පුවත්

G7 ප්‍රකාශය පිළිබඳ චීනයේ දැඩි විරෝධය

G7 ප්‍රකාශය මගින් යළිත් චීනය සම්බන්ධ ප්‍රශ්න හුවා දක්වමින් කිසිදු නීතිමය හෝ සදාචාරාත්මක පදනමකින් තොරව චෝදනා එල්ල කිරීම හෙළා දකින බව චීන විදේශ අමාත්‍යංශය පවසනවා.

නැගෙනහිර චීන මුහුද, දකුණු චීන මුහුද, හොංකොං, චීන ටිබේට‍ය, තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වය පිළිබඳව  G7 නායකයින් පදනම් විරහිත චෝදනා එහිදී ඉදිරිපත් කළ බවයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ලින් ජියන් මහතා පවසන්නේ . G7 යනු සමස්ත ලෝකය නියෝජනය කරන පිරිසක් නොවන අතර ඔවුන් නියෝජනය කරනුයේ ලෝක ජනගහනයෙන් සියයට 10 ක් පමණක් බවද ඔහු ‍ප්‍රකාශ කර තිබෙනවා.

වාර්ෂිකව ගෝලීය ආර්ථිකයේ G7 සාමාජිකයින්ගේ කොටස අඛණ්ඩව පහත වැටෙමින් පවතින අතර ඔවුන් සියල්ලම ගෝලීය ආර්ථික වර්ධනයට චීනයට වඩා අඩු දායකත්වයක් සපයන බව ද චීනය පවසනවා. G7 සාමාජිකයින්ගේ ආර්ථික සමස්තය දැනටමත් BRICS රටවල් විසින් අභිබවා ගොස් ඇති බවත් ඔවුන් ලෝකයේ සාම සංවර්ධන ප්‍රවණතාවට එරෙහිව ක්‍රියා කරන බවයි චීන විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ

 

Top