදියාව සහ ප්‍රතිසංස්කරණය යන කටයුතු සඳහා උතුරු පළාතේ සිටින හමුදාව අඩු කිරීම, මහ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කල යුතු බවත් පසුගිය ජනාධිපතිවරණයේදි කල බලපෑම් හේතුවෙන් ලැබුනු දේවල් යලිත් අහිමි එමින් යන බවද සී.වි එම ලිපියෙන් පෙන්වා දි තිබේ.

“පසුගිය කාලයේ තිබු කුරිරු පාලනයෙන් ශ්‍රී ලංකව මිදීමට උත්සාහ කරමින් සිටියි. මෙවැනි පසුබිමකදී, ආර්ථික සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය යලි නගාසිටුවීම, ප්‍රතිසංස්කරණය සහ වගවීම යන කරුණු සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු විදේශීය රටවල් සහයෝගය ලබාදිය යුතුය.”යනුවෙන් ද  එම ලිපියේ සඳහන් කර තිබේ.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඇතුලු සමස්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයම මේ වනවිට මහින්ද රජපක්ෂ මහතා සමග එක්සත් ජාතික පක්ෂය පරාජය කිරිම වෙනුවෙන් එකට එකමුතුව සටන ආරම්භ කර තිබේන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.
“විවිධ කණ්ඩායම් පසුගිය දින කිහිපයේ පක්ෂය කඩාගෙන ගිහින් වෙනත් විකල්ප කණ්ඩායම් නිර්මාණය කිරිමට කටයුතු කලා …නමුත් අද වෙනකොට ඒ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වෙලා….ඊයේ වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග යම් හෝ අවුලක් තිබුනු හැමොමත් දැන් ඒ ප්‍රශ්ණ විසදගෙන ඉවරයි….””මේ සමගිය බලාගෙන ඉන්න බැරි ඔය සමහර කට්ටිය දැන් රටෙත් නෑ”
” මම හිතන්නේ ශ්‍රි ලංකාවේ ඉහලම ආසන සංඛ්‍යාවක් සහිතව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් අපි අගොස්තු 17 වැනිදා මැතිවරණයෙන් හදනවා එකේ දෙකක් නෑ….ඒ වගේම අපි කල්පනාකාරිව කටයුතු කරන්න ඔනෑ….මොකද බෙදුම්වාදී කුමන්ත්‍රණකරුවන් හැමතැනම ඉන්නවා..”
2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරුණු ශ්‍රී ල නි ප ජූලි 8 වැනි දා ආදාහනය කෙරිණි. 1959 දී බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප ඝාතනය නො කෙරිණි. ඉන්පසුව ද ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධාන බලයට පත්විණි. 1977 දී ජේ ආර් ජයවර්ධන බලයට පත් වී බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම්  නැති කිරීමෙන් පසුව ද ශ්‍රී ල නි ප ඝාතනය ඝාතනය කිරීමට නො හැකි විණි.

හදිසියේ දේශප්‍රේමී බවට පත් වූ පඬි දෙනක තමන්  පුනබ්භවය විශ්වාස කරන්නේ ඇයි දැයි බෞද්ධ සංදර්භයක ප්‍රශ්න කළ විට එයට පිළිතුරු දී ගත නොහැකිව ෙසෙලවල නැවත ඇතිවීම ගැන කියන පඬි විද්‍යාත්මක බෞද්ධයකු පවත්වා ගෙන යන එක්තරා කසිකබල් වෙබ් අඩවියක සඳහන් කර තිබුණේ ශ්‍රී ල නි ප ඝාතනය කෙරුණ ද ශ්‍රී ල නි ප රැකගන්න කියා සිංහල ජාතියට දිවි නසාගන්න ඉඩ දෙන්න බැහැ යනුවෙනි. ඇය නොදන්නා කරුණ නම් ශ්‍රී ල නි ප පිහිටුවීමට පෙර සිංහල ජාතිය තිබූ බව ද ඇය සිටියත් නැතත් ශ්‍රී ල නි ප ඝාතනය කිරීමෙන් පසුව ද සිංහල ජාතිය  පවතින බවත් ය. එමෙන් ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව අප කියා ඇත්තේ අද ඊයේ නො වේ.

1989 භීෂණ සමය විය. ජයවර්ධන ප්‍රේමදාස විජේවීර භීෂණය ඉහළම තලයක පැවතිණි. එකල පැවතියේ යුද්ධයක් යැයි ඊනියා දේශපාලන විචාරකයෝ නො පවසති. එය හුදෙක් ත්‍රස්තවාදය මැඩලීමක් පමණක් ලෙස හැඳින්විණි. යුද්ධයක් නොපැවති බැවින් යුද්ධාපරාධ ද නො වී ය. එකල සොල්හයිම්ලා  මෙහී නො වූහ. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ජ වි පෙ ත්‍රස්තවාදය (සෝමවංශලා එදා ත්‍රස්තවාදය මෙහෙය වූ නායකයෝ වූහ. අනුර කුමාරලා ලාල්කාන්තලා හුදු ඇටිකිච්චෝ වූහ. එහෙත් එදා සිදු වූ ඝාතනවලට අද ශාන්තුවරයන් ලෙස පෙනී සිටින ජ වි පෙ නායකයෝ ද වගකිවයුත්තෝ වෙති) මැඩලීමට එ ජා ප ආණ්ඩුවලට සහාය දුන්හ. එබැවින් ද එකල යුද්ධාපරාධ තිබෙන්නට හැකියාවක් නැත. බටහිරයන් අතින් යුද්ධාපරාධ නො කෙරෙයි!

එහෙත් දෙමළ ත්‍රස්තවාදය මැඩීමට කෙරී ඇත්තේ යුද්ධයක් යැයි බටහිරයෝ ද ඊනියා දේශපාලන විචාරකයෝ ද කියති. අභාවප්‍රාප්ත මර්වින් සිල්වා ජනමාධ්‍යවේදියා ඊළාම් යුද්ධය 1, 2, 3 ආදී වශයෙන් ඒ නම් කෙළේ ය. අද යුද්ධාපරාධ ගැන බටහිරයන් ද රාජ්‍ය නොවන පඬියන් ද එ ජා ප නායකයන් ද කතා කරන්නේ ඒ බටහිර සංකල්ප මත පදනම් වෙමිනි. කොටින්ට විරුද්ධව කෙරුණු යුද්ධාපරාධ තිබිණි නම් ජ වි පෙරමුණට ද එරෙහිව කළ යුද්ධාපරාධ තිබිය යුතු ය. රනිල් වික්‍රමසිංහ ඒ ගැන නිහඬ ඇයි? බටලන්දේ දී මරා දැමුණේ අත් අඩංගුවේ පසු වූවන් බව අමතක නොකළ යුතු ය. අඩුම තරමින් එ ජා ප සමග දීගකන ජ වි පෙ නායකයන්ට ද බටලන්ද අමතක වී ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය ද දුර්වල වූ නමුත් ඒ නොමැරි පවත්වාගෙන යෑමට මහින්ද රාජපක්‍ෂ ඇතුළු කිහිප දෙනෙක් සමත් වූහ. ඔවුහු 1989 දී බණ්ඩාරනායක ඝාතනයෙන් අවුරුදු තිහකට පසු සමරු දේශනයක් සංවිධානය කළහ. එයට බණ්ඩාරනායක මැතිණිය එතරම් කැමැත්තක් නොදැක්වූයේ ජනතා සහභාගිත්වය අඩු මට්ටමක තිබේ යැයි එතුමිය විශ්වාස කළ බැවිනි. එපමණක් නොව දේශකයකු සොයා ගැනීම ද සංවිධායක මණ්ඩලයට අසීරු කරුණක් විය. අවසානයේ දී දේශනය පැවැත්වීම මට භාර කෙරිණි. ඒ දේශනයේ මාතෘකාව වූයේ පනස්හයේ දරුවෝ යන්න ය. සංවිධායක මණ්ඩලයේ අප්‍රතිහත කැපවීම හේතුවෙන් අති විශාල පිරිසක් දේශනයට සවන් දීමට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට එක් රොක් වූහ.

ඉන්පසු අනූවේ දශකයේ මුල එංගලන්තයේ පදිංචි වී සිටි චන්ද්‍රිකා කුමාරතුංග ලංකාවට ආනයනය කර ඇය ලවා පක්‍ෂ ප්‍රතිපත්ති වෙනස් කර ශ්‍රී ල නි ප ඝාතනය කරවීමට වික්ටර් අයිවන්, ප්රාජිත ආදී පිරිසක් උත්සාහ ගත්හ. එහෙත් ඒ ව්‍යර්ථ විය. එහෙත් අද එය වෙනත් ක්‍රමයකින් සාර්ථක වී ඇත. මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකාට ද කළ නොහැකි වූ ඝාතනය සිදු කෙළේ ය. කළ යුතුව තිබුණේ ඉන් පසුවවත් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් කිරීම ය. එහෙත් ඒ නො කෙරිණි. ශ්‍රී ල නි ප නායකයෝ අපට සවන් නොදුන්හ. අදත් සවන් නො දෙති. ඒ අතර පඬියෝ හා පඬි දෙන්නු අපට උගන්වති.

නලින් ද සිල්වා


2015 ජූලි 09

එක්සත් ජාතික පක්ෂයේ නාමයෝජනා අත්සන් තැබිම ආරම්භ කර තිබුනද මේ වනවිට මැතිවරණ ව්‍යාපාරයම ඇල්මැරුනු තත්ත්වයකට පත්ව ඇති බව එජාප අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදෙන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.ඊයේ රාත්‍රීය වන විට දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රචාරක කටයුතු භාරව සිටි ව්‍යාපාරිකයන් තමන් එම කටයුත්තු වලින් ඉවත්වන බවද දන්වා තිබේ.
ඊයේ රාත්‍රීයේ එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුලු මහා මැතිවරණය සදහා නමකර තිබේන මෙහෙයුම් කමිටුව අතර පැවති සාකච්ඡා වලදි වැඩිපුරම කතාබහට ලක්ව තිබුනු කාරණාව වුයේ මැතිවරණයෙන් ලබාගත හැකි අසන සංඛ්‍යාවයි.මෙහිදි රනිල්ගේ සොහොයුරු චන්න විසින් පෙන්වා දී ඇත්තේ අවම වශයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකි ආසන සංඛ්‍යාව 55ක් පමණ වන බවත් උපරිමයක් ලෙස එය 65ක් දක්වා ඉහල යා හැකි බවයි.
සුළු ජාතිකයන්ගේ ඡන්ද වඩාත් වාසිදායක වන නමුත් ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය එම දිස්ත්‍රික්ක වල තනියම තරග වැදිම සහ ද්‍රවිධ ජාතික සන්ධානය උතුරු හා නැගෙනහිර තනිව තරග කිරිම තුල එජාපයට අවාසිදායක තත්ත්වයන් උදාකර තිබේන බවද ඔහු පෙන්වා දි තිබේ.
මේ මැතිවරණයේදි එම සුළු පක්ෂ ලබාගන්නා ආසන සංඛ්‍යාව 30කට නොවැඩි වන බවද එම සාකච්ඡා වලදි අනාවරණය වි තිබේ.ෆොන්සේකාට උපරීම ආසන 1 සහ ජනතා විමුක්ති පෙරමුණට උපරිම ආසන 2ක් ලබාගත හැකි වනු ඇති බවත් ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට හිතවත් සියලුම පක්ෂ වලට ලබාගත හැක්කේ උපරීම ආසන සංඛ්‍යාව 100ක් පමණ වන බවද ඔහුන් පෙන්වා දි තිබේ.
මේ අතර උතුරු හා නැගෙනහිර නියෝජනය කරමින් ද්‍රවිධ ජාතික සන්ධානය ආසන 20ක් ලබා ගන්නා බවට පසුගියදා කල ප්‍රකාශ කලද එය කිසිසේත්ම කල නොහැකි බව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කල පුද්ගලයින් සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී ත්‍රයිපාක්ෂික දේශපාලන සන්ධානයක් පිහිටුවා ගත් කණ්ඩායම අනාවරණය කරයි.
ඔහුන් පෙන්වා දෙන්නේ  2014 වර්ෂයේ පැවති මැතිවරණයේදී, පාර්ලිමේන්තු ආසන 22ක් ලබාගත් TNA  2010 වර්ෂයේ පැවති මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 14ක් දක්වා අඩු කරගත් බවත් උතුරේ ජනතාව පාවාදී කොළඹට වි සුර සැප විදිම නිසා එම සංඛ්‍යාව මෙවර 11 දක්වා පහතට බසිනු ඇති බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තැබිමත් සමග පක්ෂ අතර අර්බුදය උග්‍ර අතට හැරි තිබේ.
පසුගිය සදුදා සිට ආරම්භ වුනේ යහපාලන නාඩගමේ  අවසාන ජවනිකාව. මේ ජවනිකාවේ තමයි ජනතාවට පෙන්වන්නේ යහපාළනය නමින් රාජ්‍ය දේපල මැතිවරණයකදී අවභාවිතා කරන්නේ කොහොමද කියලා. අපේ විමල් වීරවංශ මැතිතුමා ඒ පිළිබදව උදාහරණ ගනණාවක් කියුවා. ඒ වගේම අද දිනයේ හදිසි ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා. ඒ රැස්වීමේදී විශේෂ ජල ව්‍යාපෘති කිහිපයක් පිළිබද භාණ්ඩාගාරයේ නිරික්ෂණයකින් තොරව අරමුදල් වෙන් කිරිමට නියමිතයි. මෙය සෘජුවම මැතිවරණය ඉලක්ක කරගත් ජල ව්‍යාපෘති කිහිපයක්. ඒ වගේම මේක පිටිපස්සේ මැතිවරණයට මුදල් සොයා ගැනිමට ටෙන්ඩර් ප්‍රධානය කිරිමේ අරමුණත් තියෙන්න පුළුවන්. යහපාලනය ගැන කථා කරන්න පෙරමුණ ගත් අයම අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පත් මැතිවරනයට අවභාවිතා කරලා තියෙනවා. ඒනිසා යහපාළනය නමින් බුක්ති විදින ලැබුණු යමපාළනයේ අවසන් ජවනිකාවත් බලමින් පහන් සංවේගය උපදවා ගන්නයි කියලා අපි ජාතියෙන් ඉල්ලා සිටිනවා.
කැප කිරිම් මතින් ජයග්‍රහණය කරා
මේ සමගිය ගැන විවිධ කටකථා පැතිරෙනවා. අපි දන්නවා දෙපාර්ෂවයක් විසින් තනි තනිවම හදපු ලැයිස්තු දෙකක් එකතු කරලා එක ලැයිස්තුවක් හදන විට දෙපාර්ශවයටම යම් යම් කැප කිරිම් කරන්න වෙනවා. අපි එම කැප කිරිම් කරන්නේ එක්සත් ජාතික පක්ෂය නතර කර යුතු නිසා. එක්සත් ජාතික පක්ෂය පරාජය කල යුතු නිසා. ඒ වගේම පසුගිය මාස 6 තුල සවිමත් උන බෙදුම්වාදයට, ආර්ථිකය කඩා වැටිමට, සංවර්ධන නතර විමටත් තිත තැබිය යුතු නිසාය. අද අපිට මතකයි එක්සත් ජාතික පක්ෂය ජග්‍රහනයේ සූත්‍රයක් විස්තර කළා කොහොද එක විස්තර කළේ. සන්ධානය දෙකට කැඩෙනවා ඒ නිසා අපි දිනනවා. ඒ සූත්‍රය අදට ගැලපුවනම් එජාපය කියන්න ඕනේ සන්ධානය දෙකට කැඩුනේ නෑ. ඒ නිසා එජාප අපි පාරදයි කියලා. මොකක්ද අපේ ජග්‍රහනයේ සූත්‍රය අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී බුලත් කොළේට ලක්ෂ 58ක් ලැබුණා, හංසයාට 62ක් ලැබුණා. මේ ලක්ෂ 58 ගෙන්න දායක වුනු සියළුම දේශපාලන පක්ෂ අද එක මිටියට මෙවරත් සන්ධානයෙන් ඉදිරිපත් වෙනවා.
එහෙම නම් මේ ලක්ෂ 58 ගෙඩිය පිටින් බුලත් කෙළේ වටේ රැදිලා තියෙනවා. කොහොමද හංසයාගේ 62 දෙමළ සන්ධානයේ හංස පැටවු ලක්ෂ 07ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුනේ හංස පැටවු ලක්ෂ 05ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා.ෆිල්ඩ් මාෂල්ෆොන්සේකාමහත්මයාගේ ප්‍රජන්ත්‍රවාදි පක්ෂයේ හංස පැටවු ලක්ෂ 02ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. හෙළ උරුමයත් සමාවන්න දැන් යහපාළන මොකක්ද කියන පක්ෂයේ පෙරමුණ මට හරියට නම මතක නෑ ටිකක් දිගයි. ඒ පක්ෂයත් ලක්ෂයක විතර හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ වර්තමාන ජනාධිපතිතුමා ලක්ෂ 03ක් විතර අරගෙන ඒ පැත්තට ගියේ. එතුමා අද ඒ ඡන්ද ටිකත් අරන් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තට නායකත්වය දෙනවා. මේ ටික ඔක්කොම එකතු වුනාම ලක්ෂ 18ක් විතර ඒ පැත්තෙන් අඩු වෙලා තියෙනවා. ඡන්ද ලක්ෂ 03කින් අපේ වැඩි වෙලා තියෙනවා. 58යි 03යි 61. 62න් 18ක් අඩු කළාම 44යි. ජනාධිපතිවරණයේ දී පක්ෂ ගොනු වෙච්ච අකාරය පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත ගොනු වීමත් සමග සලකා බලද්දි දෙපාර්ශවය අතර පරතරය ලක්ෂ 61ට ලක්ෂ 44 බවට පත්වෙලා තියෙනවා.
හැබැයි අමතක කරන්න එපා මේ දවස්වල හංසයා වෙනුවෙන් පෙනි සිටිය අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක වැනි හංස පිලේ නායකයන්ම තමයි කියන්නේ මේ ආණ්ඩුව හොරකම් කලා, මේ ආණ්ඩුව බෙදුම්වාදයට පාර කැපුවා, මේ ආණ්ඩුව
බඩු මිල අඩු කරනවා කියලා බොරු කලා, මේ ආණ්ඩුව සහන දුන්නේ නෑ කියන්නේ හංස පැටවුමයි. අපිට වඩා කියන්නේ හංස පැටවු මේ නියෝජනය වෙන්නේහංසයාට ඡන්දය දුන් පාවෙන ඡන්දයේ හඩයි. පාවෙන ඡන්ද තමන්ට ආකර්ෂනය කර ගන්නයි මේ කියන්නේ. එමෙනම් විවිධ කාරණා මත පාවෙන ඡන්ද දස ලක්ෂයක් පමණ ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිත් තියෙනවා. 44න් 10ක් ගියාම 34යි ඒ 10 මේ පැත්තට එකතු කලාම 71යි. එජාපය ලක්ෂ 34ක් ගන්නා විට අපි ඡන්ද 71යි සරල ගණිතයට අනුව  දෙගුණයකටත් වඩා ඡන්ද ලැබීමට නියමිතයි. ඒ නිසා ඉතිහාසයේ ලොකුම ජග්‍රහනය අපි කරනවා කියන්න කැමතියි.
මේ මැතිවරණය වැදගත් වන්නේ ජග්‍රහනයේ විශිෂ්ඨ බව නිසාම නොවේ අපි දන්නවා ජනතාව වෙනසක් ඉල්ලුවා ජනතාවට වෙනස දුන්නා බුදු අම්මෝ මේක නම් වෙනස, වෙනස එපෝ කියලා ජනතාව සැදිපැහැදි ඉන්නනේ වෙනස වෙනස් කරන්න. මාස 06ක් විපක්ෂයේ සිටීම නිසා ජනතාව අපිට ලක්ෂ 58ක් ඡන්දය දෙන්න බලපැ හේතුත්, ලක්ෂ ගනණනින් අප වටා එකතු වෙන්න බපලැ හොද ගුණාංග ඒ අකාරයටම රුකගෙන අපෙත් තිබුණු දුර්වල ස්ථාන හදුනා ගන්න මේ මාස 06 විවේක කාලය අපිට හේතු බුත වුනා. ඒ නිසා අපි විස්වාස කරනවා ආගෝස්තු 18 වෙනිදා එළබෙන්නේ නිදහසෙන් පසු ශ්‍රි ලංකා ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගය පමණක් නෙවෙයි නිදහස් ශ්‍රි ලංකාවේ ස්වර්ණම යුගය ආගොස්තු 18 වෙනිදායින් පසු මේ රටට අපි උදා කරනවා කියන පොරොන්දුව ප්‍රතිඥව අපි ජාතියට ලබා දෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ සටන් අතට ගැනිමත් සමග මාධ්‍ය හරහා උද්යෝගයට පත්වු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් එක්සත් ජාතික පක්ෂයේ නිරුවත රට හමුවේ අනාවරණය කරමින් සටන ආරම්භ කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමය දැඩි ලෙස විවේචනය කරමින් සිටි එජාප මන්ත‍්‍රී අපේක්‍ෂකයන් වන උපුල් ශාන්ත සන්නස්ගලට හා එස්.එම්. මරික්කාර්ට බලාපොරොත්තු නොවූ දැවැන්ත ප‍්‍රහාරයක් ස්වර්ණවාහිනිය සංග‍්‍රාමය දේශපාලන වැඩසටහනේදී එල්ල විය.

සන්ධානයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා මෙම ප‍්‍රබල ප‍්‍රහාරය එල්ල කරද්දී එජාප නියෝජිතයන් කර කියා ගත නොහැකි ලෙස සිටියහ.

නිමල් පියතිස්ස මහතා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ජාතික නිදහස් පෙරමුණු නායකයාද වන අතර වලපනේ ආසනය නියෝජනය කරයි.

 

දෙමළ ඊළාම් වීර විමුක්ති සටනේදී, ජනතාවගේ ජාතික විමුක්තිය පමණක් තමන් තුල අරමුණක් කරගෙන, යකඩ මිනිසකු ලෙස ඕනෑම බාධකයක් බිඳ දමමින් මාතෘ භූමිය ආරක්‍ෂා කල ගොඩබිම, මුහුදු සහ ගුවන් කළු කොටි ජිවිත පරිත්‍යාගයෙන් සටන් කල බවත් තමන්ගේම රටක් වෙනුවෙන් අප තබා තිබු බලාපොරොත්තු යලිත් කඩා වැටෙමින් තිබේන බව ස්විට්සර්ලන්තයේ Bern ප්‍රාන්තයෙදී කළු කොටි සැමරුම් උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කියා තිබේ.

ඊළාම් දිනාගැනිමේසටන වෙනුවෙන් තවත් දස දහස් ගණනින් වුවද ජිවිත පරිත්‍යාගයෙන් සටන් කිරිමට කළු කොටි හමුදාව සුදානම් බවයි එහිදි අවධාරණය කර ඇත්තේ.

කළු කොටි අනුස්මරණ දිනය පසුගිය 5 වන දින උත්කාර්ශවත් අන්දමින් ස්විට්සර්ලන්තයේ ජීවත් වන දෙමළ ජනතාව සමරා ඇති අතර එම අවස්ථාවට දේශපාලන රැකවරණය පතා ස්විට්සර්ලන්තයට පැමිණි සිටින මාධ්‍යවේදීන් යැයි හදුන්වන කිහිප දෙනෙකුද සහභාගී වි සිටි බව අප ස්විට්සර්ලන්ත වාර්තාකරු සදහන් කළා.

ජනතාව විසින් කළු කොටි සාමාජිකයින්ගේ ඡායාරූප වලට පුෂ්පෝපාහර දක්වා, ඔවුන්ට ගෞරවය පුදකර ඇත. පසුගිය කාලයේ සිට මේ දක්වා දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදි රජය විසින් සැළැසුම් සහගතව අඛණ්ඩව සිදුකරමින් සිටින දෙමළ ජාති ඝාතනයේ සාක්ෂියක් ලෙස ඇති “ මෙය ජාති ඝාතනයක්ද? නැද්ද?” යන වාර්තාමය චිත්‍රපටය මෙහිදි තිරගත කර තිබේ.

‘ජනතා විප්ලවයක් ඇතිකර, ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවමු’ යන ත්‍යාගි තිලිපන්ගේ අරමුණ ඉටුකර ගැනීමට අප සියළුදෙනා සමඟි බලයෙන් කටයුතු කිරීමට, සැත්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිශ්‍රයට රැස්වන ලෙසට ඉල්ලිමක්ද කර තිබේ.

 

 

 

මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හේතුවෙන් අලියා අත හැරිමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තිරණය කර තිබේන බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.

1959 සැප්තැම්බර් 26 වැනි දා බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් පසු ගමනක අවසානය නමින් කෙටි වාර්තා චිත්‍රපටියක් නිර්මාණය කෙරිණි. මට ඒ චිත්‍රපටියේ නම මතක් වූයේ එතුමා ආරම්භ කළ ශ්‍රී ල නි ප 2015 ජනවාරි 8 වැනි දා ඝාතනය කෙරී ඉන් හයමසකට පසු අද දින (2015 ජූලි 08) ආදාහනය කෙරෙන බැවිනි. ජනවාරි 8 වැනි දා බණ්ඩාරනායක මහතාගේ උපන් දිනය වීමෙන් කණගාටුව තවත් තීව්‍ර වෙයි. බණ්ඩාරනායක ඝාතනයට කැලණිය පන්සල සම්බන්ධ විය. බුද්ධරක්ඛිත හා විමලා විජේවර්ධන කැලණිය පන්සලේ කෙළිකරුවෝ වූහ.  ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙරුණේ කැලණිය පන්සලේ ප්‍රධාන දායකයකු වූ රනිල් වික්‍රමසිංහ අතිනි. මේ සිද්ධිවලින් පන්සලට අගෞරවයක් අත් නොවනු ඇත. එහෙත් දෛවයේ සරදම එබඳු ය.

මෙය ශ්‍රී ල නි ප පිළිබඳ ගුණ කථනයක් නො වේ. 1951 දී බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප බිහි කෙළේ ලිබරල් පක්‍ෂයක් ලෙස ය. එය 1952 මින්නේරිය අතුරු මැතිවරණයට පෙර මෙරට ජාතිකත්වයේ පක්‍ෂය බවට පත්වීමේ දිශාවට ගමන් ඇරඹී ය. යම් යම් අඩපාඩුකම් තිබුණ ද අවුරුදු 63ක් පමණ ශ්‍රී ල නි ප මෙරට ජාතිකත්වයේ පක්‍ෂය ලෙස ක්‍රියා කෙළේ ය. ඒ පක්‍ෂය කුමක් දැයි හඳුනා ගැනීමට බොහෝ දෙනාට නොහැකි විය. මාක්ස්වදීන් ඒ පක්‍ෂය දුටුවේ ජාතික ධනේශ්වරයේ පක්‍ෂය ලෙස ය. ජාතික විඥානය යනු ව්‍යාජ විඥානයක් ලෙස සලකන මාක්ස්වාදයට ජාතිකත්වයේ පක්‍ෂ තිබිය නො හැකි ය. ඔවුන් ජාතික ධනේශ්වරය ලෙස හැඳින්වූයේ ද ශ්‍රී ලාංකික යන හුදු භූගෝලිය අර්ථයකිනි. ශ්‍රී ල නි පක්‍ෂය පිළිබඳ වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලීම ආරම්භ කළ මාක්ස්වාදී නායකයා වූයේ එවකට විප්ලවකාරී ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයා වූ පිලිප් ගුණවර්ධන මහතා ය. එතුමා එවකටත් මාක්ස්වාදයෙන් යම් ප්‍රමාණයකට කැඩී තිබීම මෙහි දී වැදගත් වෙයි. 1956 දී මහජන එක්සත් පෙරමුණ බිහිවූයේ ප්‍රධාන වශයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ හා විප්ලවකාරි ලංකා සමසමාජ පක්‍ෂයේ සුසංයෝගයෙනි.

එහෙත් අවාසනාවකට ඒ පක්‍ෂ දෙකට වැඩි කලක් එකට ක්‍රියාත්මක වීමට නො හැකි විය. බණ්ඩාරනායක ඝාතනයට සුළු කලකට පෙර පිලිප් ගුණවර්ධන මහතාට  ආණ්ඩුවෙන් ඉවත් වීමට සිදු විය. ඒ ආණ්ඩුවේ ඇතැමුනට ම එ පෙරමුණේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති දිරවා ගත නො හැකි වීම නිසා ය. බණ්ඩාරනායක ඝාතනය හුදු පෞද්ගලික ඝාතනයක් නො වී ය. බුද්ධරක්ඛිත විමලා විජේවර්ධන දුසංයෝගයට ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නො ගැලපිණි.

ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වූයේ එහි නායකයන් නිසා ම නොව පක්‍ෂය වටා සිටි අනුගාම්කයන්, ආධාරකරුවන්, හිතවතුන් ආදීන් නිසා ය. ශ්‍රී ල නි ප ඝාතනය කිරීමට අනූවේ දශකයේ මුල උත්සාහයක් ගැණිනි. වික්ටර් අයිවන්, ප්රාජිත ආදීහු එංගලන්තයේ සිටි චන්ද්‍රිකා මෙරටට ගෙන්වා පක්‍ෂයේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට උත්සාහ ගත්හ.  කුරුඳු පොලු මංගලලා පමණක් නොව චම්පකලා ද එකල එයට ආධාර කළහ. එහෙත් පක්‍ෂයේ හිතවත්තු එයට ඉඩ නොදුන්හ. අයිවන්ලාට අකුලා ගැනීමට සිදු විය.

2005 දී මහින්ද රාජපක්‍ෂ පක්‍ෂ නායකත්වයට පත් කර ගනු ලැබිණි. එහෙත් ඒ ජනාධිපතිවරණයෙන් මාස ගණනාවකට පසුව සිදු වූවක් විය. අද අප්සරාවක් ලෙස පෙනී සිටින චන්ද්‍රිකා එදා සභාපතිත්වය අත්හැර නො ගියා ය. ඇගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය එබඳු විය. අද රනිල් මෛත්‍රිපාල දුසංයෝගය ස්තොත්‍ර ගයන්නේ් එවැනි චන්ද්‍රිකා කෙනකු වෙනුවෙනි. මහින්දගේ නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි. රට ජාතික මාවතක ම නොවූවත් බටහිර යටත්විජිත විරෝධී මාවතක ගමන් කිරීම අරඹා තිබිණි.

බටහිරයෝ හා ඉන්දියානුවෝ එකතු වූහ. මෛත්‍රිපාල නම් ගැත්තකු ආධාර කරගෙන විජාතික බලවේගවල නියෝජිතයෝ  උපක්‍රමශීලීව රනිල් පික්පොකට් අගමැති කර ජනවාරි 8 වැනි දා  ශ්‍රී ල නි ප ඝාතනය කළහ. මළේ අප්පච්චි නොව පක්‍ෂය ය. අප 1998 පෙබරවාරි 4 වැනි දා වෙල්ලස්සේ දී වේල්ස් කුමාරයා වෙනුවට වෙල්ලස්සේ කුමාරයා සමරනවිට එයට විරුද්ධව තර්ජනයෙන් අප නැවැත්වීමට උත්සාහ කළ විජිතමුන්ට මරාදමනු ලැබුයේ පක්‍ෂය බව තේරුම් ගැනීමට නොහැකි විය. බුද්ධරක්ඛිත හා විමලා බණ්ඩාරනායක මහතා ඝාතනය සැලසුම් කළ ආකාරයට විමලාගේ බැණනුවකු වූ රනිල්, සෝභිත හා රතන හිමිවරුන් සමග එකතු වී ශ්‍රී ල නි ප ඝාතනය සැලසුම් කෙළේ ය. චම්පක, සුමන්තිරන්, හකීම් ආදීහු ඩිකීලා සිඩ්නිලා වූහ. මෛත්‍රිපාල ඉටු කෙළේ සෝමාරාමගේ කාර්ය භාරය ය. ඝාතනයෙන් මාස හයකට පසු අද දින අදාහන කටයුතු සිදු කෙරෙයි. චිතකයට ගිනි තැබීම චාරිත්‍රානුකුලව නොවුණත් චන්ද්‍රිකා හා පාක්‍යසෝති (සුනේත්‍රා නියෝජනය කරමින්) අතින් සිදුවෙයි.

නලින් ද සිල්වා


2015 ජූලි 08

හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට  හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ  දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.

චතුර සේනාරත්න යනු කවුද?

වාචාල කට නිසාම දේශපාලනයේ තැනකට ආ දේශපාලඥයෙකුගේ පුතෙකි. හැකර කට හැරෙන්නට වෙනත් කිසිම් හැකියාවක් නොමැත. නොහැකියාව නිසාම පියා පක්ෂ මාරු කරමින් පැන පැන ගිය එකෙකි. ප්‍රතිපත්තියක් නැති පවුලක වැඩිමහල් පුතා චතුරය.  පුතුන් දෙදෙනෙකුගේ බාලයා ගැන මුළු රටම දනී. චතුරට කොන්ද පණ නැති රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය යූ. එන් පී ආණ්ඩුකාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නාලද ශල්‍යකර්මයකි.

එදා පටන් අද දක්වා චතුරට ඇත්තේ කෘතීම කොන්දකි. කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්ය. චතුර සේනාරත්න තම බාල සොහොයුරු එක්සත් මෙන්ම 2008 වර්ෂයේදී ගැහැණු ළමයෙකු ගෙදරට බලහත්කාරයෙන් කැන්දා ගෙන ආවේය. වෙනසකට ඇත්තේ ඇය අවුරුදු 20 ක් වූ බාල වයස්කාරියක් නොවීමයි.  ලංකාවේ සුප්‍රසිද්ධ පවුලක් වූ රාජිත සේනාරත්නගේ දරු දෙපලම නෑදෑයන් හෝ නෑදෑ හිතමිතුරන් කැඳවා විවාහ උත්සව පවත්වා විවාහ වූ දෙපලක් නොවේ. පොඩි ගැහැණු ළමයින් උස්සන් ඇවිත් ගෙදර බලහත්කාරයෙන් ගෙදර පදිංචිකොට තබා බලෙන් විවාහ වූ අය ය. චතුර කොන්ද පණ නැති එකෙක් වූවේද මලයා එක්සත් මන්දබුද්ධිකත්වයෙන් ද  උපතින්ම  පෙළෙන දරුවෙකු වූයේ තම පියාගේ දේශපාලන පාඩදකම හා ප්‍රා සංවිධානය විසින් කරන ලද මිනිස් ඝාතන නිසාය.

චතුර යනු කොන්ද පණ නැති අබ්බගාතයෙකු පමණක් නොව 2005 වර්ෂයේ සිට ට්‍රැමඩෝල් යන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙක්ද වෙයි. දහවල් 12 වෙනතෙක් නැගීටීමට නොහැකිව නිදා ගෙන සිටිනුයේ මත් ද්‍රව්‍ය භාවිතය නිසාය. ඔහුගේ දවසේ කටයුතු ඇරබෙන්නේ දහවල් 12න් පසුවය. බලහත්කාරයෙන්  ගැහැණු ළමයෙකු 2008 වර්ෂයේ තම පියාගේ කැබිනට් නිල නිවසට ගෙන ආවද මේවෙන තෙක් දරුවෙකු වැදීමට තරම් පුරුෂ ශක්තියක් නොමැත්තේ ඔහු උපතින්ම වාගේ නපුංසක ගති ඇත්තෙකු බැවිනි. ට්‍රැමඩෝල් නම් මත් පෙති අල බලයෙන් ඔහු ඕනම කතාවක් කිරීමට දක්ෂකම් පාන්නෙකි. එහෙත් කතාවේ අරුත ගැන තේරුම් ගැනීමට මොහුට හැකියාවක් නොමැත. කටපාඩම් කොට ගිරවෙකු ලෙස කිරීමට මත්ද්‍රව්‍ය පිහිටෙන් ඔහුට හැකියාව ලැබේ.

හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට  හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයේ අපට නම් කිසිදු රහසක් නොවේ.

වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ  දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දෙමිනි. දෙවන වසරෙන් එහා ඉගනීමට නොහැකිව චතුර වෛද්‍ය පිඨය හැර යන්නේ අවුරුදු 6ක් එකම වසරක කාලය ගත කරමිනි. චතුරට වෛද්‍ය පීඨය ඉවර කර නොගැනීමට ප්‍රධාන හේතුව මොලේ නැති කම නිසා පමණක් නොවේ. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමද  හේතු පාදක විය. සිය දෙමාපියන්ගේ බලපුළුවන්කාරකම වෛද්‍ය පීඨයේ ලොක්කන්ට උපරිමයෙන් යෙදෙවුවද අන්තිමේදී මේ නපුංසක අධමයාට වෛද්‍ය පිඨයෙන් ඉවත් විමට සිදු විය.

පියාගේ පව් ගෙවන මේ දරුවන් දෙදෙනා මෙලොවදීම පඩිසන් දුන් ශාපලත් ප්‍රතිඵලය.

චතුර නම් නපුංසකයාට තවම දරුවෙකු වැදීමට පුරුෂ ශක්තිය නැති වුනාට තාත්තාගෙන් හිමි වූ හැකර කට නිසා දේශපාලනය කිරීමට ඔහුට හැකියාව ඇතැයි ඔහු සිතති.

චතුර යනු නූගතෙකි, නපුංසකයෙකි,කොන්දට ඔපරේෂන් කර ඇද හැර ගත් නරියෙකි.වෙන අයට අභියෝග කිරීමට පෙර තම උඩු කමිසය ගලවා තම පපුව ප්‍රදර්ශනය කළ යුතුය. පිරිමියෙකුට හිමි පපුවේ වට ප්‍රමාණය නොමැති නපුංසක චතුරයා අඩුම තරමේ තම මුහුණේ රැවුල් ගස් 2 3 ක් වත් වවා පෙන්විය යුතුය.

ඊට පසුව තම පියාට අභියෝග කොට තම පියාගේ දේශපාලන ජීවිතය අවසාන කළ යුතුය. මක්නිසාද යත් ඔහුගේ පියා දේශපාලන අබ්බගාතයෙකු වන නිසා පළමුවෙන්ම ඔහුට සමු දීම මේ රටේ යහපතට ඉතාමත් සුභවාදි බැවිනි. එය ඔහුට නම් කළ හැකිය මන්ද යත් පියා ඔහු වැනිම චරිතයක් ඇත්තෙකු වන නිසාය. එහෙත් ඊට අමතරව දේශපාලනයට පිවිසීමට හොඳ ප්‍රතිවාදින් හොයා ගැනීමට අපහසුය. හැබැයි මංගල අඛිල රනිල් වැනි අයගේ ආශිර්වාදය නම් ඔහුට ලැබෙනවාට කිසිදු සැකයක් නොමැත.

මීට වෛද්‍ය පීඨය.

ලංකා නිවුස් වෙබ් ටුඩේ මිතුරෙකු චතුර සේනාරත්න සම්බන්ධයෙන් පුවත පිළිබඳව තවත් අනාවරණයක් කර තිබේ.


මෙතන පොඩි ඌණපූරණයක් කරන්න ඕනේ… චතුර අඩු ලකුණින් හරි යන්න A/L ලිව්වේ නෑ… උගේ තාත්තා වෙන කොල්ලෙක්ට සල්ලි දීලා විභාගෙ ලියෙව්වා. ඒ කොල්ලාව විභාගෙට ගෙනිච්චේ නන්දසිරි කියලා Driver කෙනෙක්…. යහපාලනේ ගෙනාව කියපු රාජිතයාගෙ හැටි ඔහොම තමා….

Top