Breaking
23 Feb 2025, Sun

අපීට ඉන්දියාව වැඩක් නෑ -අපි “ජිනීවා” වලින් බේරාගන්නම්

මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා විසින් වෙල්ලිමුල්ලිවයික්කාල් වලින් අවසන් කළ කොටි ත්‍රස්තවාදීන්ගේ 4වන ඊළාම් යුද්ධය  ජන සංහාරයක් බවට තමන් ඇතුලු පක්ෂය සම්මත කරගත් පනත ඉන්දියාවට නතර කිරිමට හෝ බලපෑම් රිමට නොහැකි එකක් බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් පවසා තිබේ.

උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බව පවසමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකාවේ නව රජයට අභියෝග කිරීමෙන් පවතින තත්වය තවදුරටත් ව්‍යාකුල විය හැකි බව ඉන්දීය රජයේ ආරංචි මාර්ග පැවසූ බවත්  හින්දු පුවත් පත ප්‍රකාශ කරයි.එය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් සේ සලකා ඉන්දීය රජයේ බලධාරීන් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකරන බවටද ‘The Hindu’ පුවත් පතේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු බාර සංස්කාරක සුහර්ශනී හෙදර් කල ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවාජිලිංගම් පවසා ඇත්තේ අපට ඉන්දියාව එක්ක ගණු-දේනුවක් නෑ අපි මෙක බේරගන්නේ “ජිනීවා” වලින්.

පසුව පසුගිය දෙසැම්බර් මුල් සතියේ ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජාතිකයන් සමූලඝාතනය කළ බවට අදාළ පනත ඉදිරිපත් කල අතර යෝජනාව ජනාධිපති වරණයෙන් පසු විවාදයට ගැනීමට උතුරු පළාත් සභාව තීරණය කළා.පසුව මෙම යෝජනාව විවාදයට නොගැනීම නිසා කෝපයට පත් සිවාජිලිංගම් මහතා සෙංකෝලය විසිකර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.