Breaking
23 Feb 2025, Sun

ජාතික ආණ්ඩුව තක්කඩි දේශපාලන උප්පරවැට්ටියක්

යුද්දෙට නැති කඩුව කොස් කොටන්න දැයි කීවා සේ රටට අවශ්‍ය මොහොතේ (එනම් පැවති යුද්ධයේ දී) නොතිබූ ජාතික ආණ්ඩුවක් දැන් පිහිටුවන්නට යන බව විස්වාස කටයුතු මාර්ගයන්ගෙන් දැන්ගන්නට ලැබී තිබේ. මෙය තනිකර ම විදෙස් උපදෙස් මත සිදුවන ආත්මාර්ථකාමී දේශපාලන උප්පර වැට්ටියටකි. 

දේශපාලකයින්ගේ පුද්ගලික ඕනෑ එපාකම් පිරිමසා ගැනීම සඳහාත් මෙරට ජනතා කැමැත්තෙන් පත්වන පාර්ලීමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීම සඳහාත් කරන තක්කඩි ක්‍රියාවක් ලෙසයි පෙනී යන්නේ. මේ අතර, මෛත්‍රීපාල දින වූ ඇමරිකාව හා ඉන්දියාව ප්‍රමුඛ බලවේග තම ඉලක්කය පහසුවෙන් අතහරිනු කිසිසෙත් අපේක්‍ෂා කළ නොහැක. ඔවුන් මහින්ද නේන තැනකට ඕනෑම දෙයක් කරනු ඇත. ඔවුන්ට අවශ්‍ය චීනය ලංකාව කෙරෙහි කළකිරවා ඔවුන් මෙරටින් සපුරා අතුගා දැමීමටයි. දලයි ලාමාට ආරාධනා කිරීම පවා ඇතැම් භික්‍ෂුන් ලවා ඉන්දියාව කරමින් සිටින්නේ මෙම කූට අරමුණින් ය. සමස්තය ම වි‍දෙස් ක්‍රමන්ත්‍රණයකි. එය පරාජය කළ යුතු ය.

කලින් කල ලොව පුරා සෑම ජාතික ආණ්ඩුවක් ම පිහිටුවා ගෙන ඇත්තේ එක්කෝ මහා යුද්ධයකට මුහුණ දීම සඳහා එසේ නැතිනම් ආර්ථික ආදී හදිසි තත්වයටකට මුහුණ දීම සඳහා. ලංකාවේ ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට ආදාළ පරිසරයක් නිර්මාණය වුණේ 2002 සාම ගිවිසුම අසාර්ථක වී 4 වැනි ඊලාම් යුද්ධය ආරම්භ වීමෙන් පසුවයි. ඒත් ඒ තීරණාත්මක මොහොතේ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවස්ථාව ශ්‍රි ලංකාවට අහිමි වුණා. දරුණු යුද්ධයකට මුහුණ දෙමින් සිටි ශ්‍රි ලංකා හමුදාව යුද්ධය අතර තුර දී ප්‍රධාන විපක්‍ෂයේ නොයෙක් අවලාදයන්ට මුහුණ දුන් අයුර දක්නට ලැබුණා.

මේ වන විට ජාතික ආණ්ඩුවකට යාමට එක්සත් ජාතික පක්‍ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් කොටස් උත්සාහ කරන ඇත්ත ම හේතුව නම් පරාජයෙන් පසුවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ජයප්‍රියත්වය එන්න එන්න ම වැඩිවීමයි. එක්සත් ජාතික පක්‍ෂය මුලින් ජාතික ආණ්ඩුවකට යාමේ අවශ්‍යතාවය අවධාරනය කරමින් සිට යළිත් එය ප්‍රතික්‍ෂෙප කරමින් මහ මැතිවරණයට යාමේ අවශ්‍යතාවක් පෙන්වමින් සිටියා. එහෙත් ඇත්ත ම කාරණය නම් එජාපය සිටින්නේ තම මුල් මතයේ බවයි කිව යුත්තේ.

වරෙක මහ මැතිවරණය නියමිත පරිදි තබන බව එජාපය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් වෙත පීඩනයක් එල්ල කිරීමේ අටියෙන් බව කිව යුතු ය. නැගී එන මහින්ද පෙන්වා මෛත්‍රී හා සෙසු ශ්‍රිලනිප නායකයින් බියට පත්තොට ජාතික ආණ්ඩු සැලසුමක දී ශ්‍රිලනිපය ඉල්ලන ඇමති ධුර ප්‍රමාණය අඩුකර ගැනීම හා බලය සම්බන්ධ කේවල් කිරීමේ අයිතිය තමා වෙත තබා ගැනීම එජාපයේ උපක්‍රමය ලෙස සිතිය හැකි ය. මේ අතර, ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් නායකයින් සිටින්නේ අගමැති සිහිනවල ය. ඔවුන්ට අනුව, මහින්ද රාජපක්‍ෂගේ නැගී එන ජනප්‍රියත්වය තමන්ගේ සිහිනවලට බාධාවකි. ඒ අනුව, එජාපය නොව, මහින්ද රාජපක්‍ෂ ම ඇතැම් ශ්‍රිලනිප නායකයින්ගේ සතුරා බවට පත්ව තිබේ. මේ අතර, එජාපයට හා ශ්‍රිලනිපයට අමතර ව මෛත්‍රී සමග මහින්දගෙන් වෙන්ව ගිය ශ්‍රිලනිප හා හෙළ උරුම දේශපාලකයින් ද ජාතික ආණ්ඩුව මතයේ තදින් සිටින බව පෙනේ. තම ඡන්ද පදනම සීඝ්‍රයෙන් සිදී ගිය බවට වන විස්වාසය මෙම තත්වයට හේතුවයි. කෙසේ වෙතත්, අවසානයේ එජාපය තම වාසිය සඳහා භාවිත කරන්නේ මේ අභ්‍යන්තර වියවුල් අවකාශයයි. ශ්‍රිලනිපය සමග ජාතික ආණ්ඩුවකට යාම හරහා, එම පක්‍ෂයේ මහින්ද හිතවාදී කොටස් හුදකලා කිරීම තුළින් එම පක්‍ෂය දෙකඩ කඩා දැමීමේ අරමුණක් එජාපයට තිබෙන බව දක්නට ලැබෙනවා.

මේ අනුව, දැන් දක්නට ලැබෙන කරුණුවලට අනුව, පක්‍ෂ දෙක ම ජාතික අභිලාෂ නොව තම දේශපාලන අභිලාෂයන් ම මුදුන් පමුණුවා ගැනීම සඳහා මහ මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීම සිත්හි තබාගෙන ජාතික ආණ්ඩුවකට යාමට අදහස් කරන බවයි පෙනී යන්නේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටකට කිසිසේත් ම හිතකර තත්වයක් නොවේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.