LNN SPY

රනිල්,රවී,දයා ඇතුලු රනිල් කල්ලියට එරෙහිව සජිත් පිළ මෙහෙයුමක

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව මහින්ද රාජපක්ෂට සහය දෙන මන්ත්‍රිවරුන්ගේ අත්සනින් යුතුව භාරදිමට යන විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ රජයේ කැබිනට් ඇමතිවරුන් (එජාප කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් නම් සදහන් නොකර සිටිමු)ඇතුලු 9 දෙනෙකු අත්සන් කිරිමත් සමග එජාප අර්බුදය උග්‍ර අතට හැරෙමින් තිබෙන බව වාර්තා වේ.

එජාප අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ රවී කරුණානයක සමග කාලයක සිට තිබුනු ගැටුමක ප්‍රථිපලයක් ලෙස මෙම අත්සන් තැබිමට එජාප කණ්ඩායම තිරණයි කර ඇති බවයි.මේ අතර සජිත් පිළේ අනපෙක්ෂිත නැගිටිම හෙතුවෙන් රනිල් වික්‍රමසිංහ යලිත් අර්බුදයකට මුහුණ දි සිටින බවද ඔහු සදහන් කළා.මෛත්‍රීපාල සිරිසේනගේ මාධ්‍ය උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන නීතීඥ ශිරාල් ලක්තිලක සජිත් පිළේ ප්‍රභලයෙකු වන අතර මේ වන විට ඉතා සියුම්ව රනිල්,රවී,දයා ඇතුලු රනිල් කල්ලියට එරෙහිව දිය යට ගිණි සෙල්ලමක් ආරම්භ කර තිබේ. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top