Breaking
24 Feb 2025, Mon

මාමයි,(නරි)බෑනයි ගහපු ගැහිල්ලක තරම!

දැනට රට තුළ ඉමහත් ආන්දොලනයට තුඩු දී ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවකදී සිදුව ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතාව නිසා රජයට රු. කෝටි 270 කට අධික පාඩුවක්‌ සිදුවනු ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇත.

ඉකුත් පෙබරවාරි 27 දින පැවති අදාළ භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී අපේක්‍ෂිත පොලී අනුපාතිකයට (ඵදා අනුපාතයට) වඩා සියයට 3 ක්‌ පමණ වැඩි ඵලදායි අනුපාතිකයක්‌ යටතේ එදින වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණය මෙන් දස ගුණයක බැඳුම්කර පිළිගැනීමට මහ බැංකුව ක්‍රියාකිරීම නිසා රජයට වැඩි පොලී වියදමක්‌ ගෙවීමට සිදුවීමෙන්.මේ අතිවිශාල මූල්‍ය පාඩුව සිදුවනු ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

එසේම මේ ඉහළ ඵලදා අනුපාතිකය නිසා ඉදිරියේදී තවදුරටත් පොලී අනුපාතික ඉහළ ගොස්‌ අනාගතයේදී ලබා ගන්නා රාජ්‍ය ණය වෙනුවෙන් ඉහළ පොලියක්‌ ගෙවීමට සිදුවීමේ අවදානමක්‌ ඇති බවද ඒ තුළින් මහජනතාව පිට පැටවෙන බදු බර ඉහළ යනු ඇතැයිද ඔව්හු පෙන්වා දෙති.

ප්‍රශ්නයට තුඩුදී ඇති භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා වැඩි ලංසු ප්‍රමාණයක්‌ ඉදිරිපත් කර ඇතැයි පැවසෙන්නේ මහ අර්ජුන මහෙන්ද්‍රන් මහතාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්‌ විසින් ඉහළ තනතුරක්‌ හොබවන ප්‍රාථමික වෙළෙඳ සමාගමකින් වීම ද මෙහිදී විශේෂයෙන් සැළකිය යුතු කරුණක්‌ වේ. ඒ නිසා මේ චෝදනාව පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක්‌ සිදු කිරීමට නම් වත්මන් මහ බැංකු අධිපතිවරයා තාවකාලිකව හෝ තනතුරින් ඉවත්වීම අවශ්‍ය බවද මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ පවසති.

දැනට රජය මගින් කමිටුවක්‌ පත්කර පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට තීරණය කර ඇති නමුත් එය සාධාරණව සිදුවනු ඇතැයිද යන්න සැක සහිත බවත් ඒ හරහා මෙම මූල්‍ය අක්‍රමිකතාව යට ගැසීමේ සැලසුමක්‌ දියත්ව ඇතැයි පෙනෙන්නට ඇති බවත් ඔවුහු කියා සිටිති.

කෙසේ හෝ මෙම බැඳුම්කර නිකුතුවෙන් රජයට සහ ඒ හරහා බදු ගෙවන මහජනතාවට සිදුවන පාඩුව වළක්‌වා ගැනීමට නම් එම බැඳුම්කර නිකුතුව අවලංගු කිරීමට පියවර ගත යුතු බවද නැතහොත් එම ඉහළ පොලිය වසර 30 ක්‌ තිස්‌සේම දැරීමට සිදුවනු ඇතැයිද එම මූල්‍ය වෙළෙඳපොළ විශේෂඥයෝ තවදුරටත් ‘කියා සිටියහ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.