All

Exclusive: ලංකාව ලෝක යුධ බලවතුන්ගේ ගොදුරක් කරයි… රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිල මෙහෙයුම් පද්ධතියක් ලංකාවෙත්! චීන,රුසියා ඉන්දීය සාගර කලාපය මිලිටරීකරණය කරයි!

Published on: Dec 31, 2019- රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව (Russian Foreign Minister Sergey Lavrov) 2020 ජනවාරි 14 වන දින කොළඹ සිදුකිරිමට නියමිත හදිසි සංචාරයේ අරමුණ රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිලය මෙහෙයුම් (Avangard hypersonic missile) පද්ධතිය ක්‍රියාත්මක කිරිම සදහා ලංකාවේ පිහිටි ජාත්‍යන්තර යුධමය වශයෙන් වැදගත් උතුරු පළාතේ සහ දකුණේ ප්‍රදේශයක් පිළිබඳව සාකච්ඡා කිරිමට බව මේ වනවිට අනාවරණය වි ඇති බව අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ව 14 දිවයිනට පැමිණිමට නියමිත අතර එහිදි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයා සමග සaජු සාකච්ඡා පැවැත්විමට නියමිතයි.පසුව ඔහු 15 වැනිදා ඉන්දියාව බලා යන අතර චීනය, රුසියාව සහ ඉරානය දින හතරක නාවික අභ්‍යාසයක් පැවැත්විමට අදාළව සහය ලබා ගැනිමට බවද මේ වනවිට අනාවාරණය වි තිබේ.

~~උල්කාපාතයක්” සහ “ගිනි බෝලයක්” Avangard hypersonic missile~~

රුසියානු ඇවන්ගාඩ් හයිපර්සොනික් මිසයිලය(Avangard hypersonic missile) ශබ්දයේ වේගයෙන් 27 ගුණයකින් වේගයෙන් ගමන් කල හැකි අතර එය 2018 සිට රුසියාව විසින් නිර්මාණය කරමින් සිටි නව පරම්පරාවේ න්‍යෂ්ටික මිසයිල සමූහයට අයත් ප්‍රබලම අවිය වේ.

අත්හදා බැලු  Avangard hypersonic missile ය …..

“උල්කාපාතයක්” සහ “ගිනි බෝලයක්” හා සමාන කර තිබේන ශබ්දයේ වේගයෙන් 27 ගුණයකින් වේගයෙන් ගමන් කල හැකි Avangard hypersonic missile යට කිලෝමීටර 6,000 ක් (සැතපුම් 3,700) කින් යුත් දුරක පිහිටි ඉලක්කයකට පහර දිය හැක.

අවධානයට – 2018 අප්‍රේල් 20 දින නිකුත් කරන ලද එක්සත් ජනපද කොන්ග්‍රස් පර්යේෂණ සේවා (CRS) වාර්තාව,දකුණු චයිනා මෝනිං පෝස්ට් (2017), එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව (2015), එස්රි (2016) සහ ඩිලෝර්ම් (2016) වෙතින් දත්ත භාවිතා කර සකස් කරන ලද වාර්තාවට අනුව ප්‍රධාන ඉන්දු-පැසිෆික් බලශක්ති හා වෙළඳ මාර්ගය හම්බන්තොට හරහා වැටි ඇති අයුරු.

ඒ අනුව කිසිදු වගවිභාගයකින් තොරව මුහුදක් ගොඩකර,ගල්කඩමින් හම්බන්තොට වරායක් ඉදිරිකිරිමට රාජපක්ෂලා කටයුතු කලේ මන්ද? 2015 ජනපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හම්බන්තොට වරාය ගිණුමෙන් ඩොලර් මිලියන 7.6ක් ලබාදිම,එය තවදුරටත් පවත්වාගෙන යෑම සදහා සංවර්ධනයට මුවාවෙමින් රනිල් වික්‍රමසිංහලා කටයුතු කලේ මන්ද? එය තවදුරටත් රහස්ක් නොවනු ඇත.

2021දි එකම ද්විපාර්ශ්වික න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුමත් අවසන්!

ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය අතර 1987 INF ගිවිසුම මගින් සීතල යුද්ධයේ අවසානය ගෙන ඒමට ද්විපාර්ශ්වික පාර්ශ්වයන්ට මිසයිල හා දියත් කිරීම් 2500 කට වඩා ඉවත් කිරීමට හැකි වුවද 2014 සිට ඇමරිකාව රුසියාවට අනුකූල නොවන බවට චෝදනා කළේය.

යුරෝපයේ මිසයිල ආරක්ෂක පද්ධති සකස් කිරීම සම්බන්ධයෙන් රුසියාව ඇමරිකාවට දොස් පවා පැවරු අතර පසුව මාස හයක අත්හිටුවීමකින් පසු 2019 අගෝස්තු 02 දින සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකායේ ( INF) ගිවිසුමෙන් විධිමත් ලෙස ඉවත් වී තිබේ.

ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර ඉතිරිව ඇති එකම ද්විපාර්ශ්වික න්‍යෂ්ටික අවි සීමා කිරීමේ ගිවිසුම වන 2001 දී බලාත්මක වූ නව ස්ටාර්ට් ගිවිසුම(New START Treaty) ද 2021 දී අවසන් වේ.

ඇස්තමේන්තුගත ගෝලීය න්‍යෂ්ටික යුධ උපකරණ ඉන්වෙන්ටරියට අනුව (estimated Global Nuclear warhead inventories) ඇමරිකා එක්සත් ජනපදනය 6185ක් නිර්මාණය කරද්දි රුසියාව 6490කට උරුමකම් කියයි.චිනයට තවමත් ඇත්තේ 290ක ප්‍රමාණයකි.

Estimated Global Nuclear warhead inventories

මාර්තු 2019 නව START ප්‍රකාශය: අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 524 ක්, සබ්මැරීනය දියත් කළ බැලස්ටික් මිසයිල සහ උපායමාර්ගික බෝම්බ හෙලන යානා 524 ක් මත උපායමාර්ගික යුධ හිස් 1,461 ක් යොදවා ඇත.

මේ අතර, සීතල යුද්ධ බලවතුන් අතර ද්විපාර්ශ්වික ගිවිසුම්වලට යටත් නොවූ චීනය සිය මිසයිල ධාරිතාව වේගයෙන් පුළුල් කළ අතර අද වනවිට දකුණු ආසියානු කලාපයේ චීනයේ උපායමාර්ගික සහකරු ලෙස පාකිස්තානය බිහි වී තිබේ. 2015 දී ප්‍රකාශයට පත් කරන ලද චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝරය (The China-Pakistan Economic Corridor (CPEC)) ඉන්දියාවේ බටහිරට වන්නට චීනයේ China’s Belt and Road Initiative (BRI) ආශ්‍රිත ක්‍රියාකාරකම් වලින් වැඩ ප්‍රමාණයක් සිදුකරමින් සිටි.

මේ අතර චීනය සිය බලවත්ම සන්නිවේදන චන්ද්‍රිකාව නව බලවත් රොකට්ටුවකින් දියත් කිරීම සිකුරාදා ලොව පුරා හමුදා විශ්ලේෂකයින්ගේ අවධානයට ලක් විය. මේ අතරතුර, චීනය සහ රුසියාව ඉරානය සමඟ ඉන්දියානු සාගරයේ සහ ඕමාන් බොක්කෙහි පාකිස්තානයට නැගෙනහිරින් පිහිටි ප්‍රදේශ වල නාවික අභ්‍යාසවල නිරත විම ජාත්‍යන්තර යුධ විශ්ලේෂකයින්ගේ දැඩි අවධානයට ලක්ව තිබේ. චීනය සහ රුසියාව විසින් සිදුකරන ලද තාක්‍ෂණික ‘දියුණුව’ සහ තීරණාත්මක නිරායුධකරණ ගිවිසුම් වලින් ඉවත්වීම ඉන්දීය සාගර කලාපයේ (IOR) මිලිටරීකරණය තීව්‍ර කරනු ඇත.

CBC News Avangard hypersonic missile ගැන කල වාර්තාව…

Published on: Dec 28, 2019 වැනිදා අනාවරණය කල රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්වගේ සංචාරය..

http://lankanewsnetwork.org/archives/22163

Top