LNN SPY

යහපාලන නඩය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නිශ්ක්‍රීය කරයි!

යහපාලන දඩයම් මන්දිරයේ කුමන්ත්‍රණයක් දියත් වෙමින්  තිබෙන බව වාර්තා වේ.එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමතිවරුන් හට දිගින් දිගටම අල්ලස් චොදනා එල්ල විමත් සමග අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අකර්මණ්‍ය කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටි.

එහි මුල් පියවරක් ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුද වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන කීර්ති විමලචන්ද්‍ර මහතා ට එම තනතුරින් ඉල්ලා අස්වෙන් ලෙසට නියෝග කර එති අතර මේ වන විටත් ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවීම සඳහා කොමිසමේ ලේකම්වරයාට බාර දී  තිබේ.

අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනකු සිටින අතර ඉන් එක් කොමසාරිස්වරයකු ඉල්ලා අස් වුවහොත් කොමිසම ඉබේම අක්‍රීය වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top