LNN SPY

සිංගපූරුවේ සැබෑ යහපාලකයෝ ලංකාවේ බොරු යහපාලකයන්ව ප්‍රතික්ෂේප කරති-රවි,මහෙන්ද්‍රන් දෙන්නම හොරු

මේ සතියේ සිංගපූරුවේ කොටස් වෙළඳ පොල හරහා ලංකා රජය නිකුත් කිරීමට උත්සාහ කල ඩොලර් බිලියන 1.5 විදේශ ණය බැඳුම්කරය සිංගපූරු රජය ප්‍රතික්ෂේප කර ඇත. බැඳුම්කරය නිකුත් කරනවා යනු තේරෙන බාසාවෙන් කියනවානම් ඩොලර් බිලියන 1.5 ක් හෙවත් රුපියල් 195,000,000,000 පමන මුදලක්  විදේශ ආයෝජකයන්ගෙන් පොලියට ගන්නට කල උත්සාහයයි.  

සැබෑ යහපාලනය ඉහලින්ම ක්‍රියාත්මක වන ඉතා දැඩී නීති අනුගමනය කරන රටක් වන සිංගපූරුව පවසා ඇත්තේ මෙම බැඳුම්කර නිකතුවට අත්සන් තබා ඇති ශ්‍රී ලංකා මුදල් ඇමති හා මහ බැංකු අධිපති යන දෙදෙනාගේම අත්සන් වගකිව යුතු ආන්තර්ජාතික ගනුදෙනුවක් සඳහා පිලිගත නොහැකි බවය.  

ඔවුන් පෙන්වා දී ඇත්තේ රවි කරුණානයක විනිමය වංචා චොදනා නඩුවක විත්තිකරුවෙකු වන අතර අර්ජුන මහෙන්ද්‍ර මහ බැඳුම්කර වංචවකට සැක පිට අනිවාර්‍ය නිවාඩු යවා අති අයෙකු බවයි.මෙවන් දෙදෙනෙකුගේ අත්සනින් වගකිව යුතු රාජ්‍ය ලේඛනයක් ඉදිරිපත්වීම ගැන සිංගපූරු බලධාරීන් පුදුමය හා කනස්සල්ල පල කොට ඇත.කොහොමද  ලංකාවේ නම්බුව දැන් ?

විශේෂ ලියුම්කරු

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top