LNN SPY

Happy poya Day කියමින් අඩි ගසනා ගැහැණුන් බුද්ධශාසනයට කැපද? කිත්සිරි ගංගනාත් මේ ඔබේ වාරයි…. “බුදුසරණයි ” කියා ලොරියේ ගසා හරක් අදින එවුන් තවත් අවශ්‍ය නැත… ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනී මේ ඔබේ අවධානයටයි.

Published on: Feb 13, 2020- අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යටතේ ඇති බුද්ධශාසන , සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධ්කරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන මහතා කුප්‍රකට සමාජ ශාලා හිමිකරුවෙකු බව ජනතාවට පිලිගත හැකි සාක්ෂී සහිතව අප කල අනාවරණයෙන් පසු කුපීත වු කිත්සිරිගේ වන්දිභට්ටයන් අපගේ විද්යුත් තැපෑල හරහා අභියෝග කර සිටියේ අදාළ Sithwin Night Club එක කිත්සිරිගේ බව ඔප්පු කර පෙන්වන ලෙසයි.

රාජපක්ෂ කදවුර නියෝජනය කරන වැඩිහරියක් රස්තියාදු චිවරධාරින් ජනතාවට බණ දෙසා කරන්නෙම දුෂිත වැඩ හේතුවෙන් Night Club කාරයෙකු රාජපක්ෂලාගේ ආණ්ඩුවේ බුද්ධශාසන අමාත්‍යවරය වුවද අපට කමක් නැත.නමුත් වරදක් පෙන්වා දුන් පසුව එය සමාජ හමුවේ නිහතමානීව පිළිගනිම් එය නිවැරදි කිරිම වෙනුවට Sithwin Night Club හී හිමිකාරිත්වය සම්බන්ධයෙන් අපගෙන් ප්‍රශ්ණ කරනුයේ අප මෙන්ම මේ රටේ ජනතාව මොඩයන් සේ සලකානම් එය අනුවණ ක්‍රියාවකි.

අපේ රටේ මෙන්ම දකුණු ආසියාවේ අන්ත දුෂිත රටවල ජනතාව හුරාගෙන කන දේශපාලනඥයන් මෙන්ම ඔහුන්ගේ කලු සල්ලි ජාවාරම්කරුවන් කිසිම අවස්ථාවක ඔහුන්ගේ වංචනීක ව්‍යාපාර තමන්ගෙ නමට ලියාපදිංචි නොකරන බව අමුතුවෙන් කියාදිය යුතු නැත.

නමුත් බෞද්ධ සාසනයට මුවාවි රාජපක්ෂ අයියා සිටි සමයේ කුඩු කන්ටේනර ගනන් රටට ගෙන ආ යුගයක් තිබු බව අමතක නොකල යුතුය.කුඩු නාලිකා තවමත් මේ රටේ ජනතාවගේ මනස විකෘති කරන බව අමතක නොකල යුතුය.ඒ නිසාම අනතුර දැක දැකම අහක නොබලා ඒ පිළිබඳව ජනතාවට දැනුවත් කර තිබිම ඇගට ගුණය.

Sithwin Night Club හිමිකරු කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන යැයි සමාජගතවු වහාම එයට කුපීත වි එහේ මෙහේ දුවන්නට වුයේ තමන්ගේ දේශපාලන ජිවිතයට හානී වන නිස නොවන බව පැහැදිලිය මන්ද ලංකාවේ කසිප්පුකාරයන්ට,පස්     හොරුන්ට, කැළෑ පාලුවන්ට,ස්ත්‍රී දුෂකයන්ට ඇති මනාපය උගත්,බුද්ධිමතුන්ට නොමැති බව කිත්සිරි හොදින් දන්න නිසාය.නමුත් මේ අකාරයේ දුෂිතයන් ලංකාවේ සැගවි සිටින්නේ චීවරයට මුවාවි හෝ නැතහොත් අගාම,දම විශ්වාසය කරන ජනතාවගේ අන්ධ බක්තිය තුලය.කිත්සිරිද එවැන්නේකී

දකුණේ සුප්‍රසිද්ධ ගැටබරු දේවාලය රජ්ජු බණ්ඩාර දෙවියන් පිණිස සැදුන එකක් වන අතර ජනහිතකාමි රජ්ජු බණ්ඩාරයන් යන දකුණට අධිපති දෙවියන්ගේ නාමය තමන්ට ආරෝපනය කර ගනිමින් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩයාය ග්‍රාමසේවා වසමේ පිහිටා තිබේන කසාගල රජමහා විහාරයේ බස්නායක නිළමේවරය ලෙස කටයුතු කරනුයේද කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධනය.ඊට අමතරව බෝධිමලු රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිවරයාද වේ. කිත්සිරි දකුණට සිල් රෙද්ද පෙන්වමින් මැතිවරණයට ඉදිරිපත් විමට කටයුතු සුදානම් කරමින් සිටින අතර එයට අවශ්‍ය බලය උත්පාදනය කර ගැනිම සදහා බුද්ධශාසන අමාත්‍යාංශයේ තනතුරක් ලබාගත් බව නොරහසකි.

ඒ වෙනම කතාවකි.

අප පසුගියදා ගෝඨාට බම්බුගහන්න කියන්න…. මම එනකම් ඉන්නවා… බුද්ධශාසන සම්බන්ධ්කරණ ලේකම් තනතුරට කෙලවෙන ලකුණු! යනුවෙන් කල අනාවරණයෙන් පසුව කවුරුන් හෝ කසාගල රජමහා විහාරයේ නායක ස්වාමින්වහන්සේටද මේ සම්බන්ධයෙන් දැනුම්ක් දි තිබේන අතර ඉදිරියේදි දායක සභාව කැදවා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටද කටයුතු යොදා තිබේන බවද වාර්තා වේ.

කෙසේවෙතත් අප කල අනවරණයෙන් පසුව කිත්සිරිගේ ඇම්බැට්ටයන් තමන්ගේ Facebook වල තිබු බොහෝ දේ ඉවත් කරගෙන් තිබේන නමුත් ඒ සියල්ලම අප සතුව ඇති බවත් ඊටත් වඩා බොහෝ දෙවල්ද අප සතුව තිබේන බවත් දැනගෙන සිටිම නුවණට හුරුය.

තවත් සාක්ෂී….

Sithwin Night Club හිමිකරු කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන යැයි අපට කීමට හැකි තවත් සාක්ෂී කිහිපයක් අද යලිත් අනාවරණය කිරිමට අප සුදානම් එනම් …

Happy poya Day කියමින් පොය දවසටත් අඩියක් ගසා ආතල් එකේ සිටිම පට්ට යැයි සමාජ ජාලා අල ප්‍රසිද්ධ කරන Sithwin Night Club හී රෑට රෑට බාල් නටා ඩිල් යන නැට්ටිච්චියන් බුද්ධශාසන සංස්කෘතික,ආගමික කටයුතු පිළිබඳ අගමැති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන වැඩ භාරගත් අවස්ථාවේ පැමිණියේ ඇයි.ඔහුන් කිත්සිරි මෙන්ම ඔහුගේ බිරිද සමග එකට සිට ඡායාරූපය ගත්තේ ඇයි? කිත්සිරිට සහ මේ නැට්ටිච්චියන්ට ඇති ඥාතිකම කුමක්ද? හැකිනම් අර කියන 2.50 චණ්ඩින්ටද මේ සදහා පිලිතුරු දිය හැක.සියලුම ඡායාරූප පහතින් දක්වා ඇත.

මේ අතර ලේකම්වරයාගේ වන්දිභට්ටකම් කරන උදාර විමුක්ති පෙරේරා (Udärå Vimukthi Perera) නැමැත්තාගේ Facebook හි අත්වැරදදකින් Sithwin night club හිදි සජිවිව විකාශයක් සිදුව තිබු අතර අප එය අනාවරණය කිරිමෙන් පසුව වහාම එය ඉවත් කිරිමට කටයුතු කරනු ලැබුවේ ඇයි?

ගෝඨාට බම්බුගහන්න කියන්න…. මම එනකම් ඉන්නවා… බුද්ධශාසන සම්බන්ධ්කරණ ලේකම් තනතුරට කෙලවෙන ලකුණු! යනුවෙන් පුවත් පලවි පැය 8ක් ඇතුලත එම Link එක සමාජ ජාලාවල ව්‍යාප්ත විම වැලැක්වීමට අගමැති කාර්යාලයයේ තාක්ෂණික අංශය යොදා ගත්තේ ඇයි? (අදාළ තොරතුරු සියල්ල්ම අප විසින් Trace ඇත )

තවත් සාක්ෂි රැසක් අප සතුව ඇත.ඉදිරියේදි ඇතිවන තත්ත්වය හමුවේ එය සමාජගත කිරිම අපගේ වගකිම ලෙස අප හදුනාගෙන ඇත.

කතාව අවසන් නැත.ජනතාව ගොනාට ඇන්ද විම රාජපක්ෂලාගේ සහ ඔහුන්ගේ හෙංචයියන්ගේ සමාන්‍ය ක්‍රමයයි.ඒ නිසාම 69 ලක්ෂයක් නොවැම්බර්17 රැවටුනු බව වැටෙහෙන විට කෙලවි හමාරය. යලිත් බුද්ධශාසනයට මුවාවි කුඩු කන්ටේනර් පිටින් රටට ගෙන්වු කාලය අවශ්‍ය නැත. “බුදුසරණයි ” කියා ලොරියේ ගසා හරක් අදින එවුන් තවත් අවශ්‍ය නැත.කොටින්ම කියතහොත් බුද්ධශාසනය පෙන්වා ජාතින් අතර ගැටුම් ඇතිකිරිමට කටයුතු කරන් එවුන් අවශ්‍යම නැත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනී මේ ඔබේ අවධානයටයි.

http://lankanewsnetwork.org/archives/22825

Lanka News Web පවත්වාගෙන යෑම සදහ ඔබගේ උදවු අවශ්‍ය අවශ්‍යම මොහොතක්…

Loading…


Top