Political

ලැජ්ජා නැතිකම යහපාලනයටත් වඩා ලොකුයි…

“ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ මේ රටේ තිබෙන ජනතාවගේ දැවැන්තම පක්‍ෂයයි. මමත් ඒ පක්‍ෂයේ මහ ලේකම් ධූරය කාලයක්ම හෙබවූවා. එහෙත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පිස්සු නටපු නිසා එයත් එක්ක ඇති වූ ප‍්‍රශ්න මත මට ඒ තනතුරයි, පක්‍ෂයයි දාලා යන්න සිදුවුණා.”

“මම එදා කීවා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කවදා හෝ රෙදි නැතිව පිස්සුවෙන් මහ පාරේ දුවනවා කියලා. දැන් ඒ මම කියාපු දේ ඔප්පුවෙමින් පවතිනවා. දැන් චන්ද්‍රිකාට ඇත්තටම පිස්සු. එයා කොණ්ඩෙත් කඩාගෙන රෙද්දක් නැතිව නිර්වස්ත‍්‍රයෙන් මහ පාරේ දුවන එක ඉතා ළඟදීම සිදුවෙනවා”

ඒ එස්.බී. දිසානායක මහතා එදාය…එදා කිවාට මහා දවසක් නැත හරියටම කිව්වොතින් දින 100ට පොඩ්ඩක් වැඩිය …නමුත් ඊයේ වන විට චන්ද්‍රිකා කුමාරතුංග කියන ආකාරයට ඉතා මහන්සියෙන් හැදු යහාපාලන ආණ්ඩුවේ තමන්ට අම්බානකට පරිභව කළ අයෙකුට ඇමතිකමක් ලැබෙනවානම් එයින් පෙනියන්නේ මේ ආණ්ඩුවේ යහපාලනය මොනතරම් කුහකද යන්න පමණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් දහස් ගණන් සිරගෙට යවන්න කතා කරපු, මැතිවරණයක් නොතිබුණා නම් සබරගමු ශිෂ්‍යයන්ට කරන දේ බලාගන්න තිබුණා කියලා තර්ජනය කරපු, විශ්වවිද්‍යාල සිසුන් ගණනාවකගේ පන්ති තහනම් කරපු සිසුන් ගණනාවක් සිරගත කරපු, එස්.බී. දිසානායක වැනි අයට ඇමතිකම් ලැබුනානම් මේ රටේ මාධ්‍යවේදීන්ට පහරදුන්,කුඩු ගෙනා,රාජ්‍ය සේවකයන් ගස් බැන්ද මර්වින් සිල්වාද ලගදිම ඇමති කෙනෙකු වනු නොඅනුමානය.

මේ අතර ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ඒස්.බී. දිසානායක මන්ත්‍රීවරයා පත්කිරීමත් සමග ඊයේ හඟුරන්කෙත පොරමඩුල්ල ප්‍රදේශයේදී ඒස්.බී. දිසානායක ඇමතිවරාගේ බාල සොහොයුරා වෙඩිතැබීමක් කරමින් බලය පෙන්වා තිබේ.

රංජිත් දිසානායක නැමති එම පුද්ගලයා හඟුරන්කෙත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒස්.බී. දිසානායක ඇමතිවරයෙකු වශයෙන් කටයුතු කළ බොහෝ අවස්ථාවලදී එම පවුලේ අය විවිධ මැරකම්වලට සම්බන්ධ වූහ.

ඊයේද (22) ඒස්.බී. දිසානායක ඇමති තනතුරේ දිව්රුම් දුන් විගස සොහොයුරා වෙඩිතබමින් සිදුකළ මැරකමට එරෙහිව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයකද යෙදී ඇති බව වාර්තා වේ. මේ අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇප මුදාහැර තිබේ.

~~පාඨක අදහසකි~~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top