Breaking
23 Feb 2025, Sun

ආණ්ඩුව පෙරළෙන්න යනවෝ..මම ඉවරෝ………..

ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකරමින් සිටින් බැවින් කෙසේ හෝ එම තත්ත්වය සමාජගත කර ශ්‍රීලනිපය,සන්ධානය සහ මහින්ද එක්ව ගොඩ නැගෙන පෙරමුණ වහාම නතර කලයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ඩීල් කුමාර හෙවත් අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ දේශපලන මණ්ඩල සභිකයන්ට දැනුම් දි තිබේ. 

සති අන්තයේ  මීගමුවේ පැවති  ශ්‍රීලනිපයේ වැඩමුළුව තුළ මෙම් සැලසුම සම්බන්ධයෙන් පැහැදිලි කිරිමක් කර තිබෙන බවයි ඩීල් කුමාර  තම සගයන්ට පවසා ඇත්තේ.යම් හෙයකින් රනි වික්‍රමසිංහගේ ආණ්ඩුව ඉක්මනින්ම බිඳවැටීමට් ලක්වුව හොත් ජනතා විමුක්ති පෙරමුණට එය බරපතල ලෙස බලපානු ඇති බවද ඔහු පෙන්වා දි තිබේ. 

ඉතා ඉක්මනින් මහින්ද රාජපක්ෂ කෙරෙහි අප්‍රසාදය ඇති වන අකාරයට  දේශපාලන වැඩසටහන් තුල විවිධ අසත්‍ය තොරතුරු වැඩි වැඩියෙන් ඉදිරිපත් කරන ලෙසට මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන ලෙස  විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත්ට ඩීල් කුමාර නියෝගයක්ද කර තිබේ.  

දැනටත් අරලියගහ මන්දිරයේ සියලු පහසුකම් විදමින් කාමර 2ක් භාවිතා කරන ඩීල් කුමාර එම සැප පහසුකම් නැති කරගන්නට දැන්ම් කැමැත්තක් නැති බව හොදින්ම පෙනෙන්නට තිබේ.

මේ අතර ශ්‍රීලනිපයේ වැඩමුළුව තුළ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු හා පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු බහුතරයකගේ එකඟත්වය පළවු බව අප වාර්තාකරු සදහන් කළා.

ඒ අනුව අගමැති අපේක්‍ෂක ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා පත් කරන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතු ලිපියක්‌ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.