Breaking
23 Feb 2025, Sun

රනිල්ට කූජිත පරාජයක් අත්කර දෙමින් “හකිම්” තනිවම සටනට!

මහින්ද රාජපක්ෂ මහා මැතිවරණයට ඉදිරිපත් විමත් සමග අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය ලබන පරාජය හේතුවෙන් අලියා අත හැරිමට ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය තිරණය කර තිබේන බව වාර්තා වේ.

මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

මෙයට හේතු වී ඇත්තේ රිෂාඩ් බදියුද්දීන් ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් සමස්‌ත ලංකා මහජන කොංග්‍රසය එජාපයෙන් තරග කිරීමත් ඔවුන් තරග කරන ආසනවලට මුස්‌ලිම් කොංග්‍රසය ද තරග කිරීමට ඉල්ලා සිටීමත්ය.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය මහනුවර, කළුතර සහ කුරුණෑගල ඇතුළු දිස්‌ත්‍රික්‌ක 10 කට එජාපයෙන් තරග කිරීමට බලාපොරොත්තු වූ අතර අම්පාර සහ මඩකලපුව දිස්‌ත්‍රික්‌කවලට තනිවම තරග කිරීමට තීරණය කොට තිබිණි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.