Breaking
23 Feb 2025, Sun

හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා-යහපාළනයට කෙලවෙන හැටි ගම්මන්පිල කියයි

පසුගිය සදුදා සිට ආරම්භ වුනේ යහපාලන නාඩගමේ  අවසාන ජවනිකාව. මේ ජවනිකාවේ තමයි ජනතාවට පෙන්වන්නේ යහපාළනය නමින් රාජ්‍ය දේපල මැතිවරණයකදී අවභාවිතා කරන්නේ කොහොමද කියලා. අපේ විමල් වීරවංශ මැතිතුමා ඒ පිළිබදව උදාහරණ ගනණාවක් කියුවා. ඒ වගේම අද දිනයේ හදිසි ඇමති මණ්ඩල රැස්වීමක් පැවැත්වෙනවා. ඒ රැස්වීමේදී විශේෂ ජල ව්‍යාපෘති කිහිපයක් පිළිබද භාණ්ඩාගාරයේ නිරික්ෂණයකින් තොරව අරමුදල් වෙන් කිරිමට නියමිතයි. මෙය සෘජුවම මැතිවරණය ඉලක්ක කරගත් ජල ව්‍යාපෘති කිහිපයක්. ඒ වගේම මේක පිටිපස්සේ මැතිවරණයට මුදල් සොයා ගැනිමට ටෙන්ඩර් ප්‍රධානය කිරිමේ අරමුණත් තියෙන්න පුළුවන්. යහපාලනය ගැන කථා කරන්න පෙරමුණ ගත් අයම අද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සම්පත් මැතිවරනයට අවභාවිතා කරලා තියෙනවා. ඒනිසා යහපාළනය නමින් බුක්ති විදින ලැබුණු යමපාළනයේ අවසන් ජවනිකාවත් බලමින් පහන් සංවේගය උපදවා ගන්නයි කියලා අපි ජාතියෙන් ඉල්ලා සිටිනවා.
කැප කිරිම් මතින් ජයග්‍රහණය කරා
මේ සමගිය ගැන විවිධ කටකථා පැතිරෙනවා. අපි දන්නවා දෙපාර්ෂවයක් විසින් තනි තනිවම හදපු ලැයිස්තු දෙකක් එකතු කරලා එක ලැයිස්තුවක් හදන විට දෙපාර්ශවයටම යම් යම් කැප කිරිම් කරන්න වෙනවා. අපි එම කැප කිරිම් කරන්නේ එක්සත් ජාතික පක්ෂය නතර කර යුතු නිසා. එක්සත් ජාතික පක්ෂය පරාජය කල යුතු නිසා. ඒ වගේම පසුගිය මාස 6 තුල සවිමත් උන බෙදුම්වාදයට, ආර්ථිකය කඩා වැටිමට, සංවර්ධන නතර විමටත් තිත තැබිය යුතු නිසාය. අද අපිට මතකයි එක්සත් ජාතික පක්ෂය ජග්‍රහනයේ සූත්‍රයක් විස්තර කළා කොහොද එක විස්තර කළේ. සන්ධානය දෙකට කැඩෙනවා ඒ නිසා අපි දිනනවා. ඒ සූත්‍රය අදට ගැලපුවනම් එජාපය කියන්න ඕනේ සන්ධානය දෙකට කැඩුනේ නෑ. ඒ නිසා එජාප අපි පාරදයි කියලා. මොකක්ද අපේ ජග්‍රහනයේ සූත්‍රය අපි දන්නවා පහුගිය ජනාධිපතිවරණයේදී බුලත් කොළේට ලක්ෂ 58ක් ලැබුණා, හංසයාට 62ක් ලැබුණා. මේ ලක්ෂ 58 ගෙන්න දායක වුනු සියළුම දේශපාලන පක්ෂ අද එක මිටියට මෙවරත් සන්ධානයෙන් ඉදිරිපත් වෙනවා.
එහෙම නම් මේ ලක්ෂ 58 ගෙඩිය පිටින් බුලත් කෙළේ වටේ රැදිලා තියෙනවා. කොහොමද හංසයාගේ 62 දෙමළ සන්ධානයේ හංස පැටවු ලක්ෂ 07ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුනේ හංස පැටවු ලක්ෂ 05ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා.ෆිල්ඩ් මාෂල්ෆොන්සේකාමහත්මයාගේ ප්‍රජන්ත්‍රවාදි පක්ෂයේ හංස පැටවු ලක්ෂ 02ක් අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. හෙළ උරුමයත් සමාවන්න දැන් යහපාළන මොකක්ද කියන පක්ෂයේ පෙරමුණ මට හරියට නම මතක නෑ ටිකක් දිගයි. ඒ පක්ෂයත් ලක්ෂයක විතර හංස පැටවු අරගෙන එළියට පියබා ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ වර්තමාන ජනාධිපතිතුමා ලක්ෂ 03ක් විතර අරගෙන ඒ පැත්තට ගියේ. එතුමා අද ඒ ඡන්ද ටිකත් අරන් මේ පැත්තට ඇවිල්ලා මේ පැත්තට නායකත්වය දෙනවා. මේ ටික ඔක්කොම එකතු වුනාම ලක්ෂ 18ක් විතර ඒ පැත්තෙන් අඩු වෙලා තියෙනවා. ඡන්ද ලක්ෂ 03කින් අපේ වැඩි වෙලා තියෙනවා. 58යි 03යි 61. 62න් 18ක් අඩු කළාම 44යි. ජනාධිපතිවරණයේ දී පක්ෂ ගොනු වෙච්ච අකාරය පාර්ලිමේන්තු මැතිවරණයේ දී නැවත ගොනු වීමත් සමග සලකා බලද්දි දෙපාර්ශවය අතර පරතරය ලක්ෂ 61ට ලක්ෂ 44 බවට පත්වෙලා තියෙනවා.
හැබැයි අමතක කරන්න එපා මේ දවස්වල හංසයා වෙනුවෙන් පෙනි සිටිය අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා, චම්පික රණවක වැනි හංස පිලේ නායකයන්ම තමයි කියන්නේ මේ ආණ්ඩුව හොරකම් කලා, මේ ආණ්ඩුව බෙදුම්වාදයට පාර කැපුවා, මේ ආණ්ඩුව
බඩු මිල අඩු කරනවා කියලා බොරු කලා, මේ ආණ්ඩුව සහන දුන්නේ නෑ කියන්නේ හංස පැටවුමයි. අපිට වඩා කියන්නේ හංස පැටවු මේ නියෝජනය වෙන්නේහංසයාට ඡන්දය දුන් පාවෙන ඡන්දයේ හඩයි. පාවෙන ඡන්ද තමන්ට ආකර්ෂනය කර ගන්නයි මේ කියන්නේ. එමෙනම් විවිධ කාරණා මත පාවෙන ඡන්ද දස ලක්ෂයක් පමණ ඒ පැත්තෙන් මේ පැත්තට ඇවිත් තියෙනවා. 44න් 10ක් ගියාම 34යි ඒ 10 මේ පැත්තට එකතු කලාම 71යි. එජාපය ලක්ෂ 34ක් ගන්නා විට අපි ඡන්ද 71යි සරල ගණිතයට අනුව  දෙගුණයකටත් වඩා ඡන්ද ලැබීමට නියමිතයි. ඒ නිසා ඉතිහාසයේ ලොකුම ජග්‍රහනය අපි කරනවා කියන්න කැමතියි.
මේ මැතිවරණය වැදගත් වන්නේ ජග්‍රහනයේ විශිෂ්ඨ බව නිසාම නොවේ අපි දන්නවා ජනතාව වෙනසක් ඉල්ලුවා ජනතාවට වෙනස දුන්නා බුදු අම්මෝ මේක නම් වෙනස, වෙනස එපෝ කියලා ජනතාව සැදිපැහැදි ඉන්නනේ වෙනස වෙනස් කරන්න. මාස 06ක් විපක්ෂයේ සිටීම නිසා ජනතාව අපිට ලක්ෂ 58ක් ඡන්දය දෙන්න බලපැ හේතුත්, ලක්ෂ ගනණනින් අප වටා එකතු වෙන්න බපලැ හොද ගුණාංග ඒ අකාරයටම රුකගෙන අපෙත් තිබුණු දුර්වල ස්ථාන හදුනා ගන්න මේ මාස 06 විවේක කාලය අපිට හේතු බුත වුනා. ඒ නිසා අපි විස්වාස කරනවා ආගෝස්තු 18 වෙනිදා එළබෙන්නේ නිදහසෙන් පසු ශ්‍රි ලංකා ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ යුගය පමණක් නෙවෙයි නිදහස් ශ්‍රි ලංකාවේ ස්වර්ණම යුගය ආගොස්තු 18 වෙනිදායින් පසු මේ රටට අපි උදා කරනවා කියන පොරොන්දුව ප්‍රතිඥව අපි ජාතියට ලබා දෙනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.