Breaking
23 Feb 2025, Sun

පුදුකුඩිඉරිප්පු පොලිසිය පන්නයි- ඡන්දය දාන්නේ අපිට් ඔනෑ විදියටයි

පුදුකුඩිඉරිප්පු හා වෙරළබඩපත්තු පළාත් පාලන ආයතන මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු අද (25) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිතව ඇති අතර එම ප්‍රදේශයේ රැදි සිටින අප LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ කිසිදු ආරක්ෂක නිළධාරියෙකුට එම ප්‍රදේශට ඇතුල් විමට අවසර නැති අතර අද දහවල් වෙරළබඩපත්තු ප්‍රදේශයේ රැදි සිටි පොලිස් නිළධාරින් කිහිප දෙනෙකුට තමන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කණ්ඩායමක් යැයි පවසමින් තර්ජනය කර එළවා දමා තිබෙනවා.මිට අනතරව පුදුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ප්‍රදේශ රැසකම ආරක්ෂාවට රදවා තබා සිටි ආර්ක්ෂක අංශ සමාජිකයන් පන්නා දමා තිබේන බවද අප වාර්තාකරු සදහන් කළා.

මේ අතර අප වාර්තාකරු සදහන් කළේ ලබන 28 වැනිදා මධ්‍යස්ථාන 95 ක පැවැත්වෙන මෙම් මැතිවරණයේදි ද්‍රවිධ ජාතික සංධානය(ඉලන්කෙයි තමිල් අරසු කච්චි ) තමන්ට අවශ්‍ය ආකාරයට මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවමින් සිටින අතර තම පක්ෂයට හැර වෙනත් පක්ෂයකට ඡන්දය දිම ඊළමට යන පාර වසා ගැනිමක් බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරමින් සිටි. මේ අතර තැපැල් කාර්යාලවල ඉතුරු වි තිබෙන  නිල ඡන්ද පත්‍රිකා වල අයිතිකරුවන් කවුරුන්ද යන්න විමසිම් කොට පසුව ඔහුන්ගේ නිවස් වලට් විවිධ පුද්ගලයන් යවා තර්ජණය කර එම  නිල ඡන්ද පත්‍රිකා ලබා ගන්නා ලෙසට හිමිකරුවන පවසා තිබේ.

2011 පැවැති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මුහුදුබඩපත්තු සහ පුදුකුඩිඉරිප්පු පළාත් පාලන ආයතනවල මැතිවරණය පැවැත්වීම අධිකරණය විසින් රිට් ආඥාවක් මගින් තහනම් කරනු ලැබු අතර මෙම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම් සම්පුර්ණ කර නොමැති වීම සහ බිම් බෝම්බ ඉවත් කර නොතිබීම යන කරුණු නිසා මෙම පළාත් පාලන බල ප්‍රදේශවල මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සමක් මෙම රිට් ආඥාවට හේතු විය.

දේශපාලන පක්ෂ 5කින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් අපේක්ෂකයින් 72 දෙදෙනෙක් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභාව සඳහා නාම යොජනා භාර දී තිබු අතර, මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාව සඳහා දේශපාලන පක්ෂ 6කින් අපේක්ෂකයින් 90 දෙනෙක් නාම යෝජනා භාරදී තිබිණ.

2014 ඡන්ද හිමි නාමලේඛණයට අනුව පෙබරවාරි 28 වන දින මෙම මැතිවරණය පැවැත්වීමට නියමිතය.

ඊට අනුව ඡන්ද දායකයින් 29269 ක් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශිය සභාව සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියි.

මුහුදුබඩපත්තු ප්‍රාදේශිය සභාව සදහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් 23489 ක් සුදුසුකම් ලබා සිටී.

ඡන්ද පොල 45ක් පුදුකුඩිඉරිප්පු හි ක්‍රියාත්මක වන අතර මුහුදුබඩපත්තුවේ ඡන්ද පොළ 50ක් ක්‍රියාත්මක වෙයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.