Breaking
23 Feb 2025, Sun

එංගලන්තෙන් ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවදය අපිතරම් ලස්සනට රැකබලාගත්ත ජාතියක් තවත් නැතිව ඇති. ඒක අපි හොදට ඔපමට්ටම් කරල පක්‍ෂයක් විපක්‍ෂයක් හොයන්න බැරිවිදිහට වාත්තුකරල ලෝකයට ඉදිරිපත්කරන්න හදනඋත්සාහය අගයකරන්න බැරි අපේම අය නොයෙකුත් අවලාද කියනව.

පාර්ලිමේන්තුවෙ කතානායකතුමා ආසනේ ඉදගෙන විපක්‍ෂය හොයාගන්න බැරිව තතනනකොට අපේ පපුවත් හෝස්ගාලා පත්තුවෙනව. පක්‍ෂයේ පාට මොකක් වුනත් වැඩිදෙනෙක් ඉන්න පැත්ත `පක්‍ෂය` කියලත් අඩුදෙනෙක්ඉන්නපැත්ත `විපක්‍ෂය` කියලත් කියාදුන්න අපේ `ප්‍රජාචාරය` සර්ට පිස්සු වෙන්න ඇති.

අපි ඉසේකෝලෙදි `ගෑනු අයට සමඅයිතිවාසිකම් දියයුතුද? නැද්ද?` කියලා විවාද කරනකොට (ඒ කාලෙ ජනප්‍රිය මාතෘකාවක්) අපි `නෑ` කියන පැත්තෙ හිටියත් ස්ටේජ් එකට නැග්ගහම කියවෙන්නෙ `දියයුතුයි` කියනපැත්තට කරැනු. ඒ`දෙන්න` ඕනෙම හින්දා නෙමෙයි, අපිත් ගෑනුලමයින්ට කැමති නිසා. නිමල් සිරිපාලටත් ඒ වගේම තමයි, `විපක්‍ෂයේ හිටියත්  කියවෙන්නෙ My3ට ආසහිතෙන ඒවමයි.

ඒ හින්දා වෙන්න ඇති පදනම් ආයතනයේ කතාවෙදි My3 රැජින එයාට මේස් නැති අත දුන්නා කියනකොට `ඇයි මෝඩයො ඒ අතේ තැවරිලා තිබුන සිංහල ලේ දැකකෙ නැද්ද` කියලා අහන්න නිමල් සිරිපාලට කශේරැවක් තිබුනෙනැත්තෙ.

1815 දි සුද්දා බුදුදහමයි, සිංහල සිරිතයි රකිනව කියල බොරැ පොරොන්දු දීල පික්පොකට් ගහපු ශ්‍රී ලංකාව කෙලෙසනකොට බලාගෙන ඉන්න බැරිව 1818 දි උෳව-වෙල්ලස්සෙ සිංහලයො දියත්කරපු කැරැල්ලට කැප්පෙටිපොල දිසාවේඇතුඵ සිංහලයෝ නායකත්වය  දෙනකොට සුද්දො හමුදාව ඇරලා යුද්දකරපු සිංහලයො විතරක් නෙමෙයි ගෙවල්වල, කැලෑවල හිටිය සිංහලයොත්, වයස 18 ට වැඞි හැම සිංහල දරැවෙක්ම කඩුගාල මරලදාල, ලිංවලට වසදාල ගෙවල්ගිනිබත්කරල එන අතරමඟදි සුදුහමුදාව බලන්න මහමගට ආව කුරැණෑගල ගමක ජනතාව ඉවක් බවක් නැතිව වෙඩිතියල අමානුශිකලෙස මරලදාපු, තුන්වෙනි ජෝර්ජ රජ්ජුරැවන්ගේ මිනිබිරීගේ මේස්නැති අත අල්ලනකොට උද්දාමයටපත්වුන My3 ත් ඒක අහල පිනාගිය උෳව-වෙල්ලස්ස ජනතාව නියෝජනය කරනවයි කියන නිමල් සිරිපාලටත් කොන්දක් තියෙනවද බලන්න CT scan කරන්න ඕනෙමනැහැ.

එදාකැරැල්ල මැඩපු සුදදො අපේ නායකයො ඔක්කොමවගේ අල්ලලා හිස්ගසා දැම්මා. එතෙකින් නොනැවතුනු  රොබට් බ්‍ර වුන්රිග්  ආන්ඩුකරය උෳව-වෙල්ලස්සෙ සටන මෙහෙයපු නායකයො සියඵදෙනාම දේශද්‍රොහින් ලෙස නම්කරලරාජඅඥාවක් නිකුත්කලා. මහින්ද රාජපක්‍ෂ අමතක නොකර 2011 දී මේ ආඥාව එංගලන්තයෙන් ගෙන්නවා එය බලරහිත කර උෳව-වෙල්ලස්සෙ නායකයො සියඵදෙනම නැවත අපේ ජාතික වීරයන් ලෙස ස්තාපනය කරල පිලිගැනුමට පාත්‍රකලා.

`ඇත්තයි අපි මල්පුදන්ට ඕනෙ ඔහොම වීරයින්ට…..`

ඔබට සුභ පැතුම්
තිස්ස ගුණතිලක, සිඩ්නි නුවර

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.