Featured

Blue Mountain වංචනීක තැන්පතු අල්ලන්න මෙහෙයුමක්

ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties මුල්‍ය වංචා පිළිබඳව දිගින් දිගටම කරල ලද අනාවරණයන් හමුවේ රහස් පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.විශේෂයෙන්ම ඉඩම් සහ නිවාස ව්‍යාපෘතියක් එස පවත්වාගෙන යන  Blue Mountain Properties ආයතනය මැත කාලීනව ඉතා ඉහල පොලී ප්‍රතිශතයන් ගෙවන බව පවසමින් ඉතා විශාල ගණනින් මුදල් තැන්පත්කරුවන් ගෙන් වංචනීක ලෙස ලබාගෙන තිබේ. මුදල් තැන්පත් කල 50කට අධික තැන්පත් කරුවන් පොලිස්පතිවරයාට සහ ජනාධිපතිවරයාට අහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට කරණ ලද පැමිණිලි මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ.

සාමාන්‍යයෙන් නිළලත් බැංකු හරහා සියයට 7%-8% පමණ අවම පොලී ප්‍රතිශතයක් ගෙවන බවත් තමන් 14%-15% වැනී ඉහල ප්‍රතිශතයක පොලීයක් ගෙවන බව පවසමින් තැන්පතු ලබාගෙන තිබේ.විශේෂයෙන්ම් Blue Mountain Properties සමාගමට ඉඩම් විකිණු ඉඩම් හිමිකරුවන්ගේ මුදල් මේ ආකාරයට ඉහල පොලියක් ගෙවන බව පවසමින් ඉඩම් විකීනිමෙන් ලැබෙන මුදල් වංචනීක ලෙස යලී ලබාගෙන තිබේ.

ජනතා මුදල් ගසාකන Blue Mountain වංචා සොයන්න පොලිස් විමර්ශන! ආරම්භ කර තිබේන බව අප පසුගියදා අනාවරණය කළා.

මේ අකාරයට  Blue Mountain Properties යන නමින් පමණක් පෙනි සිටි අදාල හොර සමාගම එකවරම Blue Mountain Group ලෙස පෙනි සිටිමින් මහා බැංකුවේ අවසරයකින් තොරව මුල්‍ය ආයතනයක් ලෙස පෙනිසිටිමින්ජනතාවගේ මුදල් තැන්පතු ලෙස භාර ගැනිමට කටයුතු කර තිබේ.ඒ හරහා ජනතාවගෙන් ලබාගෙන ඇති මුදල් ප්‍රමාණය මේ වනතෙක් අනාවරණය වි නැති අතර මුදල් ලබා ගැනිමට ගිය තැන්පත්කරුවන් කිහිප දෙනෙකු මුහුණ දුන් අනපේක්ෂිත සිදුවිම් හේතුවෙන් තමන්ගේ තැන්පත් ගැන අවිනිශ්චිතතාවයක් හටගෙන තිබේ.

Blue Mountain හොරු  ගැන කල අනාවරණ – ජනතාව ගොනාට අන්දා මුදල් ගසාකන Blue Mountain Properties 

Blue Mountain සභාපතිගේ කැරැට්ටුව මාට්ටු කියවන්න

Top