Breaking
22 Feb 2025, Sat

අනේ කාලේ වනේ වාසේ -රතන හිමි…නිවනට යන මඟ

අනේ කාලේ වනේ වාසේ කියා කතාවක් ඇත්තේමු….අපේ රටේ මිනිස්සු ගොනාට අන්දන්නට සමත් ගිහියන් පමණක් නොව පැවිද්දන් මෙන්ම තවත් ආගමික නායකයන් යැයි කියමින් පෙනී සිටින අය සිටින බව අප මතක තබාගත යුතුය.

ධර්ම රාජ්‍යය සදහා යන මාර්ගය ජනතාවට පසක් කර දෙන බව පවසමින් සෝම හිමියන්ගේ මරණයෙන් පසුව උන්වහන්සේගේ ජනබලයට කෙලවා යන්තම් පාර්ලිමේන්තුවට පිවිසි අපේ හාමුදුරුවෝ ධර්ම රාජ්‍යය සදහා යන්නට බෙන්ස් කාර් සහ සුරූපී ලලනාවන්,සුඛෝපභෝගි නිවාස පමණක් නොව අසීමාන්තික බලයද එකරාශී කර ගත්තා පමණක් නොවේ දැන් මේ රටේ බහුතයක් උ සිංහල බෞද්ධයන්ටද පස්ස හරවා අවසානයේ බෞද්ධාගමමද වලපල්ලට යැවිමට කටයුතු කරන බව මෙම ඡායාරූපය කියා පායි.
වර්තමානයේ  පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාවේ කැඳවුම්කරු පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ හිරුණිකාගේ මගුල් ගෙදරට ගොස් ගත් ඡායාරූපයකි.හිරූනිකා පමණක් නොවේ ඔනෑම මගුලක් ගියාට අපට කමක් නැත.නමුත් මේ රටේ භික්ෂූන් වහන්සේලා,චීවරයට ඇති ගෞරවය කෙලසිමට රතනලාට නොව වෙන චිවරයක් දමාගත් සොර දෙටුවෙකුටවත් ඉඩ නොදිය යුතුය.
අපේ රටේ ස්වාමින්වහන්සේලා මගුල් ගෙවල්වලට වඩින්නේ නැත.මනාල යුවල විහාරස්ථානයට ගොස් ආශිර්වාදය ලබා ගැනිම සමාන්‍ය සම්ප්‍රදායයි.
ස්වාමින්වහන්සේ නමක් මගුලකට වැඩියද ඡායාරූපයකට පෙනි සිටිම කිසිවිටකත් කරන්නේ නැත.ඒ අනුව රතන හිමියන් මේ චිවරයට හා අපේ බෞද්ධාගමට කර ඇත්තේ මහා අපහාසයකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.