Political

රාජිත ටොයියාගේ කෙස් පැලෙන පච (Video)

රජයේ වාහන සොරකම් කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවයක් නැති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යහපාලන ටොයියන්ට අවධාරණය කළා.

තමා රජයේ වාහන 21 ක් බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රජයේ ඇමැතිවරයකු කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් තමා සතුව ඇත්තේ ජනපති හා අගමැති සාකච්ඡා කර දුන් වාහන හයක් පමණක් බවත් ත් රාජපක්ෂ මහතා කියා සිටියා.

2007 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයකට අනුව විශ්‍රාමික ජනාධිපතිවරයකුට නිල රථ 2 ක් හා එක් ආරක්ෂක භටයකු පමණක් ලබා දීමට තීන්දු කර තිබුණද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාහන 21ක් හා පොලිස් ආරක්ෂක නිලධාරීන් 213 කු ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශයක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නනැමති යහපාලන ටොයියා කැබිනට් රැස්විමේදි මාධ්‍යයට අනාවරණය කලේ මහා උජාරුවෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අධි ආරක්ෂිත වාහන 2 ක්, ඩිපෙන්ඩර් රථ 1 ක්, ටොයොටා වර්ගයේ වෑන් රථ 1 ක්, කැබ් රථ 1 ක් ලබා දී ඇති අතර හමුදා නිලධාරීන් 108 දෙනකුත්, පොලිස් නිලධාරීන් 105 කුත් දැනට ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත් ආරක්ෂක අංශයේ කටයුතු සඳහා ඩබල් කැබ් රථ 3 ක්, වෑන් රථ 2 ක්, යතුරු පැදි 8 ක් හා බස් රථ 1 ක් ද ලබා දී ඇති බව ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කෙළේය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top