Breaking
23 Feb 2025, Sun

ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ඇමති ධුර භාර ගැනීමෙන් පසුව ද නිමල් සිරිපාල විපක්‍ෂ නායක ලෙස කටයුතු කරයි. රාජිත හා එම් කේ ඩී එස් ගුණවර්ධන ඇමතිධුර දරද්දී ද නිමල් සිරිපාල විරුද්ධ පක්‍ෂයේ නායකත්වය දැරී ය. එහෙත් දැන් වෙනසක් සිදු වී ඇත. ඇමතිකම් දරණ ශ්‍රී ල නි ප මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත. ඒ සමග ම පර්ලිමේන්තුවේ ගුණාත්මක වෙනසක් සිදු වී ඇත. 

අද ඇත්තේ ජාතික ආණ්ඩුවක් යැයි ඇතැම්හු කියති. එය මුළුමනින් ම වැරදි ය. වැඩිම වුවහොත් ඇත්තේ විජාතික ආණ්ඩුවකි. එ ජා ප සහ තවත් පක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ කොටසක් සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවා ඇත. එය සභාග ආණ්ඩුවක්වත් නො වේ. සභාග ආණ්ඩුවක් යනු පක්‍ෂ දෙකක් හෝ වැඩි ගණනක් හෝ එක් වී පිහිටුවන ආණ්ඩුවකි. එහෙත් මේ ආණ්ඩුව එ ජා ප තව පක්‍ෂ කිහිපයක් හා ශ්‍රී ල නි පක්‍ෂයේ කොටසක් (පක්‍ෂයේ සියළු මන්ත්‍රීන් නො වේ) එක් වී පිහිටුවන ලද ආණ්ඩුවකි. පක්‍ෂ කෑලි එකතු වී ජාතික ආණ්ඩුවක් තබා සභාග ආණ්ඩුවක්වත් පිහිටුවිය නො හැකි ය.

අද ප්‍රශ්නය වී ඇත්තේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කවරේ ද? ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කවරේ ද යන්න ය. ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවේ ද නැත්නම් විපක්‍ෂයේ ද? එයට ඒකාන්ත පිළිතුරක් අවශ්‍ය වෙයි. එයට පිළිතුර චතුස්කෝටිකයෙන් බලාපොරොත්තු විය නෙ හැකි ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට ඒ සරල ප්‍රශ්නයට පිළිතුරක් දිය නො හැකි ය.

එයින් පිළිබිඹු වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයෙහි අර්බුදය ය. ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමයෙහි මෙවැනි තවත් පක්‍ෂයක් තිබිණි දැයි නො දනිමි. ශ්‍රී ල නි පක්‍ෂයට මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට නොහැකි නම් කතානායකවරයාවත් මැදිහත් වී එය විසඳිය යුතු ය. විපක්‍ෂ නායකකම සුදුසු පුද්ගලයකුට දිය යුතු ය. 

ඒ සඳහා පළමුව විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය නිවැරදිව අනන්‍ය ව හඳුනාගැනීමට හැකි විය යුතු ය. අද ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කෙරී ඇත. එසේ දෙකඩ කළේ මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ඇතුළු පිරිස ය. ඔවුන්ට අද ඒ බව පිළිගැනීමට නොහැකි වී ඇත. 

මෙය ජනතාවගේ අයිතිවාසිකමක් පැහැර හැරීමකි. ජනතාවට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය හඳුනාගැනීමට හැකි විය යුතු ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එයට ඉඩ නො දෙයි. ශ්‍රී ල නි පක්‍ෂය ජනතාවට ද්‍රෝහි වන්නේ එහි නිවට නායකයන් විසින් කරන ලද ක්‍රියා ඔවුන්ට ම දිරවා ගත නො හැකි බැවිනි. 

නලින් ද සිල්වා

2015 මාර්තු 23 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.