Breaking
24 Feb 2025, Mon

මේ දිනවල ද සුපුරුදු පරිද බටහිර හා ඊනියා රාජ්‍ය නොවන පඬියන් ප්‍රචාරය කරන පාඨ වෙයි. සමහර පාඨ සමාජයට ගෙන යනු ලබන්නේ එතරම් අත්දැකීම් නැති එහෙත් ඊනියා අලුත් කතා කීමට කැමති අලුත් පරපුරක යැයි කියන තරුණයන් විසිනි. තවත් පාඨ ජනාධිපතිවරුන් අගමැතිවරුන්, ඇමතිවරුන් මගින් සමාජයට ගෙන යනු ලැබෙයි.

තරුණයන්ගේ පාඨයක් වනුයේ යුද්ධයට අවසානයක් ඇත, ජයග්‍රහණයක් නැත යන්න ය. අපේ පාඨය වනුයේ යුද්ධයක් නො තිබිණි, හමුදා ක්‍රියා මාර්ගයකින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරිණි, යුද්ධය ආරම්භ වීමට ඉඩ ඇත යන්න ය. ජයග්‍රහණයක් නැත යන්නෙහි තේරුම යුද්ධයක් පටන් ගනු ඇත යන්න ය. 

මෛත්‍රිපාල කියන්නේ ඊනියා යුද්ධය ජයග්‍රහණය කළ නමුත් සාමය උදා කෙළේ තමන් කියා ය. ඔහු සාමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි පඬියකුවත් අපට කියා දී නැත. සමහර විට චම්පක හෝ වෙල් විදානේ ෆොන්සේකා හෝ රතන හිමි හෝ ප්රාජිත හෝ ඒ දන්නවා ඇත. චම්පක අපට වඩා හොඳින් ප්රාජිත හඳුනන බවට අපට සැකයක් නැත. එහෙත් සාමය යනු කුමක් ද? යුද්ධය දිනුවේ ය, සාමය දිනුවේ නැත යන්න කිසිම වටිනාකමක් නැති එහෙත් පඬි ශබ්දයක් ඇති පුහු පාඨයක් පමණකි. 

ඊනියා සාමය යුද්ධය ආදී සියල්ල මෙවන් බටහිර ගැති ආණ්ඩු යටතේ තීරණය කෙරෙන්නේ බටහිරයන් විසිනි. බටහිරයෝ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව දෙමළ ජාතිවාදය යොදා ගනිති. ඔවුහු එය දෙමළ බෙදුම්වාදයක් බවටත් දෙමළ ත්‍රස්තවාදයක් බවටත් වර්ධනය කළහ. චම්පකලා කලක් ඊනියා යුද්ධයට විරුද්ධව පෝස්ටර ඇලවූහ, මංගලත් සමග සන්ධීය රාජ්‍යයක් බිහිකිරීමට රටවැසි පෙරමුණු පිහිටුවූහ. ඔවුන් මහින්ද කලක් යුද්ධයට විරුද්ධ විණි යැයි කියන්නේ කෙසේ ද?

පුද්ගලයන්ගේ අදහස් වෙනස් විය හැකි ය. එහෙත් එ පැත්තෙන් මේ පැත්තටත් මේ පැත්තෙන් ඒ පැත්තටත් අදහස් වෙනස් කරන්නෝ අවස්ථාවාදියෝ ය. චම්පිකලා මහින්ද මෙන් නොව කලක් ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටියහ. ඉන්පසු ජාතිය මළකඳක් යැයි කියමින් මංගල හා චන්ද්‍රිකා සමග එකතු වූහ. පසුව ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි කියමින් සිංහල සිසුන් ඝාතනය වන විට නැවතත් ජාතික දේශපාලනයකට අවතීර්ණ වූහ. දැන් නැවතත් මෛත්‍රිපාල සමගින් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ක්‍රියා කරති. මේ අවස්ථාවාදීන් දේශපාලනයෙන් අතුගා දැමිය යුතු ය. 

බටහිරයන් හා ඉන්දියයන් වර්ධනය කළ දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු කළ යුත්තේ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීම ය. එය කිරීමට ද හමුදාව අවශ්‍ය ය. හමුදා කඳවුරු ඉවත්කර ඒ භූමිය ඊනියා ජනතාවකට ආපසු දෙමින් දෙමළ බෙදුම්වාදය පරාජය කළ නො හැකි ය. කඳවුරු ඉවත්කිරීම සාමය ඇති කිරීමක් යැයි මෛත්‍රිපාල සිතන්නේ ද? බටහිරයන් මෛත්‍රිපාල හොඳින් ක්‍රියා කරන්නේ යැයි කීමෙන් ගම්‍ය වන්නේ ඊනියා සාමය ඇති කිරීමක් ද? බටහිරයන්ගේ සහතික අප තුට්ටු දෙකකට මායිම් කළ යුතු නො වේ. අවස්ථාවාදී චම්පකලාට නම් ඒ වටිනවා විය හැකි ය. 

මුලතිවු ප්‍රදේශයේ කොටි සැමරුම් තහනම් කරමින් උසාවි නියෝගයක් තිබියදීත් විග්නේස්වරන්ලා කොටින් සැමරුවේ ඊනියා සාමය වෙනුවෙන් ද? පිරිත් කීමට වැඩම කළ භික්‍ෂූන් වහන්සේ උසාවියට ඉදිරිපත් කරමින් මුලතිවුහි උසාවි නියෝග කැඩූවන්ට නිදහසේ   ඉන්නට ඉඩ අරින්නේ, විද්‍යා දැරියට කළ අපරාධයට මුවා වී උසාවියට ගල් ගසමින් නැවතත් දෙමළ ත්‍රස්තවාදයකට පාර කපන ආනන්දිලා ආදීන් උසාවියට ඉදිරිපත් නොකරන්නේ බටහිරයන්ට මෙරට ඊනියා සාමය ඇති බව පෙන්වීමට ද? එහෙත් දෙමළ ජාතිවාදීන් ඒ උද්ඝෝෂණ ඊනියා සිංහල පොලීසියට විරුද්ධව කළ බව යුරෝපය පුරා පතුරවන දිනය වැඩි ඈතක නො වේ.

බටහිරයන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාකරන මෛත්‍රිපාලට ඇති කළ හැකි සාමයක් නැත. සාමය ද ඇතිකළ හැක්කේ බටහිරයන්ට විරුද්ධව ක්‍රියා කිරීමෙනි. 

නලින් ද සිල්වා


2015 මැයි 24

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.