LNN SPY

“තිස්ස” අල්ලන්න CID මෙහෙයුමක්

Publish on: Jan 24, 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුම් ව්‍යාජ බව රහස් පොලිසිය හරහා ප්‍රකාශයක් නිකුත් කිරිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.එම ප්‍රකාශය පදනම් කරගනිමින් ඉදිරියේදී තිස්ස අත්තනායකට විරුද්ධව නඩු පැවරීමට සුදානම් බවයි LNW ඔත්තු සේවය සදහන් කළේ.

“හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක ඉතාමත් කූඨ ආකාරයකින් තමන්ගේ අත්සන යොදා ගනිමින් හොර ලියකියවිලි සකස් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පසුගිය ජනාධිපතිවරණ සමයේදි චොදනා කර සිටියා.

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය 13 වන සංශෝදනයට එහා ගිය බලතල ලබා දීම ,උතුරු නැගෙනහිර පළාත් වල රණවිරුවන් ඉවත් කර ගැනීම ඇතුළු යෝජනා රැසක් ඇතුළත් ගිවිසුමකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන අත්සන් තබා ඇති බවට තිස්ස අත්තනායක චොදනා කර සිටියා.

Top