Breaking
23 Feb 2025, Sun

ටොයියන් සමග ගිය රතන හිමි ආපසු හැරෙයි!

ටොයියන් සමග රට හදන්න ගිය ගමන දින සියය යන්නට මත්තෙන් ඇනගත් බව දැනගත් රටට ජාතියට මඟ කියන බව පවසමින් කහ සිවුරු පොරවාගත් රතන හා සොභිත හිමියන් දැන් යලිත් ජනතාවට මඟ කියන බව පවසමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ලං වන්නට ඉව අල්ලන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පවතින විරසකය මඟහැරවීමට කඩිනමින් මැදිහත්වන්නැයි හිටපු ඇමැතිවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණය තුළදී පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගෙන් වැඳනමස්කාර කර ඉල්ලා සිටිය බවට අතේ පත්තු අන පුවත් කිහිපයක්ම පුවත්පත් සහ වෙබ් අධවි වල පලකරමින් සිටි.

“එදා ජනාධිපතිවරණයෙන් පස්සේ වෛරය මුල් කරගෙන සරත් ෆොන්සේකා සිරගත කළා. ඒ ක්‍රමය අනුගමනය කළා නම්, අද මහින්ද මහත්තයා හිරේදාන්න ඕන. මහින්ද මහත්තයා හිරේ දාන්න ගිය එක වැළැක්වුවේ මමයි”  යනුවෙන් පොර ටොක්ස් කිහිපයක්ද රතන් හිමි ලබාදුන් බවට මෙම පුවත පලකිරිමට කටයුතු කර තිබේ.

“මහින්ද රාජපක්‍ෂ එක්ක මගේ ප්‍රශ්නයක් නැහැ. එතුමාට විරුද්ධව මම වචනයක් කතා කරල නැහැ. මේ ඉල්ලීම ඉටු කරන්න. ප්‍රශ්නයට මැදිහත් වෙන්න මම සූදානම්. ඒක මම කරන්නම්” 

1994දී චන්ද්‍රිකා SLFP  එකේ බලය අරගෙන 1994දීම රනිල් UNP එකේ බලය ඩැහැ ගත්තට පස්සේ මේ දෙන්න මේ දැවැන්ත පක්ෂවල හිටපු ඒ සිංහල බෞද්ධ ජාතික බලවේග කොන් කරලා නන්නත්තාර කරල දැම්ම. ඔවුන් දෙන්නම ඉන්නේ මතවාදීමය ලෙස ඉන්නේ එකම තැනක. වටේ ඉන්නේ එකම යාලුවෝ. සිතුම් පැතුම් එකයි.

ඔවුන් දෙදෙනා වටේ හිටිය සහ ඉන්න බලවේග සිංහල බෞද්ධ බලවේග දිහා බලන්නේ අන්තවාදී නුගත් ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ ඇහැකින්. හැබැයි අනිත් ඔක්කොම සුළු ජාතීන්ගේ අන්තවාදය හෝ ත්‍රස්තවාදය දකින්නේ ඉතාම මානුෂික සාධාරණ අංගයක් විදිහට.

හැබැයි රතන සාධුගේ හෙළ උරුමේත් අනුර දිසානායකගේ ජවිපෙත් අද වඩා සමීප රවී කරුනායක සහ අලුත් මාදුළුවාවේ සෝභිත සාධු හිතන පිළිවෙලට. මේකත් හරියට අර 1994 ඉඳන් චන්ද්‍රිකා රනිල් එකට හිතනවා වගේ තැනක්.

ඔය කව්රු ජාතික බලවේග ඉන්නේ තමන් එක්ක කියල හිතාගෙන හිටියත්, ඇත්ත කතාව ඒ ජාතික බලවේග ඉන්නේ තමන්ට වඩාත් සමීප ව දැනෙන තැන එක්ක.හෙළ උරුමේ නායකයෝ දෙතුන් දෙනා 2015 ජනවාරි 09 වෙනිදා යහපාලන ආණ්ඩු හදලා ඉගෙන ගත්තු පාඩම එකයි.

අවසාන වශයෙන් රටේ ජනතාව එක දෙයක් නිවැරදිව තින්දු කළ යුතුව තිබෙනවා එ වෙන කිසිවක් නොව නැවත හැරෙන මේ දුෂ්ට බලවෙග නිවැරදිව හදුනා ගැනිම සහ නිලය අල්ලා සමාජය ඉදිරියේ ඔහුන් හිරිවැට්ටිමේ වගකිම තමන් සතු බවය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.