Breaking
23 Feb 2025, Sun

කිලීගේ කීල්ලට හසුවු මෛත්‍රී ඉඩම පාවාදී, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති දොට්ට දමයි

පසුගියදා  නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ඉදිරිපස පිහිටි පර්චස් 65 ක ඉඩමක් බලයෙන් අත්පත් කර ගැනීමට කරන ලද තැන මාධ්‍ය අනාවරණයෙන් අතහැර දැමුනද ආරක්ෂක අමාත්‍යංශයේ ලිහා දමා සිටින මෛත්‍රීපාල සිරිසේනගේ සුනඛ බී.එම්.යු.ඩි. බස්නායක රෑ එලි වෙනකොට යලිත් කීලීගේ කිල්ලට යටකිරිමට කටයුතු කර ඇති බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලා.

කොළඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ඉදිරිපස ය. කිලි මහාරාජා විසින් එවන ලද කන්ඩායමක් විසින් කිසිදු අවසරයකින් තොරව කොළඹ හදවතේ සුන්දරව ගොඩ නගා තිබූ මෙම ස්ථානය වටකර වැටක් ගැසීමට අද දහවල් උත්සාහ කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ස්ථානය නඩත්තු කිරීමට බාර දී තිබූ කොලොම්බු සිටි හොටෙල් සමාගමේ බලධාරීන් විසින් ඊට එරෙහිව පොලිසියට පැමිණිලි කෙළේය. මහාරාජා පවසන්නේ මෙම භූමිය ඔවුනට අයත් එකක් බවයි. නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ එය තමන්ට අයත් එකක් බවයි. පසුව පොලිසිය පැමිණ මහාරාජාගේ අත්තනෝමතික බලහත්කාරී ක්‍රියාව වලක්වා නීතිමය ගැටළුවක් තිබේනම් අධිකරණයට ගොස් විසඳා ගන්නා ලෙස පවසා වැට ගැසීම වැලැක්වීය.

පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතු කිලී මහාරාජා පවසා ඇත්තේ වහාම එම ඉඩමේ අයිතිය තමන්ට පවරාදිමට කටයුතු කරන ලෙසත් එම පවරාදිම සිදුවන තෙක් එම ඉඩමේ අයිතිය මහාරාජා සමාගම සතු බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වු මෛත්‍රී එම මෙහෙයුම තමන්ගේ සුනඛ බස්නායකට භාරදි තිබේ.නීතියට යහපාලනය උදාකරන වට ජනතාවට මුසාවාදය දෙසා බෑ මෛත්‍රී ඇතුලු යහපාලන ටොයියන් පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයටද බලපෑම් කර ඇති අතර ඒ අනුව උසාවි තින්දුවද වෙනස් කිරිමට කටයුතු කර තිබේන බව අප වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

පසුගිය පෙබරවාරි 20 වනදා මෙම ඉඩම සම්බන්ධයෙන් ගැටුලුවක් මතුවු අවස්ථාවේ නාගරික සංවර්ධන අධිකාරියට මහාරාජා සංවිධානය විසින් වහාම ඉඩම පවරා දෙන ලෙසට බලපෑම් කලද ඔහුන් එම බලපෑම් සතේකට ගනන් ගෙන නෑ.

මේ අතර කොළඹ කොටුව එචිලන් චතුරශ්‍රයේ ඉඩම මහරාජා සංවිධානයට අයත් ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා කල නිර්භය ප්‍රකාශය හෙතුවෙන් ඔහුව වහාම් එම තනතුරෙන් ඉවත් කිරිමටද මෛත්‍රීපාල සිරිසේන ජනපති එකග වී තිබේ.

කොන්ද පණ නැති මෛත්‍රීපාල –කල්ලතොනී කිලී මහරාජා ශ්‍රිලනීප ජාතික ලැයිස්තුවේන් පාර්ලිමේන්තුවට!

……………………….කල්පනාවෙන් කියවන්න…………..

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකරගෙන් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය නඩත්තු කර පවත්වාගෙන යන්නක් බවයි.

සිද්ධිය පිළිබදව පොලීසියට පැමිණිලි ලැබී ඇති අතර ඒ පිළිබදව කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර

“…..මීට සති දෙකකට කලිනුත් පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරිය විසින්. ඔවුන් කියන්නේ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන යන ඉඩමක් කියලා. එම නිසා නාගරික සංවර්ධන අධිකාරිය විරුද්ධ වෙනවා මෙම පුද්ගලික සමාගම විසින් ඉඩම වටේ වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන්. කෙසේ නමුත් අද දින මෙම පුද්ගලික සමාගම නැවතත් වැටක් ඉදිකිරීමට යාමේදී තමයි දෙවන පැමිණිල්ල නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කරලා තියෙන්නේ. පොලීසිය සදුදා දිනය දක්වා එම ක්‍රියාව නතර කරලා තියෙනවා…..”

හිරු මේ පිළිබඳව නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා. ඔහු අප නැගූ ප‍්‍රශ්න වලට ද පිළිතුරු ලබා දෙමින් මෙසේ අමාත්‍යාංශයේ ස්ථාවරය පැහැදිලි කළා.

 “……මේ සම්බන්ධව මගේ නිලධාරීන් මට වාර්තා කළා. පොලීසියට දැනුම් දුන්නා වහාම වැට ගහන එක නවත්වන්න කියන්න කියලා මහරාජා සංවිධානයට. මහරාජා සංවිධානයට අත්තනෝමතික ලෙස කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ. මේ පිළිබදව නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඒ අයට උසාවි යන්න පුළුවන්. අපේ රටේ යහපාලනය ස්ථාපිත කරලා තියෙන්නේ. ඒක නිසා ඕනෑම කෙනෙකුට තමන්ගේ අයිතිය තහවුරු කර ගන්න පුලුවන්…’

–    ප්‍රශ්නය – දැනට තියෙන තොරතුරු අනුව මේ ඉඩමේ ඉඩම් කොටස කාගෙද ඇත්තටම.
–    පිළිතුර – ඉඩම් කොටස අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට. අපි කියනවා අපිට ඒක අයිතියි කියලා. යම් කිසි කෙනෙක් ඒ අයිතිය ඉල්ලනවා නම් ඒ පිළිබදව කටයුතු කරන්න පුළුවන් එකම ස්ථානය තමයි උසාවිය. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.