Breaking
21 Sep 2025, Sun

Guam දූපතේ ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීමේ ඇමරිකාවේ සූදානමට චීනයේ විරෝධය

Guam දූපතේ ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීම පිළිබඳ ඇමරිකාව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය ප්‍රතිචාර දක්වයි.

අද(27) චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු සඳහන් කළ පරිදි, ඇමරිකානු හමුදාව ඉදිරි වසර කිහිපයක් තුළ  Guam දූපතේ සුළු පරිමාණ වේගවත්-ප්‍රතිචාර හැකියාවක්  ඇති ‘වෙරළ සටන් බලකායක්’ ස්ථානගත කිරීමට අපේක්ෂා කරයි. එමෙන්ම චීනයේ ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ජපානය හා පිලිපීනය ඇතුළු සිය මිත්‍ර රටවල් ආරක්ෂා කිරීම එහි අරමුණ බවත් ඇමරිකානු පාර්ශ්වය පසුගිය 21වනදා ප්‍රකාශ කර ඇත. මේ පිළිබඳ චීනයේ ප්‍රතිචාරය පිළිබඳ ඔහු විමසීමක් කළේය.

පදනම් විරහිත ඊනියා තර්ජන හේතු කොට ගෙන ඇමරිකාව ආසියා ශාන්තිකර කලාපයේ පෙරමුණේ හමුදාව සැකසීම අඛණ්ඩව සිදු කරගෙන යමින් සිටින බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වූචියන් මහතා එහිදී පැවසීය. එදිරිවාදිකම් ඇති කරමින් නොසන්සුන්තා උග්‍ර කිරීම ඇමරිකාවේ අරමුණ බවත් චීනය ඊට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඔහු කියාසිටියේය.

චීන ජාතිකයින් කිසිවිටක ගැටලුකාරී තත්ත්වයන් ඇති නොකරන අතර, ප්‍රකෝපකාරී ක්‍රියාවලට ද බිය නොවනු ඇත. යම් පාර්ශ්වයක් මිත්‍රශීලී සබඳතාවකින් කටයුතු කරයි නම් චීනය ද සිය මිත්‍රශීලි බව පෙන්වනු ඇත. නමුත් යම් පාර්ශ්වයක් ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කරන්නේ නම් චීනය ද ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇත. මෙම මූලධර්මයට චීනය දැඩි ලෙස අනුකූල වන බව ඔහු එහිදී අවධාරණය කර ඇත.