Anonymous Reporter

Blue Mountain හොරුන් වෙස්මුහුණු දමයි…. අලුත් සමාගම් 3කින් කොල්ල කෑම ජයටම! මේ අනතුරු ඇගවිම ජනතාවටයි!

මහා පරිමාණ දේපල සංවර්ධන හා අධි සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීමේ මුවාවෙන් රටේ රාජ්‍ය බැංකු,මුල්‍ය ආයතන මෙන්ම ජනතාවගෙන් බිලියන් ගණනින් මුදල් වංචා කර මේ වනවිට අතුරුදහන් ව සිටින බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරු කුප්‍රකට වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි හෙවත් “හිරාන්”නැමත්තා තමන්ගේ කොල්ල කෑම වෙනත් වටයකින් දියත් කර තිබේන බවට තොරතුරු වාර්තා වේ.

සක්විති ගණයේ ව්‍යාපාරික සමාගමක් වන Blue Mountain Properties සමාගම සිදුකරන වංචා හ දුෂණ සියල්ලම මේ වනවිට වසා ගැනිමට හිරාන් කටයුතු කරමින් සිටින්නේ ඔහුට ඉතාම සමීප කටයුතු කරන දේශපාලඥයන් කිහිප දෙනෙකු වන අතර මේ වනවිට හිරාන් තමන්ගේ පරණ හොරකම නමින්ද ගමගේ නැමත්තෙකු හරහා දියත් කරමින් සිටි.

Guardian Lands (Pvt) Ltd,Prestige Credit & Investment Pvt Ltd,Park Properties (Pvt) LTD.යන නම් වලින් ආයතන කිහිපයක්ම පවත්වාගෙන යන නමින්ද ගමගේ මෙහෙයවනු ලබන්නේ හිරාන් විසින් වන අතර එම ඉහත ආයතන සියල්ලමද බොරු මවුන්ටන් සමාගමට නොදැවිනි බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ. නමින්දගේ සහයට තවත් කිහිප දෙනෙකුම සිටින අතර ඔහුන් පිළිබඳවවද අප ඉදිරියේදි අනාවරණය කරනුයේ ජනතාවගේ සුබ සිද්ධිය සදහාමය.

නමින්ද විසින් මේ වනවිට ඉහත සමාගම සතුව විවිධ වත්කම් ඇති බව සදහන් කරමින් බැංකු සහ මුල්‍ය ආයතන හරහා මිලියන ගණනින් මුදල් වංචා කිරිම ආරම්භ කර ඇති අතර ඒ සදහා දේශපාලඥයන් කිහිප දෙනෙකුගේමද සහය ගෙන තිබේ. Blue Mountain සමාගමද තමන්ගේ වංචාව මෙහෙයවනු ලැබුවේ මේ ආකාරයටම වන අතර හිරාන් විසින් තමන් සතුව බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වල එකම ඔප්පුවක් තබමින් මුදල් වංචා කල අයෙකි.

බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්විමට යහපාලන සමයේ මෛත්‍රී ජනාධිපතිවරයාට ලංව සිටි ඒ හරහා බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම සම්මානයකටද හිමිකම් කියා තිබුනා.

මෑතකාලීනව Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව ….

බ්ලු මවුන්ටන් සමාගමේ සභාපතිවරයා විසින් 2017 වර්ෂයෙන් ජනවාරි 19 වනදා බම්බලපිටියේ දී ඉදිරිකිරිම් ආරම්භ කරනු ලැබූ තරු හතේ සුපිරි නිවාස සංකිර්ණය නම් කර තිබුණේ Achileion ලෙස ය.

ව්‍යාපෘතිය ආරම්භ කිරිමේ දී කොටස් දෙකක තට්ටු 50 සුපිරි නිවාස 616කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස එය හදුන්වා දි තිබු අතර හෙළිකොප්ටර් අංගනයක් ද ගොඩ බෑමට හැකි ව්‍යාපෘතියක් ලෙස මවා පෑ එම ව්‍යාපෘතිය සදහන් කර තිබුණේ ආසියාවේ දැවැන්තම ව්‍යාපෘතිය ලෙස ය.එම ව්‍යාපෘතිය සදහා බැංකු 04කින් පමණ ණය ලබාගැනිමටද කටයුතු කර තිබුනා.

පසුව 2018 අප්‍රේල් මාසයේදී චීන ඉදිරිකිරිම් සමාගමක් සමග ඔවුන් ගිවිසුම් ගත වූයේ ව්‍යාපෘතිය පිළිබදව ජනතා විශ්වාසය තවත් තහවුරු කිරිමට ය.කෙසේ නමුත් මේ වනවිට ව්‍යාපෘතිය අත්හිටුවා ඇති අතර අදියර කිහිපයක් යටතේ මෙම සුපිරි නිවාස මිලදී ගත් ගැනුම්කරුවන්ගෙන් බ්ලු මවුන්ටන් සමාගම මුදල් අයකර ගෙන

තිබූ අතර බොහෝ දෙනෙකු වටිනාකමෙන් 50%කට වඩා මුදල් ගෙවා තිබුණි.මෙසේ ගැනුම්කරුවන් එකතු කරගෙන තිබූ මුදල දළ වශයෙන් රුපියල් බිලියන 02කට ආසන්න වේ. මේ වන විට Blue Mountain සමාගම විවිධ වංචනික ක්‍රියාවන් හරහා ගත් ණය වල සිමාව බිලියන 9 (මිලියන් 9000ක් )ඉක්මවා ගොස් තිබේ.

2019 වසරේ ජුනී මාසයේ සිරස පුවත් සේවය Blue Mountain සිදුකල දැවැන්තම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකල අනාවරණය මේ…..

Top