Breaking
22 Feb 2025, Sat

හැමදාම බොරු කියන්න බෑ රනිල්! කාදිනල් තනිකරන්න ගිහින් රනිල් හත්පොලේ ගා ගනී!

කාදිනල් හිමිපාණන්,කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස හුදකලා වු අයෙකු නොව ඔහු කතෝලික රදගුරු සමුළුව හා සමග පුර්ණ ලෙස බැදුණු සහ වඩාත්ම වැදගත් සමාජිකයෙකු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කර සිටි.ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ Duetsche Welle DW News සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් සදහන් කර සිටි.

කතෝලික රදගුරු සමුළුව සමන්විත වන රදගුරු පදවි 12 සහ රදගුරු හිමිවරුන් සහ කොළඹ සහයක රදගුරු හිමිවරුන් තිදෙනාගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමුකර තිබේ.

It should be noted that the Cardinal being the Archbishop of Colombo is not “sui generis” (existing alone) but is an integral and most vital member of the Catholic Bishops’ Conference in Sri Lanka.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සත්‍ය කරුණු අනාවරණය වනු ඇති බවට බයෙන් සිටින රනිල් රාජපක්ෂලා කාදිනල් රංජිත් හිමිපාණන් සහ රදගුරු සමුළුව අතර භේදයක් ඇති බව පෙන්වීමට උත්සහ ගනිමින් සිටි.ඊට ආසන්තම හේතුව වුයේ රනිල් ජාත්‍යන්තර මාධ්‍ය හරහා සිදුකල අසත්‍ය ප්‍රකාශයි.

මිට පෙරද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දරන්නේ එකම මතයක් විදේශීය නිරීක්ෂකයින් සම්බන්ධ කර ගනිමින් ඒ පිළිබඳව දේශීය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනය කර සිටියා.එ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ කැමැත්ත ඇතිව පමණක් ජනාධිපතිවු රනිල් ජාත්‍යන්තර මාධ්‍ය හරහා කරනා ලද ප්‍රකාශය හේතුවෙනි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.