Breaking
24 Feb 2025, Mon

කෙස් ගහෙන් මිස් වුනු මංගලගේ මහින්දාගමනය

මංගල සමරවීර ආණ්ඩුවට එක්වීමට රහස් සාකච්චා පැවැත්වීමේ ප්‍රධානම හේතුව වූයේ එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස රනිල් ඉදිරිපත් වන බව ඔහුට තහවුරු වීමත් සමගය, ඒ අනුව තවදුරටත් එජාපයේ දේශපාලනය කොට පලක් නැති බව වටහාගත්තාය, එජාපයෙන් ඉවත්වී තමන් ආණ්ඩුවට එකතුවීමට කැමැත්තෙන් සිටින බවත්, වාරාය හා ගුවන්සේවා අමාත්‍ය ධූරය තමන් වෙත ලබාදෙන ලෙස  මංගල සමරවීර ජනාධිපතිවරයාට රහස් ලිපියක් යොමුකර දැනුම් දී තිබේ., දින කිහිපයක යනතෙක් ආණ්ඩුවේ පර්ශ්වයෙන් තමන්ට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා මංගල අන්තිමේදී බලා සිට බැරිම තැන තීන්දුවක් ගත්තේය, ඒ තමන්ම ජනාධිපතිවරයාට කතා කොට මේ සම්බන්ධයෙන් දැනුම් දීමටය, 

ඒ අනුව ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් මංගල කලකට පසුව හමුවූ හොද මිතුරකු කතා කරන පරිද්දෙන් ජනාධිපතිවරයා සමග මිනිත්තු කිහිපයක් සතුටු සාමිච්චියේ යෙදීමට කටයුතු කළේය, නමුත් මෙහිදී කිසිදු අවස්ථාවක ආණ්ඩුවට නැවත එක්වීමක් පිළිබදව හෝ ඒ සම්බන්ධ කිසිදු වචනයක් හෝ එහා මෙහා නොකිරීමට මංගල වග බලා ගත්තේය, කෙසේ වෙතත් දුරකතන සාකච්ඡාව නිමා කිරීමට ප්‍රථම මංගල ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කළේය, ඒ තමාගේ මොරටුවේ නිවෙසට පැමිණ තමන් සමග රාත්‍රී ආහාර වේලකට සම්බන්ද වන ලෙසය, ආණ්ඩුවෙන් එළවීමෙන් අනතුරුව මංගල තමන්ටත්, තම පවුලටත් හොර ලේබලය අලවමින් රට ඇතුළේත්, ජාත්‍යන්තරයේත් විශාල මඩ ව්‍යාපරයක් අරගෙන ගියද කලකට පසු මංගලගෙන් ලැබුණු මේ දුරකතන ඇමතුම නිසා ඔහුගේ රාත්‍රී භෝජන ආරාධනාව ඉවත දැමීමට ජනාධිපතිවරයාට සිත් දුන්නේ නැත.

සමිර මනහර මංගල සමරවිරගේ පෞද්ගලික කොල්ලා (කොල්ලා කියනේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඔනෑ නෑනේ….) මෛත්‍රී සමග ඉන්දිය සංචාරය ආරම්භ කරමින්  

මංගලගේ මේ පුදුම සහගත ප්‍රතිචාරයත් සමග එතෙක් මංගලගේ නිවෙසට යනවාද නැද්ද යනුවෙන් සිටී ජනාධිපතිවරයාද මංගලගේ නිවෙසට යෑමට හිත හදා ගත්තේය, ඒ අනුව ජනාධිපතිවරයා එම ගමනට නාමල් රාජපක්ෂවද එක්කර ගත්තේය, ඒ අනුව මංගලගේ මොරටුවේ පිහිටි නිවෙසට ජනාධිපතිවරයා සහ නාමල් යන විට එහි මංගලට අමතරව තවත් විශේෂ අමුත්තෝ තිදෙනෙක්ද වූහ, ඉන් පළමු වැන්නා මංගලගේ සමීපතම දේශපාලන සගයා වූ රුවන් ෆර්ඩිනෑන්ඩස්ය, දෙවැන්නා මංගලගේ සමීපතම මිතුරකු ලෙස සැලකෙන සමීර නැමැත්තාය, තුන්වැන්තා මානෙල් නමින් හැදින්වෙන මංගලගේ නැන්දණියකි, ජනාධිපතිවරයා මංගලගේ නිවෙසට පැමිණීමත් සමග බොහෝම ළෙන්ගතුකමින් යුතුව ජනාධිපතිවරයාවත්, නාවල්වත් පිළිගත් මංගල ඇතුළු කණ්ඩායම බෝහෝ වේලාවක් යනතුරු ආගිය තොරතුරු කතා කළහ, වරෙක රනිල් ගැනද, තවත් වරෙක චන්ද්‍රිකා ගැනද, තවත් වරෙක කරූ ගැනද මංගල කී කතාවලින් ජනාධිපතිවරයාත් නාමලුත් බඩවල් අල්ලාගෙන හිනා වෙන්නට වූහ, කෙසේ වෙතත් මේ ආගිය තොරතුරු කතාබහ කරන අතරවාරයේදී ආප්ප, ඉදිආප්ප, බුරියානි, ෆ්‍රයිඩ් රයිස් ආදී රස මසවුලෙන් සමන්විත රාත්‍රී කෑම මේසයේදීවත් මංගල තමන් ජනාධිපතිවරයාට ගෙදරට ආරාධනා කිරීමට මුල් වූ කාරණය ඉගියකින් හෝ දැනුම් නොදීමට වගබලා ගත්තේය, මංගල එය ජනාධිපතිවරයාට පැවැසීමට තෝරා ගත්තේ ජනාධිපතිවරයා මංගලගේ නිවෙසින් පිටවීමට වාහනයට ගොඩවන අවස්ථාවය.

ජනාධිපතිතුමා, මම එවපු පණිවුඩයට මොකද වෙන්නෙ, ඒක කාගෙත් එක්කද කතා කරන්න ඕන යනුවෙන් කියමින් මංගල හීන්සීරුවේ මාතෟකාවට පිවිසෙද්දි ජනාධිපතිවරයා කීවේ, ආ… ම ඒක බැසිල්ට පවරලයි තියෙන්නෙ, ඔයා බැසිල් එක්ක කතා කරන්න යැයි කියාය, ඒ අනුව ජනාධිපතිවරයා

මංගලගේ නිවෙසින් පිටවීමෙන් සමග තමා හා බැසිල් අතර සිදුවන සාකච්ඡා සම්බන්ධීකරණ කටයුතු එක්තරා විශේෂ පුද්ගලයකුට පැවරීමට කටයුතු කළේය, ඒ විශේෂ පුද්ගලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ සමීපතම හිතවතකු මෙන්ම එවකට ඈ ජනාධිපතිවරියව සිටියදී ඇගේ උපදේශකවරයකුද වූ මනෝ තිත්තවැල්ලටය, එම සම්බන්ධීකරණ කටයුතු පවරන ගමන් මංගල තවත් විශේෂ කරුණක්ද මනෝට දැනුම් ද සිටියේය, ඒ මෙම සාකච්ඡා චන්ද්‍රිකාට හෝ නොදැනෙන ලෙස ඉතා රහසිගතව සිදු කරන ලෙසටය, ඒ අනුව එම දින කිහිපය තුළ මනෝද හැංගිමුත්තන් සෙල්ලම් කරන්නාක් මෙන්  මංගලගේ ගෙදරට පැමිණ  බැසිල් සමග සාකච්ඡා කරන වැඩේට අත තිබ්බේය.

තාම කතාව ඉවර නෑ 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.