LNN SPY

රනිල් ඩිලාන් ලවා කොස් ඇට බාවයි- සජිත්-තලතා-බුද්ධික සටන් අරඹන ලකුණු!

එක්සත් ජාතික පක්ෂයේ රනිල් විරෝධී සජිත්-තලතා-බුද්ධික තුන්කට්ටුව යලි රනිල් විරෝධී සටනක් ඇරඹීමට සුදානම් වන බව වාර්තා වේ.පසුගියදා ශ්‍රිලනිප පිරිසක් රනිල් ආණ්ඩුවේ කටු සුප්පු කිරිමට පැමිණිමත් එම පැමිණි පිරිසේන වැඩි දෙනෙකු දුෂිතයන් විමත් ඔහුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට නොහැකි විමත් නිසා මෙම තත්ත්වය උග්‍රවි තිබේ.

ඩිලාන් පෙරේරා මහතා නිවාස හා සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා ගනිමින් සභාග ආණ්ඩුවට එක්වීමත් සමග විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය බලවත් අර්බුදයකට ලක්ව ඇති බව අප වාර්තාකරු සදහන් කලා.

ඩිලාන් පෙරේරා පාලන සමයේ විදේශ රැකියා අමාත්‍යංශය තුළ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳව සිදුකල විමර්ශන වහාම නවතා දැමීමට කටයුතු කරන් ලෙසට නිවාස හා සමෘද්ධි අමාත්‍ය ඩිලාන් පෙරේරා තලතා අතුකෝරල මහත්මියට බලපැම් කර තිබේ.

එම අමාත්‍යංශය සජිත් පේ‍්‍රමදාස මහතාගේ යටතේ තිබෙන අතර සජිත් සහ තලතා අතර ගැටුමක් ඇති කිරිමේ අරමුණින්ම මෙම බලපෑම් ඇති කරන බවත් ඒ සදහා එජප රනිල් වාදින්ගේ පිළේ ප්‍රභලයෙකු ඩිලාන් මෙහෙයවන බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.

” විදේශ රැකියා අමාත්‍යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් හදන්න මුල් ගල් තියන උත්සවයට ලක්ෂ 126ක් වියදම් කරලා තියෙනවා. පසුගිය වෙසක් එකට භක්ති ගීතයක් පුහුණු කරන්න ලක්ෂ 56ක් වියදම් කර තිබෙනවා. කිරි අම්මා දානයකට රුපියල් ලක්ෂ 35ක් වියදම් කර තිබෙනවා. පසුගිය වසරේ නත්තල් පාටියට රුපියල් ලක්ෂ 11ක් වියදම් කර තිබෙනවා. පසුගිය වසරේ මෙම කාර්යාංශයේ ප‍්‍රචාරණ වියදම රුපියල් මිලියන 362යි. මටත් අත දිගහැරලා වියදම් කරන්න පුළුවන් තැනක් තියෙන්නේ. අවුරුදු උත්සව තියන්න පුළුවන්. ඉතින් ඒ තරමටම මුදලක් මෙතැනි නාස්ති වෙලා තියෙනවා.” යනුවෙන් ඩිලාන්ගේ පැටිකිරිය  තලතා අතුකෝරල මහත්මිය පසුගියදා කොළඹ උපාධිධාරී කාන්තා සංගමයේ පැවැති උත්සවයකට එක්වෙමින් අනාවරණය කර තිබුනා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top