Breaking
22 Feb 2025, Sat

යහපාලන මුවාවෙන් අන්තවාදීන් රටේ ඓතිහාසික සිද්ධස්ථාන ආක‍්‍රමණයක

මුස්ලිම් අන්තවාදීන් විසින් අපගේ රටෙ ඓතිහාසික සිද්ධස්ථාන ආක‍්‍රමණය කිරීමේ ඉතා සියුම් කූටෝපය යටතේ ඔවුන් අපේක්‍ෂා කරන්නේ යම් දිනක මේ රට ඔවුන්ගේ ජන අනුපාතයෙන් ආර්ථිකයෙන් සංස්කෘතියෙන් ආදියෙන් ආක‍්‍රමණය කරන මොහොතේදී  ඔවුන්ගේ අනන්‍යතාවය ස්ථාවර කර ගැනීමට පවතින විශාලම අභියෝගය නම් මේ පිං භූමියේ පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා බෞද්ධ නටඹුන්ය. 

එනිසා මෙ මොහොතේ පටන්ම ඉතා දීර්ඝ කාලීන සැලසුමක් ලෙස ඓතිහාසික සිද්ධස්ථාන ආක‍්‍රමණය කරනු ලබයි. එහි ජීවමාන සාධක වන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය, කිරින්ද, කූරගල, රංගිරි දඹුල්ල, මහනුවර දළදා මැදුර අවට ආදි ප්‍රෙදේශයි.

එහි ආසන්නතරම ගොදුරක් ව අනුරාධපුර මහමෙව්නාවයි.  මීට වසර 4 ට කලින් අනුරාධපුරෙ ශුද්ධ වූ මහමෙව්නාවේ දක්‍ෂිණ ථූපයට මීටර් 5ක් නොදුරින්ද ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටිනා ස්ථානයේ සිට මීටර් 200 අවමද දුරින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් පල්ලියක් යැයි කියමින් සොහොන් කොතක් පුරාවිද්‍ය ස්මාරක මත ගොඩ නගමින් මඩුවක් හා සමාන ස්ථානයක් ඉදිකොට තිබුණි. 

එම ස්ථානයේ ගවයින් මරමින් මහමෙව්නා ශුද්ධ භූමියම  අපවිත‍්‍ර කරන්නට හදද්දී අපි සංවිධාන විදියට එවකට 2600 වන ශ‍්‍රී  සම්බුද්ධත්ව ජයන්තිය මහා ඉහළින් ආමිසයට පමණක් ඉඩ දෙමින් සමරන්නට සූදානම් වන මොහොතේදී රටෙ ප‍්‍රධානතම පුරවැසියාගේ සිට සෑම සියලු දෙනාටම දැනුම් දුන්නද කිසිවෙක් එය ඉවත් කිරීමට ඉදිරිපත් නොවන මොහොතක ශාසන මාමක විශාල පිරිසක් සමග එහි ගොස් අපේ පරම යුතුකමක් ලෙස සලකා සම්පූර්ණයෙන්ම එම ස්ථානය ශුද්ධ කරන්නට හැකි විය. 

ඒ පිළිබඳව සිහිපත් කිරීමේදී අපට දැනෙන්නේ නිහතමානී සතුටකි. යුද්ධය නිමා වූ මොහොතේ සියලු සංවිධාන සිය කාර්යය අවසන් යැයි නිහඩ වූ මොහොතක එදා අපට කොළඹ සිට අපේ පිරිස් රැගෙන යාමට වාහනය සඳහා ගාස්තුව පවා ගෙවා ගන්නට නොහැකිව පසුවන මොහොතක බණ කියා ලැබුණ පිිරිකර ටික විකුණා ලද මුදලද ප‍්‍රමාණවත් නොවන අවාසාන මොහේතේදී එංගලන්තයේ පදිංචි  මැතිණියක් ආධාර කළ බව ඉතා කෘත වේදීව සිහිපත් කරන්නේ ඇයගේ නිහතමානි සතුට පිණිසය. 

කෙසේ වෙතත් මේ මොහොත වන විට ඇතිව ඇති තත්වය නම් ඉතා ශෝඡනීයයි. වත්මන්  යහපාලන ආණ්ඩුව පත්වීමත් සමග උද්දාමයට පත් මුස්ලිම් අන්තවාදීන් විසි නැවතත් එම ස්ථානය අපිරිසිදු කරමින් ආගමික ගැටුම් ඇතිවන අන්දමින් වගේම සිංහල බෞද්ධ ජනතාව ප‍්‍රකෝප වන අන්දමින් ආගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ මූලික කටයුතු ආරම්භ කරමින් පවතී.  

ඒම අන්තවාදී ආගමික ක‍්‍රියාව යම් අයුරකින් හෝ සිදුකරමින්   නිහඩව ඉන්න සිංහල බෞද්ධයෝ අවුස්සාගෙන ඉට පස්සේ ආගම්වාදේ ජාතිවාදේ කියලා සිංහල බෞද්ධ අපටම චෝදනා නොනගන ලෙස සියලු වගකිය යුතු බලධාරීන්ට ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 

 මේ පුංචි රටෙ එක් එක් ආගමික කොටස්වලට වෙනමම වූ ආගමික අමාත්‍යංශ පිහිටුවීමෙන් මෙවන් තත්වයන් වැඩි වැඩියෙන් ඇතිවීම කෙසේවත් වැලැක්විය නොහැක. පෙර තිබූ පරිදි බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය යළි ස්ථාපනය කිරීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාපිත පරිදි බුදු දහමට ප‍්‍රමුඛතාවය පිරිණැමීමද සුරැකෙන අතර ආගමික සහනසීලිතාවයද ඇතිවනු ඇත. 

නැති සහජීවනයක් මවා පෑමට ගොස් නැති ප‍්‍රශ්ණ ඇති කර නොගන්නා ලෙසද අප බලධාරීනගෙන් මෙත් සිතින් යුතුව සිහිපත් කර සිටිමු. 

පූජ්‍ය. මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.
සභාපති
සිංහලේ ජාතික පෙරමුණ

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.