LNN SPY

රනිල්,මෛත්‍රී ව්‍යාජ අත්සන ගැහුවේ දිනේෂ්

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර නිර්මාණය වූ ගිවිසුමට ව්‍යාජ අත්සන් තබා  සකස් කර එජාපයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට ලබාදි ඇත්තේ ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩාළ වී, අකර්මණ්‍ය වී ඇති බවට වහසි බස් දොඩමින් ආණ්ඩුවට කඩේ ගිය එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් දොඩම්ගොඩ බව අනාවරණය වි තිබේ.

පසුව තිස්ස අත්තනායක මහතා අත් අඩංගුවට පත්විමත් සමග තමන්ටත් සිරබත් කන්නට සිදුවේ යැයි සිතු දිනේෂ් දොඩම්ගොඩ මෙම ව්‍යාජ්‍ය කුමණ්ත්‍රනයට දිනපතා සිංහල පුවත්පතක කර්තෘවරයකු සම්බන්ධ බවට ප්‍රචාරයක්ද දියත් කර තිබේ. ඒ සදහා දොඩම්ගොඩට ගොඩාක් සමිප කණ්ඩායමක් උදවුකර තිබේන බවද අනාවරණය වි තිබේ.

එජාපයේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී සමගි බලවේගයේ කැඳවුම්කරු නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා නීතිඥවරයෙකු විසින් සුරැකියයුතු වෘත්තීය ආචාර ධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් 43 වෙනි අගවිනිසුරුවරියට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් පවරනු ලැබූ ‘බොරු නඩුවේ’ ප්‍රධාන පාර්ශවය වන ජාතික සංවර්ධන බැංකුව (NDB) වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ කණිෂ්ඨ නීතිඥවරයා ලෙස පෙනී සිටි අයෙකි.

Top