LNN SPY

චන්ද්‍රිකාගේ හිත බිඳෙ – රට හැර යයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුළ අනුශාසක ධුරයක් පිරිනැමිම හමුවේ හදිසී කොපයට පත් හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක හදිස්සියේම යුරෝපය බලා පිටත්ව ගොස් තිබේ.පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්විමෙන් පසුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චන්ද්‍රිකා නෝනාට කතා කර ඇති අතර එහිදි කොපයට පත්වු චන්ද්‍රිකා මෛත්‍රීට පලු යන්නට බැන තිබේ……LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ  විනාඩි 5ක පමණ කාලයක් දුරකථනය කනේ තබාගෙන කිසිවක් කියාගත නොහැකිව සිටි මෛත්‍රී අවසානයේ “ඔක්කෝම උන් බනින්නේ  මට” යනුවෙන් පවසා දුරකථනය විසීකර දැමු බවයි.

චන්ද්‍රිකා මැඩම් වඩාත්ම උරණ විමට හේතුවි ඇත්තේ මහින්ද රාජපක්ෂට තනතුරු ලබාදිම පමණක් නොව රැස්විම අවසානයේ එම ස්ථානයට පැමිණි ශ්‍රිලනිපයේ බිම් මට්ටමේ සමාජිකයන් මහින්ද ඉල්ලා උද්ඝෝෂණයක් කිරිම නිසා බවයි LNW විශේෂ වාර්තාකරු සදහන් කළේ.

මේ අතර පසුගිය කාලසීමාව තුල කාගෙත් කතාබහට ලක්වු විමුක්ති ගැනද පසුගියදා  ඔහුගේ මව වන චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියා සිටියේ තම පුතු කිසිසේත් දේශපාලනයට පිවිසෙන්නේ නැති බවයි.

ජනාධිපතිවරණ සමයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතගේ ජයතහවුරු කිරීම ස`දහා කැපවුණු ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් වෙනුවෙන් ස්තුතිය පළකිරීමට මහනුවර කටුගස්තොට පැවැති උතුසවයේදී ඇය මේ බව පැවැසී ය.

එහිදී පැමිණ සිටි නියෝජිතයකු ඉල්ලා සිටියේ චන්ද‍්‍රිකා මහත්මියගේ පුත් විමුක්ති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට ඉදිරිපත් කරන ලෙසත්, එය සැමගේ අපේක්ෂාවත් බවත් ය.මෙහිදී එය අනුමත කරමින් සභාවේ සිය සියල්ලෝම විනාඩි කිහිපයක් අත්පොළසන් දෙමින තිබූ අතර පසුව හිටපු ජනාධිපතිනිය පැසුවේ ‘විමුක්ති කොහෙත්ම දේශපාලනය එන්නේ නැහැ’ යනුවෙනි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top