Breaking
24 Feb 2025, Mon

කල්ලතොනී කිලී මහරාජා ශ්‍රිලනීප ජාතික ලැයිස්තුවේන් පාර්ලිමේන්තුවට!

එළැඹෙන මහ මැතිවරණයේදී සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා ජාතික ලයිස්තුවෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අභිනව පාර්ලිමෙන්තුවට පත් වීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ජාතික ලැයිස්තුවෙන් බවත් මේ වන විට මීට අදාල එකඟතාවන් සියල්ල සිදුකර හමාර බවත් නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කළා. මෙම තීරණය පිළිබඳ නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්වයක්ද පැන නැගී අතර මෙය පක්ෂය දෙකඩ වීමටද බෙහෙවින් බලපානු ඇති බවයි නිදහස් පක්ෂයේ දේශපාලන අධිකාරියේ සාමාජිකයෙක් පවසා ඇත්තේ.

එකඟතාවලට අනුව කිලී මහරාජා විසින් පක්ෂයට අයත් වන ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ඉල්ලා ඇති අතර ඉන් එක් ධූරයක් සඳහා තමා ඉදිරිපත්වන බව දන්වා ඇති අතර මහරාජාට ලබාදෙන අනෙකුත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට පත්කරන තැනැත්තා තවමත් දන්වා නොමැති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.

මීට පෙර රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා එක්සත් ජාතික පක්ෂයෙන්  ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකක් ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම එක හෙළා ප්‍රතික්ෂේප කිරීමට එජාප ජාතික නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීරණය කළා. LTTE කොටි ත්‍රස්තවාදීට මුදල් ලබාදීමත් LTTEය සිදුකළ ම්ලේච්ඡ බෝම්බ පිපිරවීම් වලට ඇති සෘජු සබඳතාත් නිසාවෙනුයි රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගෙන ඇත්තේ. සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හා LTTEය අතර ඇති මෙම සබඳතා පිළිබඳ පුළුල්‍ ලෙස පරීක්ෂණ කටයුතු ඇරඹී ඇති අතරම මේ ගැන යම් හෙළිදරව්වක් අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිදා පාර්ලිමේන්තුවේදීම සිදු කළා. මෙම පරීක්ෂණ වලට බලපෑම් එල්ල කර ඒවා කෙසේ හෝ නතර කර ගැනීමටයි ද්‍රවිඩ ජාතිකයෙකු වන රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හේත්තු වී  ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට බලා සිටින්නේ.

ලංකා ඉතිහාසයේ දරුණුම අපරාධයක් වන උත්තම දන්ත ධාතූන් වැඩ වෙසෙන දළදා මාලිගාවට එල්ල වූ රුදුරු LTTE කොටි ප්‍රහාරයටද සිරස සභාපති රාජේන්ද්‍රන් රාජාමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා සෘජුව සම්බන්ධ බවට සාක්ෂි සහිතව ඔප්පු කිරීමට තමන්ට හැකි බවට පසුගියදා කරුණා අම්මාන් ප්‍රකාශ කිරීමත් සමඟම මෙම පරීක්ෂණ තවත් කඩිනමින් ගැඹුරු ලෙස පැවැත්වෙන අවස්ථාවකයි කිලී මහරාජා මෙලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත් ජාතික ලයිස්තුවෙන් පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අභිනව පාර්ලිමෙන්තුවට පත් වීමට බලාපොරොත්තු වන්නේ. ඒ පෙර සඳහන් කළ පරිදි තමන් හා LTTEය අතර පැවැති සබඳතා පිළිබඳ පැවැත්වෙමින් තිබෙන පරීක්ෂණ වලින් බේරීම උදෙසායි. මේ පිළිබඳ තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.