Breaking
23 Feb 2025, Sun

අපේ‍්‍රල් 23වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවිය යුතුයි. මේ ආකාරයෙන් විගඩම්කාරී පාර්ලිමේන්තුවක පාලනයක් තව දුරටත් අපේ රටට අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා පවත්වන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයත් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයත් මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවකට යනවා නම් ඒ පිළිබඳව ජනතාවට මැතිවරණයේදී ඒ බව පවසා ජනවරමක් ලබාගත යුතුයි. එසේ නොමැතිව විගඩම්කාරී ලෙස පාර්ලිමේන්තුවේ වැඩකටයුතු සිදු නොකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අද (23) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

දැන් නිමල් සිරිපාලද සිල්වා විපක්‍ෂ නායක ධුරය දරන ගමන් ජෝන් සෙනෙවිරත්න ආණ්ඩු පක්‍ෂ සංවිධායක ධුරය ලබාගන්න උත්සාහ කරනවා. ශී‍්‍රලනිපය කකුලක් ආණ්ඩුවේ තබාගෙන තව කකුලක් විපක්‍ෂයේ තබාගෙන ඉන්නවා. අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට කියනවා මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විහිළු කරන්න එපා කියලා.

හෙළ උරුමය, මුස්ලිම් කොංග‍්‍රසය, එජාපය, රාධකි‍්‍රෂ්නන්ගේ පක්‍ෂය ආණ්ඩුව නියෝජනය කරනවා. පටලැවිල්ල තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ. සභාපති, උප සභාපති, මාධ්‍ය ප‍්‍රකාශක, භාණ්ඩාගාරික ආණ්ඩුවේ. ජ්‍යෙෂ්ඨ උප සභාපති විපක්‍ෂයේ. කොටසක් ආණ්ඩුවේ ඇමතිකම් අරගෙන වරදාන, වරප‍්‍රසාද බුක්ති විඳින ගමන් නිමල් සිරිපාල කියනවා මම විපක්‍ෂ නායකකම කරලා ඒ වරප‍්‍රසාද ටික ගන්නම් කියලා. ඒ නිසා අපි මුලින්ම කිව්වා මේක සෙටප් කරන ලද පාර්ලිමේන්තුවක් කියලා. ඒ ආකාරයේ සෙල්ලම් කරන්න ඉඩදිය යුතු නැහැ. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් විපක්‍ෂයේ කාර්යභාරය තීරණය වෙන්නේ කි‍්‍රයාකාරිත්වය අනුවයි. අපි පාර්ලිමේන්තුවේ කුඩා නියෝජනයක් වුණාට ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටු කරනවා.

මේ උද්ගත වෙලා තිබෙන තත්වය රටටත් ජනතාවටත් අහිතකරයි. ඒ නිසා අපි ඊට එරෙහිව ජනතා බලයක් ගෙඩනගනවා. ජනතාව පෙළගැස්වීමට මැතිවරණයට කලින්ද පසුවද යන්න අපිට අදාල නැහැ. අපි මේ ප‍්‍රකාශ කරන්නේ ජනතාවගේ මතයයි. එය ඡන්දයේදී ප‍්‍රතිඵලයක් වෙනවාද නැද්ද යන්න අපිට අදාල නැහැ. අපි හරහා ප‍්‍රකාශ වෙන්නේ ඔබලාගේ හිත්වල තිබෙන ආණ්ඩුවට එරෙහි මතයයි. එය අපි නියෝජනය කරනවා.

මේ ආණ්ඩුව හැදෙන විටම ශී‍්‍රලනිපයේ කණ්ඩායමක් හිටියා මෛතී‍්‍රපාල මහත්තයාට සහාය ලබාදුන්නු. ඔවුන් ජනාධිපතිවරණයට කලින් සිටම මෛතී‍්‍රපාල මහතාගේ පාර්ශ්වය නියෝජනය කළා. නමුත් දැන් මෛතී‍්‍රපාල මහත්තයා පරාජය කරන්න වැඩ කරපු පිරිසක් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගෙන වරප‍්‍රසාද බුක්ති විඳිනවා. එය ඉතාම අපුල දවනව කරුණක්. රාජපක්‍ෂ පාලනය පරාජයට පත්වෙනකොට ඒ පිරිසත් පරාජයට පත්වුණා. රාජපක්‍ෂ ජනාධිපතිවරයාටත් වඩා දැඩි විවේචනයක් ඒ ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව එල්ල වෙලා තිබුණා.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම තමයි පසුගිය ජනාධිපතිවරණයේ විවිධ පාර්ශ්ව එකට බැඳ දමා තිබුණු ගිවිසුම වුණේ. ඒනිසා එම පොරොන්දුව ඉටු කරමින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. මෛති‍්‍රපාල ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 අවසන් වනවිට අන්තර් කාලීන විධිවිධානවලට යටත්ව හෝ විධායක ජනාධිපති ධුරය අහෝසි විය යුතු බවයි අපගේ ස්ථාවරය. නමුත් අද විවිධ කණ්ඩායම් විවිධ අරමුණුවලින් වැඩ කටයුතු කරන බවක් පේන්න තිබෙනවා.”

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.