LNN SPY

සබ්‍රි නිසා ගෝඨා කොලේ ඉරාගෙන ඇඟේ හලා ගනි….. ගෝඨාගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී නෑ…. බොරු එපා දැන්වත් ගෙදර යන්න

Published on- Nov 12, 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂතුමාගේ නීති උපදේශක ලෙස පෙනී සිටින අලි සබ්‍රි විසින් ඊයේ (11) රාත්‍රියේ ගෝඨාට තවත් බාල්දියක් පෙරලා ගෙන තිබෙනවා.

ඒ පොහොට්ටුවේ’ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ විසින් සිය නාමයෝජනා බාරදීමේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයයැයි සඳහන් කරමින් ගෝඨාබය රාජපක්ෂගේ අත්සන නොමැති ලේඛනයක් සමාජ මාධ්‍ය හරහා ඊයේ රාත්‍රියේ විසුරුවා හැරීමට කටයුතු කිරීමයි.

පෙරේදා සිට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය අහෝසි වී ඇති බව තහවුරු කිරීමට ගොස් කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන හිටි අලි සබ්‍රි ඇතුළු රාජපක්ෂ නඩය මෙම ක්‍රියාවත් සමඟ ජනතා විශ්වාසය ඉදිරියේ සියතින්ගෙලසිඳ ගෙන ඇත.

දිවුරුම් ප්‍රකාශ ඉතිහාසයම කනපිට පෙරලිමින් අලි සබ්‍රි විසින් ඊයේ නිකුත් කළ ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළා යැයි සැලකෙන මෙම දිවුරුම් ප්‍රකාශයේ සුවිශේෂ බව වන්නේ ගෝඨාබය රාජපක්ෂ ඊට මුද්දර ගසා අත්සන් තබා නැතත් තමන් ඉදිරියේ ඔහු ඊට අත්සන් තැබූ බව කියමින් නීතීඥයකු විසින් එය සහතික කර තිබීමය.

සාමාන්‍යයෙන් දිවුරුම් ප්‍රකාශයක් යනු ප්‍රබල නීතිමය ලෙඛනයක් වන අතර එහි නීත්‍යානුකූල ක්‍රමවේදය වන්නේ සමාදාන විනිසුරුවරයකු හෝ දිවුරුම් කොමසාරිස් බලය හිමි වෙනත් නිලධාරියකු හෝ විසින් එය දිවුරුම්කරුට කියවා, තේරුම් කරදීමෙන් අනතුරුව දිවුරුම්කරු එය සත්‍ය බව පිළිගෙන, ප්‍රතිඥා දී එහි මුද්දරයක් ගසා අත්සන් තැබූ පසු අදාළ නිලධාරියා එය දිවුරුම්කරු තමන් ඉදිරියේ කියවා බලා අත්සන් තැබූ බවට සහතික කරමින් ඊට පහළින් අත්සන් තැබීමය.

තමන් ඉදිරියේ අත්සන් නොකරන ලද දිවුරුම් ප්‍රකාශයකට දිවුරුම් කොමසාරිස් බලය හිමි නිලධාරියකු විසින් පහළින් අත්සන් තබා ඇත්නම් එය නීතිවිරෝධී, කූඨ ලේඛනයක් වෙයි.

ඒ අනුව එලෙස සකස් කොට නොමැති ලේඛනයක් ලෙස ගෝඨා ගේ නීති උපදේශක විසින් ඉදිරිපත් කර ඇත්තේ කූඨ ලේඛනයක් බව මේ අනුවපැහැදිළිය .

අලි සබ්‍රිගේ කුඨ දිවුරුම් පෙත්සම සහිත සමාජ මාධ්‍ය ජාලා පෝස්ටුව…….

මේ අතර 10 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවේදි ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධ ලේඛන මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කළ බව අලි සබ්‍රි පැවසූවත් එවැනි කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොවුන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඊයේ බිබිසි මාධ්‍ය ජාලය සමඟ පැවති සාකච්ඡාවකදි මහින්ද දේශප්‍රිය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉල්ලා ඇති අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය මූලික ලියවිලි හැරුණු විට ගෝඨාභය රාජපක්ෂගේ හැදුනම්පතේ ෆොටෝ කොපියක් හෝ කොමිසම ලබා නොගත් බවයි.

“මැතිවරණ කොමිෂන් සභාවට නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට අදාළ වන හේතු සම්බන්ධයෙන් පමණයි කොමිෂන් සභාව අවධානය යොමු කළේ. ඒක හින්දා කිසිම තැනැත්තෙකුගේ සිරදඬුවම් ලබලා තියෙනවද, නුසුදුසුකම්වලට යටත් වෙලා තියෙනවද, රජය සමඟ කොන්ත්‍රාත් ගනුදෙනුවල නිරතවෙලා තියෙනවද, පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවද යන කරුණු ගැන කොමිෂන් සභාව කිසිදු ලියකියවිල්ලක් ඉල්ලන්නෙවත් ඒ සම්බන්ධයෙන් අවධානයක් දැක්වුවෙවත් නෑ. 

කොමිෂන් සභාව කළා එකම දෙයක් හැබැයි. නාමයෝජනා පත්‍රයේ තියෙනවා මම කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ, මේකට තරග කරන්න කැමතියි කියලා අපේක්ෂකයා අත්සන් කරන්න. ඒ අත්සන සහතික කරන්න ඕනෙ නෑ සමාදාන විනිශ්චයකාරවරයෙක් විසින්. නමුත් අපි වෙනම දිවුරුම් ප්‍රකාශයක් ගත්තා කිසිම නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියලා. එතකොට නුසුදුසුකමකට යටත් වෙලා නෑ කියද්දි … නුසුදුසුකමක් වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට ඔහු ජනාධිපතිවරනයටත් නුසුදුස්සෙක් වෙනවා. ඒ නුසුදුසුකමටත් යටත් නොවෙනවද කියන එක ලියුමක් අරන් තියෙනවා. 

කිසිදු ලියවිල්ලක් අපි නිල වශයෙන් ඉල්ලා සිටලා නෑ. ඉල්ලා සිටලත් නෑ කිසිම කෙනෙක්ගෙන් නාමයෝජනා දවසේ ඒ දේවල්, අඩුම ගාණෙ හැඳුනුම්පතේ ජායා පිටපතවක්වත් අපි ඉල්ලා සිටලා නෑ ” මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිළි කළා.

නැවතත් මේ ප්‍රශ්නය මතුවූ අවස්ථාවේදී මැතිවරණ කොමසාරිස්වරයා  ඉතාම පැහැදිලිව පැවසුවේ “ඉතිං මං ඒකනෙ කිව්වෙ අපි කිසිම ලියකියවිල්ලක් ගත්තෙ නෑනෙ නොමිනේශන් එක්ක. අපට අවශ්‍ය නෑ. අපි ගත්තෙ නැත්තං අපි මොකටද තියෙනවයි කියලා කියන්නෙ. මම නම් ඔය ෆයිල්වත් බැලුවෙ නෑ. අපෙ නිලධාරීන් බැලුවා, අපි බලන්නෙ මේකට අදාළ කරුණු විතරයි” 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් BBC වෙත ලබා දුන් සාකච්ඡාව,

ඒ අනුව පැහැදිළි වන්නේ බොරුව සිය ආත්මය කරගත් රාජපක්ෂලාට ගැලපෙනම ලෝයර් හමු වී ඇති බවයි. චේතිය රජ සමයේ පවා නීති උපදේශක කම සිදු කොට අලි සබ්‍රි මේ ගැහුවේ රටේ ජනතාව ගොනාට ඇන්දීමේ ප්ලෑනක් බව පැහැදිළිය.

පොහොට්ටුකාරයන්ට අනුව රටේ ජනතාව ඒ තරමටම ගොන්නුය. ඔවුන් කියන් කියන දේ හිස්මුදුනින් පිළිගෙන බත් නොකන වහලුන් ලෙස ජනතාව ක්‍රියා කරනු ඇත යන්න ඔවුන්ගේ විශ්වාසයයි.

මේ විශ්වාසය පලුදු කළ හැක්කේ 16 වෙනිදාට ජනතාවටමය.

Top