Breaking
23 Feb 2025, Sun

දුෂිතයන් රකින චම්පිකගේ අලුත්ම ව්‍යාපාරය

මුල්‍ය වංචාවන්ට හසුවි මෛත්‍රීපාල ආණ්ඩුව නියෝජනය කරන දුෂිතයන් ආරක්ෂා කර ගැනිම සදහා චම්පික රණවක ඇතුලු  කණ්ඩායම දුෂණ විරෝධි පෙරමුණ නමින් නව හොරු රකින සංවිධානයක් ආරම්භ කර තිබේ.විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පසුගිය කාලයේ යහපාලනය ගැන නිතර පාරම්බාන ලද අය අතර ඉදිරියෙන් සිටි ඇත්තෙකි.ඔහු මෛත්‍රීපාලනය හා බද්ධ වූ වහාම සිදු කළේ හෙළ උරුමයේ සිටි ඔහුට පක්ෂ අය මාධ්‍ය ආයතන වලට පත් කිරීමය.

පසුගිය ජනාධිපතිවරණය පැවති දිනයේදී විදුලිබල අමාත්‍ය පාඨලි චම්පික රණවක විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කර ඇති බවට දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කල චොදනාවත් සමග කලබලයට පත්වු චම්පික අමාත්‍යංශ කටයුතු නතරකර දමා මෙම සංවිධානය නිර්මාණය කිරිමට කටයුතු කර තිබේ.

මෙම වැඩසටහන මෙහෙය විම සදහා චම්පිකලා සමග කවදත් හොර වැඩවලට සම්බන්ධව කටයුතු කල ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපති බන්දුල චන්ද්‍රසේකර මහතා මෙම දුෂණ විරෝධි පෙරමුනේ සංවිධාන කටයුතු මෙහෙයවමි සිටින අතර එම සංවිධාන කටයුතු සදහා මුලික බැරපැන ලංකා විදුලි පෞද්ගලික සමාගමේන්ම වෙන්කරගෙන තිබේ.බන්දුල චන්ද්‍රසේකර යනු ජනාධිපතිවරණ සමයේ කුමර් රුපසිංහගේ කාර්‍යාලයේ පවත්වාගෙන ගිය මෛත්‍රී පාලනයේ ආතල් ගැනිමේ මෙහෙයුම් මැදිරියේ 17 වන කාමරයට වි දුරකතන භාවිතා කරමින් ඩීල් දැමු අංක එකේ ඩීල් කාරයෙකී.කලක් ජාතික හෙළ උරුමය නියෝජනය කල ඔහු පසුව  හෙළ උරුමය හෙළ කරුමය වු පසු එය අතහැර දැමුවෙකි.මෛත්‍රී පාලනයේමැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරයේ පලුමු බිල දමා ලක්ෂ 39ක් ගෙඩිපිටින් කඩා ගැනිමටද සමත් වුවෙකු බවද මතක් කල යුතුය.(සාක්ෂි ඇත ) 

මිට අමතරව මාධ්‍ය ආයතන සම්බන්ධිකරණ කිරිම සදහා චම්පිකගේ අනිත් ගොලයා වන නීශාන්ත ශ්‍රි වර්ණසිංහගේ ප්‍රියම්භිකාව වන සුබොධාව යොදවාගෙන ඇති අතර ඇයට මේ වන විට  විදුලිබල  අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධිකාර තනතුරක් ලබාදි තිබේ.දුෂිතයන් රකින දුෂණ විරෝධි පෙරමුණේ අනිත් සිරා භාණ්ඩයි වන්නේ මහින්ද රාජපක්ෂ රජය සමයෙ චම්පිකගේ අමාත්‍යංශයේ මාධ්‍ය

සම්බන්ධීකාරක ලෙස  කටයුතු කල පසුව මෛත්‍රීපාලනයේ මාහා මාධ්‍යවේදීන් ලෙස පෙනි සිටි ධනුෂ්ක රාමනායකය.කලක් චම්පිකගේ බටයා වෙමින් ඔහුගේ විවාහයටද බාධාවක් වූ ධනුෂ්ක රාමනායක චම්පික ITN එකේ අධ්‍යක්ෂ ධූරයකට පත් කළ අතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස පාඪ්ලී කටයුතු කරන සමයේ “හෙට වෙනුනේ අද” තරගයේ ජයග්‍රාහකයන්ට තෑගි දෙන්නට ගිහින් රුපියල් ලක්ෂ 80ක් හොරා කෑ අයෙකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.