Breaking
5 Feb 2025, Wed

“ප්‍රා” රාජිත ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට

Publish on: Jan 24, 2015 සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයට පත්කරන ලෙස ජාතික හෙළ උරුමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

රාජිත සේනාරත්න මහලේකම් ධූරයට පත්කරන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යටතේ තරඟ කිරීමට ජාතික හෙල උරුමය එකඟත්වය පලකර ඇත. කෙසේ වුවද එම යෝජනාව පිළිබඳ කාරණය සැලවීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක පිරිසක් දැඩි ලෙස කලබලයට පත්වී ඔවුන් ඊයේ (22) රාත්‍රී තිලංග සුමතිපාල මහතාට අයත් කොල්ලුපිටියේ ‘The Great Wall’ රෙස්ටුරන්ට් හි රැස්වී දීර්ඝ වශයෙන් ඒ පිළබඳව සාකච්ඡා කර තිබේ.

එහිදී රාජිත සේනාරත්න පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිංලග සුමතිපාලය. ඒත් එහිදී එම සාකච්ඡාවට සහභාගි වී සිටි සී.බී. රත්නායක හා ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එම යෝජනාවට බරපතල ලෙස විරෝධය පලකරමින් වත්මන් මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා (අප්‍රියා) මහතා තවදුරටත් මහ මහලේකම් ධූරය තබා ගත යුතු බව කියා තිබේ. එහිදී තවත් මන්ත්‍රීවරු පිරිසක් කියා ඇත්තේ පක්ෂයේ ජේෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න මහලේකම් ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී අදහස් දක්වා ඇති මන්ත්‍රීවරු කිහිප දෙනෙකු රාජිත සේනාරත්න මහතා කලින් කලට පක්ෂ මාරු කළ පුද්ගලයෙකු බවත් එසේම ඔහු 88/89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ‘ප්‍රා’ නැමැති මිනීමරු කල්ලිය මෙහෙයවමින් තරුණ තරුණියන් විශාල ගණනක් මරා දැමූ පුද්ගලයා බව සඳහන් කර ඇත. එසේම මීට කලකට ඉහතදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කල් ඉකුත් වූ ඖෂධ සපයා වැරදිකරු වූ බවටත්, මන්ත්‍රීවරයෙකුව සිටිමින් රාජ්‍ය ආයතනවලට ඖෂධ සපයන ව්‍යාපාර කිරීමෙන් මන්ත්‍රීධූර අහෝසි වූවෙකු බව කියමින් රාජිත මහලේකම් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වී වෙනත් පක්ෂයක් හැදීමට සිදුවන බව පවසා තිබේ.

ජාතික හෙල උරුමය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජාතික ගැටළු සම්බන්ධයෙන් විශාල මත ගැටුමක් පැවති අතර පසුව එය සමතයකට පත්කිරීමට මුල් වී ඇත්තේ රාජිත අමාත්‍යවරයාගේ පුත්‍රයා වන චතුර සේනාරත්නය. ඔහු අතුරලියේ රතන හිමියන්ගේ ‘පිවිතුරු හෙටක්’ සංවිධානයේ පුරෝගාමී පුද්ගලයෙකි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට මුල්ම සැලසුම සකසා පුරෝගාමී මෙහෙවර ඉටුකරන ලද්දේ මෙකී පිවිතුරු හෙටක් සංවිධානයයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.